යෙදුමෙන් කියවන්න

අමතසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 5. 1.

3. 5. 1.

අමතසුත‍්තං

අමත සූත්‍රය

1219. චතූසු භික‍්ඛවෙ, සතිපට‍්ඨානෙසු සුපට‍්ඨිතචිත‍්තා විහරථ. මා වො අමතං පනස‍්ස. කතමෙසු චතූසු: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසු භික‍්ඛවෙ, චතූසු සතිපට‍්ඨානෙසු සුපට‍්ඨිතචිත‍්තා විහරථ. මා වො අමතං පනස‍්සාති.

1219. මහණෙනි, සිවු සීවටන්හි එළඹ සිටි සිත් ඇති ව වෙසෙවු. තොපට නිවන නො නැසේවා. කවර සිවු සීවටන්හි ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ සිවු සීවටන්හි එළඹ සිටි සිත් ඇති ව වෙසෙවු. තොපට නිවන නො නැසේවා යි.

3. 5. 2.

3. 5. 2.

සමුදයසුත‍්තං

සමුදය සූත්‍රය

1220. සාවත්‍ථියං:

1220. සැවැත්නුවර:

චතුන‍්නං භික‍්ඛවෙ, සතිපට‍්ඨානානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච දෙසිස‍්සාමි. තං සුණාථ. කො ච භික‍්ඛවෙ, කායස‍්ස සමුදයො. ආහාරසමුදයා කායස‍්ස සමුදයො, ආහාරනිරොධා කායස‍්ස අත්‍ථගමො. ඵස‍්සසමුදයා වෙදනානං සමුදයො. ඵස‍්සනිරොධා වෙදනානං අත්‍ථගමො. නාමරූපසමුදයා චිත‍්තස‍්ස සමුදයො. නාමරූපනිරොධා චිත‍්තස‍්ස අත්‍ථගමො. මනසිකාරසමුදයා ධම‍්මානං සමුදයො. මනසිකාරනිරොධා ධම‍්මානං අත්‍ථගමොති.

මහණෙනි, සිවුසීවටන් හි සමුදයත් අත්‍ථගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කයෙහි සමුදය කිමෙක් ද යත්: ආහාරසමුදයයෙන් කයෙහි හට ගැනීම වේ, ආහාරනිරෝධයෙන් කයෙහි අස්තඞ්ගමය වේ. ඵස්ස සමුදයයෙන් වේදනාවන්ගේ හට ගැනීම වේ. ඵස්ස නිරෝධයෙන් වේදනාවන්ගේ අස්තඞ්ගමය වේ. නාමරූපසමුදයයෙන් සිතේහටගැනීම වේ. නාමරූපනිරෝධයෙන් සිතේ අස්තඞ්ගමය වේ. මනසිකාරසමුදයයෙන් ධර්‍මයන්ගේ හටගැනීම වේ. මනසිකාරනිරෝධයෙන් ධර්‍මයන්ගේ අස්තඞ්ගමය වේ යි.