යෙදුමෙන් කියවන්න

සිරිවඩ‍්ඪසුත‍්තං

3. 3. 9.

3. 3. 9.

සිරිවඩ‍්ඪසුත‍්තං

සිරිවඩ්ඪ සූත්‍රය

1207. එකං සමයං ආයස‍්මා ආනන්‍දො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සිරිවඩ‍්ඪො ගහපති ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො සිරිවඩ‍්ඪො ගහපති අඤ‍්ඤතරං පුරිසං ආමන‍්තෙසි: “එහි ත්‍වං අම‍්භො පුරිස, යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කම, උපසඞ‍්කමිත්‍වා මම වචනෙන ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍ද, සිරිවඩ‍්ඪො භන‍්තෙ, ගහපති ආබාධිකො හොති දුක‍්ඛිතො බාළ‍්හගිලානො. සො ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍දතී”ති. එවඤ‍්ච වදෙහි: සාධු කිර භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො යෙන ච සිරිවඩ‍්ඪස‍්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ‍්කමතු අනුකම‍්පං උපාදායා”ති.

1207. එක්සමයෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි සිරිවඩ්ඨ ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය, එව. තෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙව. එළඹ “වහන්ස, සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳී” යි මා වදනින් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ පා හිසින් වඳුව, මෙසේත් කියව: වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩ්ඨ ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක් නම් මැනවැ යි.

“එවං භන‍්තෙ”ති ඛො සො පුරිසො සිරිවඩ‍්ඪස‍්ස ගහපතිස‍්ස පටිස‍්සුත්‍වා යෙනායස‍්මා ආනන්‍දො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මන‍්තං ආනන්‍දං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි. එකමන‍්තං නිසින‍්නො ඛො සො පුරිසො ආයස‍්මන‍්තං ආනන්‍දං එතදවොච: “සිරිවඩ‍්ඪො භන‍්තෙ, ගහපති ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො, සො ආයස‍්මතො ආනන්‍දස‍්ස පාදෙ සිරසා වන්‍දති. එවඤ‍්ච වදෙති: “සාධු කිර භන‍්තෙ, ආයස‍්මා ආනන්‍දො යෙන සිරිවඩ‍්ඪස‍්ස ගහපතිස‍්ස නිවෙසනං, තෙනුපසඞ‍්කමතු, අනුකම‍්පං උපාදායා”ති. අධිවාසෙසි ඛො ආයස‍්මා ආනන්‍දො තුණ‍්හීභාවෙන.

“එසේ ය හිමියනි” යි ඒ පුරිස් සිරිවඩු ගැහැවිහට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ පුරිස් ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, සිරිවඩු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ ය. දුකට පැමිණියේ ය. දැඩි සේ ගිලන් වූයේ ය. හෙතෙමේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳියි. මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩු ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක්නම් මැනවැ” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නිහඬබැවින් ඉවසූහ.

අථ ඛො ආයස‍්මා ආනන්‍දො පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය යෙන සිරිවඩ‍්ඪස‍්ස ගහපතිස‍්ස නිවෙසනං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. නිසජ‍්ජ ඛො ආයස‍්මා ආනන්‍දො සිරිවඩ‍්ඪං ගහපතිං එතදවොච: කච‍්චි තෙ ගහපති ඛමනීයං, කච‍්චි යාපනීයං, කච‍්චි දුක‍්ඛා වෙදනා පටික‍්කමන‍්ති නො අභික‍්කමන‍්ති, පටික‍්කමොසානං පඤ‍්ඤායති නො අභික‍්කමොති? න මෙ භන‍්තෙ, ඛමනීයං න යාපනීයං බාළ‍්හා මෙ දුක‍්ඛා වෙදනා අභික‍්කමන‍්ති නො පටික‍්කමන‍්ති, අභික‍්කමොසානං පඤ‍්ඤායති නො පටික‍්කමොති. තස‍්මාතිහ තෙ ගහපති, එවං සික‍්ඛිතබ‍්බං: “කායෙ කායානුපස‍්සී විහරිස‍්සාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරිස‍්සාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති”. එවං හි තෙ ගහපති, සික‍්ඛිතබ‍්බන‍්ති.

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙන සිරිවඩු ගැහැවිහුගේ නිවෙස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සිරිවඩු ගැහැවිහට මෙය වදාළහ: ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද් ද? ඔවුන්ගේ අඩු වීම පැනේ ද? වැඩි වීමෙක් නො පැනේ දැ? යි. වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැකි. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙති. අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පැනෙයි, අඩු වීමෙක් නො පැනේ යි. ගැහැවි, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: “කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නෙමි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නෙමි” යි. ගැහැවි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.

යෙ’මෙ භන‍්තෙ, භගවතා චත‍්තාරො සතිපට‍්ඨානා දෙසිතා, සංවිජ‍්ජන‍්ති තෙ ධම‍්මා මයි. අහඤ‍්ච තෙසු ධම‍්මෙසු සන්‍දිස‍්සාමි. අහං භන‍්තෙ, කායෙ කායානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරාමි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. යානි චිමානි භන‍්තෙ, භගවතා පඤ‍්චොරම‍්භාගියානි සංයොජනානි දෙසිතානි, නාහං තෙසං කිඤ‍්චි අත‍්තනි අප‍්පහීනං සමනුපස‍්සාමීති. ලාභා තෙ ගහපති, සුලද‍්ධං තෙ ගහපති, අනාගාමිඵලං තයා ගහපති, බ්‍යාකතන‍්ති.

වහන්ස, යම් මේ සිවුසීවටන්හු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු ද, ඒ දහම්හු මා කෙරෙහි ඇතියහ. මම ද ඒ දහම්හි මැනවින් දිස්වෙමි. වහන්ස, මම කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වහන්ස, යම් මේ පඤ්ච ඕරම්භාගියසංයෝජන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු නම් ඔවුනතුරෙන් ප්‍රහීණ නො වූ කිසිවක් තමා කෙරෙහි මම නො ම දකිමි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි. ගැහැවි, අනාගාමි ඵලය තොප විසින් පවසන ලදැ යි.