විභඞ්ගසුත්තං
3. 4. 10.
3. 4. 10.
විභඞ්ගසුත්තං
විභඞ්ග සූත්රය
1218. සතිපට්ඨානඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සතිපට්ඨානභාවනඤ්ච සතිපට්ඨානභාවනාගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, සතිපට්ඨානං: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉදං වුච්චති භික්ඛවෙ, සතිපට්ඨානං.
1218. මහණෙනි, සතිපට්ඨානයත් සතිපට්ඨාන වැඩීමත් සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙතත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සතිපට්ඨාන කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතිපට්ඨාන යයි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, සතිපට්ඨානභාවනා: ඉධ භික්ඛවෙ, භික්ඛු සමුදයධම්මානුපස්සී කායස්මිං විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වයධම්මානුපස්සී කායස්මිං විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සමුදයවයධම්මානුපස්සී කායස්මිං විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සමුදයධම්මානුපස්සී වෙදනාසු විහරති -පෙ- සමුදයවයධම්මානුපස්සී වෙදනාසු විහරති -පෙ- සමුදයධම්මානුපස්සී චිත්තස්මිං
මහණෙනි, සතිපට්ඨාන වැඩීම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි හටගැනුම් ස්වභාවය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි වැනසුම් සැහැවි පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවන්හි හටගැනුම් ස්වභාවය අනුව දක්නාසුලු ව ... වෙසේ. වේදනාවන්හි වැනසුම් ස්වභාවය අනු ව දක්නාසුලු ව ... වෙසේ. වේදනාවන්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය අනුව දක්නාසුලු ව ... වෙසේ ... සිත්හි හටගැනුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව ...
විහරති -පෙ- වයධම්මානුපස්සී චිත්තස්මිං විහරති -පෙ- සමුදයවයධම්මානුපස්සී චිත්තස්මිං විහරති -පෙ- සමුදයධම්මානුපස්සී ධම්මෙසු විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වයධම්මානුපස්සී ධම්මෙසු විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සමුදයවයධම්මානුපස්සී ධම්මෙසු විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ, සතිපට්ඨානභාවනා.
වෙසේ. සිත්හි වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව ... වෙසේ. සිත්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව වෙසේ. දහම්හි හටගැනුම් ස්වභාවය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි වැනසුම් ස්වභාවය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතිපට්ඨාන වැඩීමය යි කියනු ලැබේ.
කතමා ච භික්ඛවෙ, සතිපට්ඨානභාවනාගාමිනී පටිපදා: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සතිපට්ඨානභාවනාගාමිනී පටිපදාති.
මහණෙනි, සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙත කවරේද යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
අනනුස්සුතවග්ගො චතුත්ථො.
සිවුවැනි අනනුස්සුතවර්ගය යි.
තත්රුද්දානං:
එහි සූත්රනාමාවලිය:
අනනුස්සුතං විරාගො ච විරද්ධං භාවිතො සතො අඤ්ඤා ච ඡන්දො පරිඤ්ඤාතො භාවනා විභඞ්ගෙන චාති.
අනනුස්සුත, විරාග, විරද්ධ, භාවිත, සතෝ, අඤ්ඤා, ඡන්ද, පරිඤ්ඤාත, භාවනා යන සූත්ර නවය විභඞ්ග සූත්රයෙන් දසයෙක් වේ යි.