යෙදුමෙන් කියවන්න

විරාගසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 4. 2.

3. 4. 2.

විරාගසුත‍්තං

විරාග සූත්‍රය

1210. චත‍්තාරො මෙ භික‍්ඛවෙ, සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්ති. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තන‍්තීති.

1210. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්‍යපශමය විශිෂ්ටඥානය චතුස්සත්‍යාවබෝධය නිර්‍වාණය පිණිස පවතිත්. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්‍යපශමය විශිෂ්ටඥානය චතුස්සත්‍යාවබෝධය නිර්‍වාණය පිණිස පවතිත් යි.

3. 4. 3.

3. 4. 3.

විරද‍්ධසුත‍්තං

විරජ්ජ සූත්‍රය

1211. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, චත‍්තාරො සතිපට‍්ඨානා විරද‍්ධා විරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, චත‍්තාරො සතිපට‍්ඨානා ආරද‍්ධා, ආරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමී. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා විරද‍්ධා, විරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමී. යෙසං කෙසඤ‍්චි භික‍්ඛවෙ, ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා ආරද‍්ධා, ආරද‍්ධො තෙසං අරියො මග‍්ගො සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමීති.

1211. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු වරද්දන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග වරද්දන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග අරඹන ලද්දේ ය. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සිවුසීවටන්හු වරද්දන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග වරද්දන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග අරඹන ලද්දේ යි.

3. 4. 4.

3. 4. 4.

භාවිතසුත‍්තං

භාවිත සූත්‍රය

1212. චත‍්තාරො මෙ භික‍්ඛවෙ, සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත‍්තන‍්ති. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී -පෙ- වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො සතිපට‍්ඨානා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත‍්තන‍්තීති.

1212. මහණෙනි, මේ සතරසතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යාම පිණිස පවතිත්, කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ සතරසතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත් යි.

3. 4. 5.

3. 4. 5.

සතොසුත‍්තං

සතෝ සූත්‍රය

1213. සතො භික‍්ඛවෙ, භික‍්ඛු විහරෙය්‍ය සම‍්පජානො. අයං වො අම‍්හාකං අනුසාසනී. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සතො හොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී -පෙ- වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සතො හොති. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්පජානො හොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො විදිතා වෙදනා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. විදිතා විතක‍්කා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. විදිතා සඤ‍්ඤා උප‍්පජ‍්ජන‍්ති, විදිතා උපට‍්ඨහන‍්ති, විදිතා අබ‍්භත්‍ථං ගච‍්ඡන‍්ති. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සම‍්පජානො හොති. සතො භික‍්ඛවෙ, භික‍්ඛු විහරෙය්‍ය සම‍්පජානො. අයං වො අම‍්හාකං අනුසාසනීති.

1213. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මෙය තොපට අපගේ අනුසාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව … විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ මනා දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහට වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. විතර්‍කයෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.

3. 4. 6.

3. 4. 6.

අඤ‍්ඤාසුත‍්තං

අඤ්ඤා සූත්‍රය

1214. චත‍්තාරො මෙ භික‍්ඛවෙ, සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී -පෙ- වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ද‍්වින‍්නං ඵලානං අඤ‍්ඤතරං ඵලං පාටිකඞ‍්ඛං: “දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා”ති.

1214. මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතර සතිපට්ඨාන වැඩූ බැවින් බහුල කළ බැවින් උභය ඵලයන් ගෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු යි. දිටුදැමියෙහි රහත්බව හෝ උපාදානශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.

3. 4. 7.

3. 4. 7.

ඡන්‍දසුත‍්තං

ඡන්‍ද සූත්‍රය

1215. චත‍්තාරො මෙ භික‍්ඛවෙ, සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස කායෙ කායානුපස‍්සිනො විහරතො යො කායස‍්මිං ඡන්‍දො සො පහීයති. ඡන්‍දස‍්ස පහානා අමතං සච‍්ඡිකතං හොති. වෙදනාසු -පෙ- යො වෙදනාසු ඡන්‍දො සො පහීයති. ඡන්‍දස‍්ස පහානා අමතං සච‍්ඡිකතං හොති. චිත‍්තෙ -පෙ- යො චිත‍්තම‍්හි ඡන්‍දො සො පහීයති. ඡන්‍දස‍්ස පහානා අමතං සච‍්ඡිකතං හොති. ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සිනො විහරතො යො ධම‍්මෙසු ඡන්‍දො සො පහීයති. ඡන්‍දස‍්ස පහානා අමතං සච‍්ඡිකතං හොතීති.

1215. මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට කයෙහි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක් කරන ලද්දේ වේ. වෙදනාහි ... වේදනායෙහි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක් කරන ලද්දේ වේ. සිත්හි ... සිත්හි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක්කරන ලද්දේ වේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට දහම්හි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක්කරන ලද්දේ වේ යි.

3. 4. 8.

3. 4. 8.

පරිඤ‍්ඤාතසුත‍්තං

පරිඤ්ඤාත සූත්‍රය

1216. චත‍්තාරොමෙ භික‍්ඛවෙ, සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස කායෙ කායානුපස‍්සිනො විහරතො කායො පරිඤ‍්ඤාතො හොති. කායස‍්ස පරිඤ‍්ඤාතත‍්තා අමතං සච‍්ඡිකතං හොති. වෙදනාසු -පෙ- වෙදනා පරිඤ‍්ඤාතා හොන‍්ති. වෙදනානං පරිඤ‍්ඤාතත‍්තා අමතං සච‍්ඡිකතං හොති. චිත‍්තෙ -පෙ- චිත‍්තං පරිඤ‍්ඤාතං හොති. චිත‍්තස‍්ස පරිඤ‍්ඤාතත‍්තා අමතං සච‍්ඡිකතං හොති. ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. තස‍්ස ධම‍්මෙසු ධම‍්මානුපස‍්සිනො විහරතො ධම‍්මා පරිඤ‍්ඤාතා හොන‍්ති. ධම‍්මානං පරිඤ‍්ඤාතත‍්තා අමතං සච‍්ඡිකතං හොතීති.

1216. මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහු විසින් කය පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. කය පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. වේදනාහි ... වේදනාව පිරිසිඳ දන්නා ලද්දී වේ. වේදනාව පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. සිත්හි ... සිත පිරිසිඳ දන්නා ලද්දේ වේ. සිත පිරිසිඳ දත් බැවින් නිවන පසක්කරන ලද්දේ වේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහු විසින් දහම්හු පිරිසිඳ දන්නා ලද්දාහු වෙති. දහම් පිරිසිඳ දත් බැවින් නිවන පසක්කරන ලද්දේ වේ යි.

3. 4. 9.

3. 4. 9.

භාවනාසුත‍්තං

භාවනා සූත්‍රය

1217. චතුන‍්නං භික‍්ඛවෙ, සතිපට‍්ඨානානං භාවනං දෙසිස‍්සාමි. තං සුණාථ. කතමා ච භික‍්ඛවෙ, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනා: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. අයං ඛො භික‍්ඛවෙ, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනාති.

1217. මහණෙනි, සිවු සීවටන් වැඩීම දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සිවු සීවටන් වැඩීම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන් වැඩීම යි.