5. අමතවග්ගො අට්ඨකථා
5. අමත වර්ගය
2. සමුදයසුත්තවණ්ණනා
2. සමුදය සූත්ර වර්ණනාව
පඤ්චමවග්ගස්ස දුතියෙ ආහාරසමුදයා කායස්ස සමුදයොති ආහාරසමුදයෙන කායසමුදයො. එසෙව නයො සෙසෙසු. මනසිකාරසමුදයාති එත්ථ පන යොනිසොමනසිකාරසමුදයා බොජ්ඣඞ්ගධම්මානං සමුදයො, අයොනිසොමනසිකාරසමුදයා නීවරණධම්මානං. ඉති ඉමස්මිං සුත්තෙ සාරම්මණසතිපට්ඨානා කථිතා.
පස්වන වර්ගයේ දෙවැන්නෙහි - ආහාර සමුද්දයා කාය සමුද්දයො - ආහාරයේ හේතුවෙන් කය හටගනී. සෙසු තන්හි ද මේ පිළිවෙළම වේ. මනසිකාර සමුදයා = මෙහිදී නුවණින් මෙනෙහි කිරීමේ (යොනිසො මනසිකාර) හේතුවෙන් බොජ්ඣඞ්ග ධර්මයන්ගේ හට ගැනීමද නුවණින් මෙනෙහි නො කිරීමේ හේතුවෙන් නීවරණ ධර්මයන්ගේ හට ගැනීම ද සිදුවෙයි. යනුවෙන් මෙසේ මේ සූත්රයෙහි අරමුණු පිළිබඳව සිහිය පැවැත්වීම් (ආරම්මණ සතිපට්ඨාන) ගැන කියන ලදී.
4. සතොසුත්තවණ්ණනා
4. සතො සූත්ර වර්ණනාව
චතුත්ථං සුද්ධිකං කත්වා සමුදයෙ කථිතෙ බුජ්ඣනකානං අජ්ඣාසයෙන වුත්තං.
සිවු වැන්නෙහි - පිරිසිදු කොට හට ගැනීම (සමුදය) ගැන කියනු ලැබීමේදී අවබෝධ කරගන්නවුන්ගේ අදහසින් කියන ලදී.
6. පාතිමොක්ඛසුත්තවණ්ණනා
6. පාතිමොක්ඛ සූත්ර වර්ණනාව
ඡට්ඨෙ පාතිමොක්ඛසංවරසංවුතොති චතුන්නං සීලානං ජෙට්ඨකසීලං දස්සෙන්තො එවමාහ. තිපිටකචූළනාගත්ථෙරො පනාහ – “පාතිමොක්ඛසංවරොව සීලං, ඉතරානි තීණි සීලන්ති වුත්තට්ඨානං නාම නත්ථී”ති. වත්වා තං අනුජානන්තො ආහ – “ඉන්ද්රියසංවරො නාම ඡද්වාරරක්ඛණමත්තමෙව, ආජීවපාරිසුද්ධි ධම්මෙනෙව සමෙන පච්චයුප්පත්තිමත්තකං, පච්චයසන්නිස්සිතං පටිලද්ධපච්චයෙ ඉදමත්ථන්ති පච්චවෙක්ඛිත්වා පරිභුඤ්ජනමත්තකං. නිප්පරියායෙන පාතිමොක්ඛසංවරොව සීලං. යස්ස සො භින්නො, අයං ඡින්නසීසො විය පුරිසො හත්ථපාදෙ, සෙසානි රක්ඛිස්සතීති න වත්තබ්බො. යස්ස පන සො අරොගො, අයං අච්ඡින්නසීසො විය පුරිසො ජීවිතං, සෙසානි පුන පාකතිකානි කත්වා රක්ඛිතුම්පි සක්කොතී”ති. තස්මා පාතිමොක්ඛසංවරොව සීලං, තෙන පාතිමොක්ඛසංවරෙන සංවුතොති පාතිමොක්ඛසංවරසංවුතො, උපෙතො සමන්නාගතොති අත්ථො.
සය වැන්නෙහි - පාතිමොක්ඛ සංවර සංවුතො = සතර (සංවර) සීලයන්ගේ ප්රධාන සීලය දක්වමින් මෙසේ කීය. ත්රිපිටක චූළනාග ස්ථවිර තෙමේ “ප්රාතිමෝක්ෂ සංවරය පමණක්ම සීලයයයි ද, (ඉන්ද්රිය සංවර, ආජීව පාරිසුද්ධි, පච්චය සන්නිස්සිත යන) ඉතිරි තුන “සීල” යනුවෙන් කියන ලද තැනක් නම් නැත්තේ යයි ද කීය. එසේ කියා (ඒ තුන සීලයන්ය යන බව) අනුමත නොකරමින්ම (මෙසේ) කීය. ඉන්ද්රිය සංවරය යනු දොරටු සය රැක ගැනීම පමණක්මය, ආජීව පාරිසුද්ධිය යනු ධාර්මිකවම සිවු පසය උපදවා ගැනීම පමණක්මය. ප්රත්ය සන්නිශ්රිතය යනු ලැබුණ ප්රත්යයන්හි ප්රයෝජනය මේ යයි නුවණින් සලකා බලා පරිභෝග කිරීම පමණක්මය. වෙනත් සීලයන් හා සමාන බවකින් තොරව ප්රාතිමෝක්ෂ සංවරයම පමණක් සීලය වෙයි. යමකුගේ ඒ සීලය බිඳුනේ නම් හිස සිඳුනාක් වැනි මේ පුරුෂයා සෙසු අත් පා රැකගනු ඇතැයි කිව යුත්තේ නොවේ. යමකුගේ හිස නීරෝගීව පවතී ද, නො සිඳුණ හිස ඇති මේ පුරුෂයා සෙසු දෙය ද ප්රකෘති තත්ත්වයට පත් කොට ජීවිතය ආරක්ෂා කර ගැනීමට ද සමත් වේ. ඒ නිසා ප්රාතිමෝක්ෂ සංවරයම සීලය වෙයි. එබැවින් ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවර කරන ලද්දේය යන අදහසින් “පාතිමොක්ඛ සංවර සංවුතො” යයි කියනු ලැබේ. (සීලයට) පැමිණියේය, (සීලයෙන්) යුක්ත වූයේය” යන අර්ථය වේ.
ආචාරගොචරසම්පන්නොති ආචාරෙන ච ගොචරෙන ච සම්පන්නො. අණුමත්තෙසූති අප්පමත්තකෙසු. වජ්ජෙසූති අකුසලධම්මෙසු. භයදස්සාවීති භයදස්සී. සමාදායාති සම්මා ආදියිත්වා. සික්ඛස්සු සික්ඛාපදෙසූති සික්ඛාපදෙසු තං තං සික්ඛාපදං සමාදියිත්වා සික්ඛ, යං යං පන කිඤ්චි සික්ඛාපදෙසු සික්ඛාකොට්ඨාසෙසු සික්ඛිතබ්බං කායිකං වා වාචසිකං වා, තං තං සබ්බං සම්මා ආදාය සික්ඛස්සූති අයමෙත්ථ සඞ්ඛෙපත්ථො. විත්ථාරො පන විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.14) වුත්තො. ඉති ඉමස්මිං සුත්තෙ පාතිමොක්ඛසංවරසීලමෙව කථිතං.
ආචාර ගොචර සමපන්නො = හැසිරීමෙන් ද, පුරුදු කාර්යයන්හි යෙදීමෙන් ද සමෘද්ධ වූයේ. අණුමත්තෙසු = ඉතා සුලු ප්රමාණයන්හි වජ්ජෙසු = අකුසල් දහම්හි භය දස්සාවී = බිය දකින්නේ සමාදාය = මනාව රැගෙන = සික්ඛස්සු සික්ඛා පදෙසු = ශික්ෂා පදයන් හි ඒ ඒ ශික්ෂා පදය සමාදන් වී, යම් කිසි ශික්ෂාපදයන්හි ශික්ෂා කොට්ඨාශයන්හි ශික්ෂණය ලැබිය යුතු වේ. කායික වූ හෝ වාචසික වූ ඒ සියල්ල සමාදන් වී හික්මෙනු යන මෙය මෙහි සංක්ෂේප හැඳින්වීමයි. විස්තරය වනාහී විශුද්ධි මාර්ගයෙහි කියන ලදී. මෙසේ මේ සූත්රයෙහි දී ප්රාතිමෝක්ෂ සංවර සීලයට කියන ලදී.
7. දුච්චරිතසුත්තවණ්ණනා
7. දුච්චරිත සූත්ර වර්ණනාව
සත්තමෙ කායසුචරිතවචීසුචරිතානි පාතිමොක්ඛසංවරසීලං, මනොසුචරිතං ඉතරානි තීණි සීලානීති චතුපාරිසුද්ධිසීලං කථිතං හොති. ඉමිනා නයෙන පඤ්චසත්තනවදසසු කුසලකම්මපථෙසු පච්ඡිමාපි තයො සීලං හොතීති වෙදිතබ්බා. සෙසං උත්තානමෙවාති. ඡට්ඨසත්තමෙසු හෙට්ඨා වුත්තනයෙනෙව අත්ථො වෙදිතබ්බො.
සත්වැන්නෙහි - කාය සුචරිත වචී සුචරිතයන් ප්රාතිමෝක්ෂ සංවර සීලයයි. මනෝ සුචරිතය ඉතිරි සිල් තුනයි. මෙසේ චතුපාරිශුද්ධි ශීලය කියන ලද්දේ වෙයි. මේ පිළිවෙළින් “පපඤ්ච සුත්ත” යෙහි නවවැදෑරුම් කුශල කර්ම පථයන්හි අවසන් පථ තුන “සීලය” වේයයි දත යුතුය. සෙස පහසුවන්නේමය.
අමතවග්ගො පඤ්චමො.
පස්වන අමත වර්ගය නිමි.
සතිපට්ඨානසංයුත්තවණ්ණනා නිට්ඨිතා.
සතිපට්ඨාන සංයුත්තය සමාප්තයි.