යෙදුමෙන් කියවන්න

සමත‍්තසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 3. 7.

3. 3. 7.

සමත‍්තසුත‍්තං

සමත්ත සූත්‍රය

1205. කණ‍්ටකීවනෙ:

1205. කණ්ටකීවනයෙහි:

අසෙඛො අසෙඛොති ආවුසො අනුරුද‍්ධ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො, අසෙඛො හොතීති: චතුන‍්නං ඛො ආවුසො, සතිපට‍්ඨානානං සමත‍්තං භාවිතත‍්තා අසෙඛො හොති. කතමෙසං චතුන‍්නං: ඉධාවුසො, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛො ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං සමත‍්තං භාවිතත‍්තා අසෙඛො හොතීති.

ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ ය අසේඛ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් අසේඛ වේ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ. කවර සතරෙක් ද? යත්: ඇවැත්නි, මෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ යි.

3. 3. 8.

3. 3. 8.

ලොකසුත‍්තං

ලෝක සූත්‍රය

1206. කණ‍්ටකීවනෙ:

1206. කණ්ටකීවනයෙහි:

කතමෙසං ආයස‍්මා අනුරුද‍්ධො ධම‍්මානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තොති? “චතුන‍්නං ඛො ආවුසො, සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තො. කතමෙසං චතුන‍්නං: ඉධාහං ආවුසො, කායෙ කායානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛො ආවුසො චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා මහාභිඤ‍්ඤතං පත‍්තො. ඉමෙසඤ‍්ච ඛො පනාහං ආවුසො, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා සහස‍්සං ලොකං අභිජානාමී”ති.

ආයුෂ්මත් අනුරුද්ධයෝ කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ (මහනුවණැති) බවට පැමිණියෝ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහනුවණැති බවට පැමිණියෙමි යි. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහනුවණැති බවට පැමිණියෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම දහසක් ලොව වෙසෙසින් දනිමි යි.