යෙදුමෙන් කියවන්න

3. සීලට‍්ඨිතිවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

3. සීලට්ඨිති වර්ගය

1-2. සීලසුත‍්තාදිවණ‍්ණනා

1-2. සීල ආදි සූත්‍ර වර්ණනා

තතියවග‍්ගස‍්ස පඨමෙ සීලානීති චතුපාරිසුද‍්ධිසීලානි. දුතියෙ උම‍්මඞ‍්ගොති පඤ‍්හමග‍්ගො පඤ‍්හගවෙසනං.

තුන්වන වර්ගයේ පළමු වැනෙහි - සීලානි = (පාතිමොක්‍ඛ සංවර, ඉන්‍ද්‍රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිස්සිත යන) චතුපාරි සුද්ධි සීලයන් උම්මග්ගො = ප්‍රඥා වේ මාර්ගය ප්‍රඥාව ගවේෂණය කිරීම.

3-5. පරිහානසුත‍්තාදිවණ‍්ණනා

3-5. පරිහාන ආදි සූත්‍ර වර්ණනා

තතියෙ පරිහානං හොතීති පුග‍්ගලවසෙන පරිහානං හොති. යො හි බුද‍්ධෙසු ධරන‍්තෙසුපි චත‍්තාරො සතිපට‍්ඨානෙ න භාවෙති, තස‍්ස සද‍්ධම‍්මො අන‍්තරහිතො නාම හොති දෙවදත‍්තාදීනං විය. ඉති ඉමස‍්මිං සුත‍්තෙ තස‍්ස පුග‍්ගලස‍්සෙව ධම‍්මන‍්තරධානං කථිතං. චතුත්‍ථපඤ‍්චමෙසු සබ‍්බං උත‍්තානමෙව.

තුන්වැන්නෙහි - පරිහානං හොති = පුද්ගල වශයෙන් පිරිහීම සිදු වෙයි. යමකු බුදුන් ජීවමාන කල්හිදු සතර සතිපට්ඨානයන් නොවඩන්නේ ද, ඔහුට සද්ධර්මය අතුරුදන් වූවාක් මෙන් වෙයි. දෙව්දත් ආදීනට මෙනි. මෙසේ මේ සූත්‍රයෙහිදී ඒ පුද්ගලයාගේම ධර්මාන්තර්ධානය කියන ලදී. සතර පස්වන කොටස්හි සියල්ල පහසු වන්නේය.

6. පදෙසසුත‍්තවණ‍්ණනා

6. පදෙස සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ පදෙසං භාවිතත‍්තාති පදෙසතො භාවිතත‍්තා. චත‍්තාරො හි මග‍්ගෙ තීණි ච ඵලානි නිබ‍්බත‍්තෙන‍්තෙන සතිපට‍්ඨානා පදෙසං භාවිතා නාම හොන‍්ති.

සය වැන්නෙහි - පදෙසං භාවිතත්තා = කොටසක් දියුණු කරන ලදී. මාර්ග සතර ද, ඵල තුනක් ද උපදවන්නහු විසින් සතිපට්ඨාන කොටසක් වඩන ලද්දේ නම් වෙයි.

7. සමත‍්තසුත‍්තවණ‍්ණනා

7. සමත්ත සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සමත‍්තං භාවිතත‍්තාති සමත‍්තා භාවිතත‍්තා. අරහත‍්තඵලං උප‍්පාදෙන‍්තෙන හි සතිපට‍්ඨානා සමත‍්තං භාවිතා නාම හොන‍්ති.

සත් වැන්නෙහි - සමත්තං භාවිතත්තා = සියල්ල වඩන ලදී. අර්හත් ඵලය උපදවන්නහු විසින් සියලු සතිපට්ඨානයන් වඩන ලද්දේ නම් වෙයි.

8-10. ලොකසුත‍්තාදිවණ‍්ණනා

8-10. ලොක ආදි සූත්‍ර වර්ණනා

අට‍්ඨමෙ මහාභිඤ‍්ඤතන‍්ති ඡන‍්නං අභිඤ‍්ඤානං වසෙන වුත‍්තං. සහස‍්සං ලොකං අභිජානාමීති සතතවිහාරවසෙනෙව වුත‍්තං. ථෙරො කිර පාතොව උට‍්ඨාය මුඛං ධොවිත්‍වා සෙනාසනෙ නිසින‍්නො අතීතෙ කප‍්පසහස‍්සං, අනාගතෙ කප‍්පසහස‍්සං අනුස‍්සරති, පච‍්චුප‍්පන‍්නෙපි සහස‍්සං චක‍්කවාළානං තස‍්සාවජ‍්ජනස‍්ස ගතිං අනුබන්‍ධති. ඉති සො දිබ‍්බෙන චක‍්ඛුනා සහස‍්සං ලොකං අභිජානාති, අයමස‍්ස සතතවිහාරො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

අට වැන්නෙහි - මහාභිඤ්ඤාණං = අභිඥා සය වශයෙන් කියන ලදී. සහස්සලොකං අභිජානාමි = නිත්‍ය විහරණය දැක්වීම වශයෙන්ම මෙය කියන ලදී. තෙරුන් වහන්සේ වනාහී උදෑසනම නැඟිට මුව දොවා සෙනසුනෙහි හුන්නේ අතීතයෙහි කල්ප දස දහසක් ද, අනාගතයෙහි කල්ප දස දහසක් ද සිහි කරයි. වර්තමානයෙහි ද සක්වල දහසක් සිතින් විමසා බලන උන්වහන්සේගේ මෙම ස්වභාවය නො කඩවා පවත්වයි. මෙසේ දිව ඇසින් ලෝක දහසක් පිළිබඳව දැන ගණියි. මෙය උන්වහන්සේගේ නිත්‍ය විහරණයයි. සෙස සියලු තන්හි පහසු අරුත් ඇත්තේමය.

සීලට‍්ඨිතිවග‍්ගො තතියො.

තුන් වන සීලට්ඨිති වර්ගය නිමි.