මානදින්නසුත්තං
3. 3. 10.
3. 3. 10.
මානදින්නසුත්තං
මානදින්න සූත්‍රය
1208. එකං සමයං ආයස්මා ආනන්දො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන මානදින්නො ගහපති ආබාධිකො හොති, දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො මානදින්නො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: -පෙ- එවරූපාය චාහං භන්තෙ, දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යානි චි’මානි භන්තෙ භගවතා පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසිතානි, නාහං භන්තෙ, තෙසං කිඤ්චි අත්තනි අප්පහීනං සමනුපස්සාමී”ති. ලාභා තෙ ගහපති, සුලද්ධං තෙ ගහපති, “අනාගාමිඵලං තයා ගහපති, බ්යාකතන්ති.”
1208. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්දකනිවාස නම් වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි මානදින්න ගැහැවි ගටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි යේ ගිලන් වූයේ වෙයි. එකල්හි මානදින්න ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය ... වහන්ස, මම මෙබඳු දුක්වේදනාවකිනුදු පහස්නා ලද්දෙම් කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනා දැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වහන්ස, යම් මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදහු නම් වහන්ස, ඔවුනතර අප්‍රහීණ කිසිවක් තමා කෙරෙහි මම නො ම දක්මි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි. ගැහැවි, තොප විසින් අනගැමිඵලය පවසන ලදැ යි.
සීලට්ඨිතිවග්ගො තතියො.
තෙවැනි සීලට්ඨිතිවර්ගය යි.
තත්රුද්දානං:
එහි සූත්‍ර නාමාවලිය:
සීලං ඨිති පරිහානං සුද්ධකං බ්රාහ්මණෙන ච පදෙසං සමත්තං ලොකො සිරිවඩ්ඪො මානදින්නොති.
සීල, ඨිති, පරිහාණ, සුද්ධක, බ්‍රාහ්මණ, පදෙස, සමත්ත, ලෝක, සිරිවඩ්ඪ, මානදින්නයි සූත්‍රාන්ත දශයෙකි යි.