යෙදුමෙන් කියවන්න

අනනුස‍්සුතසුත‍්තං

3. 4. 1.

3. 4. 1.

අනනුස‍්සුතසුත‍්තං

අනනුස්සුත සූත්‍රය

1209. සාවත්‍ථියං:

1209. සැවැත්නුවර:

අයං කායෙ කායානුපස‍්සනාති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. සා ඛො පනායං කායෙ කායානුපස‍්සනා භාවෙතබ‍්බා’ති මෙ භික‍්ඛවෙ -පෙ- භාවිතාති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. අයං වෙදනාසු වෙදනානුපස‍්සනා’ති -පෙ- අයං චිත‍්තෙ චිත‍්තානුපස‍්සනා’ති -පෙ- අයං ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා’ති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදි. සා ඛො පනායං ධම‍්මෙසු ධම‍්මානුපස‍්සනා භාවෙතබ‍්බා’ති මෙ භික‍්ඛවෙ -පෙ- භාවිතාති මෙ භික‍්ඛවෙ, පුබ‍්බෙ අනනුස‍්සුතෙසු ධම‍්මෙසු චක‍්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ‍්ඤා උදපාදි, විජ‍්ජා උදපාදි, ආලොකො උදපාදී’ති.

මහණෙනි, මේ කයෙහි කය අනුව දැක්ම ය යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ කයෙහි කය අනුව දැක්ම වැඩිය යුතු ය යි මා විසින් ... මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මේ වේදනාවන්හි වේදනා අනු ව දැක්ම යයි ... මේ සිත්හි සිත් අනුව දැක්ම යයි ... මහණෙනි, මේ දහම්හි දහම් අනුව දැක්ම යයි මා විසින් පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දහම්හි දහම් අනුව දැක්ම වැඩිය යුතු යයි මා විසින් … මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී යයි.