1. සුද්ධකවග්ගො අට්ඨකථා
1. සුද්ධික වර්ගය
1. සුද්ධකසුත්තවණ්ණනා
1. සුද්ධික සූත්‍ර වර්ණනාව
ඉන්ද්රියසංයුත්තස්ස පඨමෙ සද්ධින්ද්රියං සතින්ද්රියං පඤ්ඤින්ද්රියන්ති ඉමානි තීණි චතුභූමකකුසලවිපාකෙසු චෙව කිරියාසු ච ලබ්භන්ති. වීරියින්ද්රියසමාධින්ද්රියානි චතුභූමකකුසලෙ අකුසලෙ විපාකෙ කිරියායාති සබ්බත්ථ ලබ්භන්ති. ඉති ඉදං සුත්තං චතුභූමකසබ්බසඞ්ගාහකධම්මපරිච්ඡෙදවසෙන වුත්තන්ති වෙදිතබ්බං.
ඉන්ද්රිය සංයුත්තයේ පළමුවැන්නෙහි - සද්ධින්ද්රියං සතින්ද්රියං පඤ්ඤින්ද්රියං = මේ තුන චාතුර්භූමික කුසල විපාකයන්හිදී ද, ක්රියාවන්හිදී ද ලැබේ. විරිය ඉන්ද්රිය, සමාධි ඉන්ද්රිය යන මේවා චාතුර්භූමික කුසල්හිදී ද, අකුසල විපාකයෙහිදී ද, ක්රියාවෙහිදීද යන සියලු තැන්හිදී ලැබේ. මෙසේ මේ සූත්‍රය චාතුර්භූමික වූ සියල්ල සංග්‍රහ කෙරෙන ධර්ම කොට්ඨාශයක් වශයෙන් කියන ලද්දේයයි දත යුතුය.
7. දුතිය සමණසුත්තවණ්ණනා
7. දුතිය සමණ සූත්‍ර වර්ණනාව
සත්තමෙ සද්ධින්ද්රියං නප්පජානන්තීති දුක්ඛසච්චවසෙන න පජානන්ති. සද්ධින්ද්රියසමුදයං නප්පජානන්තීති සමුදයසච්චවසෙන න පජානන්ති. එවං නිරොධං නිරොධසච්චවසෙන, පටිපදං මග්ගසච්චවසෙනාති. සෙසෙසුපි එසෙව නයො.
සත්වැන්නෙහි - සද්ධින්ද්රියං නප්පජානන්ති = සමුදය සත්‍යය වශයෙන් ද, මෙසේම නිරෝධය නිරෝධ සත්‍යය වශයෙන් ද, ප්‍රතිපදාව මාර්ග සත්‍යය වශයෙන් ද නො දනියි. සෙස්සෙහි ද මේ පිළිවෙළ ම වේ.
සුක්කපක්ඛෙ පන අධිමොක්ඛවසෙන ආවජ්ජනසමුදයා සද්ධින්ද්රියසමුදයො හොති, පග්ගහවසෙන ආවජ්ජනසමුදයා වීරියින්ද්රියසමුදයො, උපට්ඨානවසෙන ආවජ්ජනසමුදයා සතින්ද්රියසමුදයො, අවික්ඛෙපවසෙන ආවජ්ජනසමුදයා සමාධින්ද්රියසමුදයො, දස්සනවසෙන ආවජ්ජනසමුදයා පඤ්ඤින්ද්රියසමුදයො හොති. තථා ඡන්දවසෙන ආවජ්ජනසමුදයා සද්ධින්ද්රියසමුදයො හොති, ඡන්දවසෙන ආවජ්ජනසමුදයා වීරියසතිසමාධිපඤ්ඤින්ද්රියසමුදයො හොති. මනසිකාරවසෙන ආවජ්ජනසමුදයා සද්ධින්ද්රියසමුදයො හොති. මනසිකාරවසෙන ආවජ්ජනසමුදයා වීරියසතිසමාධිපඤ්ඤින්ද්රියසමුදයො හොතීති එවම්පි අත්ථො වෙදිතබ්බො. ඉමෙසු පටිපාටියා ඡසු සුත්තෙසු චතුසච්චමෙව කථිතං.
ශුක්ල පක්ෂයෙහි වනාහී නිශ්චය වශයෙන් ම මෙනෙහි කිරීමේ හේතුවෙන් ශ්‍රද්ධා ඉන්ද්රියයේ හටගැන්ම සිදුවෙයි. උත්සාහ කිරීම් වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් වීර්ය ඉන්ද්රියයේ හට ගැන්ම සිදු වෙයි. වටහා ගැනීම් වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් සති ඉන්ද්රියයේ හට ගැනීම සිදු වෙයි. වික්ෂිප්ත නොවීම් වශයෙන් මෙනෙහි කිරිමේ හේතුවෙන් සමාධි ඉන්ද්රියයේ හට ගැනීම සිදු වෙයි. දර්ශන වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් ප්‍රඥා ඉන්ද්රියයේ හට ගැනීම සිදු වෙයි. එසේ ම ඡන්ද වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් ශ්‍රද්ධා ඉන්ද්රියයේ හට ගැනීම සිදුවෙයි. ඡන්ද වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් විරිය සති සමාධි පඤ්ඤා ඉන්ද්රියයන්ගේ හට ගැනීම සිදු වෙයි. මනසිකාර වශයෙන් මෙනෙහි කිරීමේ හේතුවෙන් විරිය සති සමාධි පඤ්ඤා ඉන්ද්රියයන්ගේ හට ගැනීම සිදු වෙයි යනුවෙන් මේ අයුරින් ද අර්ථ දැක්විය යුතු වේ. පිළිවෙළින් මේ සූත්‍ර සතෙහිදී චතුරාර්ය සත්‍යය ම කියන ලදී.
8. දට්ඨබ්බසුත්තවණ්ණනා
8. දට්ඨබ්බ සූත්‍ර වර්ණනාව
අට්ඨමෙ කත්ථ ච, භික්ඛවෙ, සද්ධින්ද්රියං දට්ඨබ්බං, චතූසු සොතාපත්තියඞ්ගෙසූතිආදි ඉමෙසං ඉන්ද්රියානං සවිසයෙ ජෙට්ඨකභාවදස්සනත්ථං වුත්තං. යථා හි චත්තාරො සෙට්ඨිපුත්තා රාජාති රාජපඤ්චමෙසු සහායෙසු “නක්ඛත්තං කීළිස්සාමා”ති වීථිං ඔතිණ්ණෙසු එකස්ස සෙට්ඨිපුත්තස්ස ගෙහං ගතකාලෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව – “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්ධමාලාලඞ්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති. දුතියස්ස, තතියස්ස, චතුත්ථස්ස ගෙහං ගතකාලෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව – “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්ධමාලාලඞ්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති. අථ සබ්බපච්ඡා රඤ්ඤො ගෙහං ගතකාලෙ කිඤ්චාපි රාජා සබ්බත්ථ ඉස්සරො, ඉමස්මිං පන කාලෙ අත්තනො ගෙහෙයෙව – “ඉමෙසං ඛාදනීයං භොජනීයං දෙථ, ගන්ධමාලාලඞ්කාරාදීනි දෙථා”ති ගෙහෙ විචාරෙති.
අට වැන්නෙහි - කතඤ්ච භික්ඛවෙ සද්ධින්ද්රියං දට්ඨබ්බං චතුසු සොතාපත්තියඞ්ගෙසු = මේ ඉන්ද්රියයන්ගේ විෂයයෙහි ජ්‍යෙෂ්ඨ භාවය දැක්වීම සඳහා කියන ලදී. යම් සේ වනාහී සිටු පුතුන් සිවු දෙනකු ද, රජු ද යන වශයෙන් මිතුරන් පස් දෙනකු නැකැත් කෙළියෙහි යෙදෙමුයි වීථියට බට කල්හි එක් සිටු පුතකුගේ නිවසට ගිය විට ඉතිරි සිවු දෙනා නිහඬව සිටිත් ද, එකල්හි ගෘහ ස්වාමියා ද මේ අයට කන බොන දේ දෙන්න, සුවඳ මල් සැරසිලි ආදිය දෙන්න යනුවෙන් නිවැසියන් හට විධාන කරයි. දෙවැන්නාගේ ද තෙවැන්නාගේ ද, සිවුවැන්නාගේ ද නිවාසවලට ගිය කල්හි ඉතිරි සිවු දෙනා නිහඬව සිටිත් ගෘහ ස්වාමියා ද මේ අයට කන බොන දේ දෙන්න, සුවඳ මල් සැරසිලි ආදිය දෙන්න යනුවෙන් නිවැසියන් හට විධාන කරයි. ඉක්බිති හැමට අධිපති රජතුමා පසුව මාලිගයට ගිය විට තම නිවසෙහිදීම මේ අයට කන බොන දේ දෙන්න, සුවඳමල් සැරසිලි ආදිය දෙන්න යනුවෙන් නිවැසියන් හට විධාන කරයි.
එවමෙව සද්ධාපඤ්චමකෙසු ඉන්ද්රියෙසු තෙසු සහායෙසු එකතො වීථිං ඔතරන්තෙසු විය එකාරම්මණෙ උප්පජ්ජමානෙසුපි යථා පඨමස්ස ගෙහෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සොතාපත්තියඞ්ගානි පත්වා අධිමොක්ඛලක්ඛණං සද්ධින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති. යථා දුතියස්ස ගෙහෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සම්මප්පධානානි පත්වා පග්ගහලක්ඛණං වීරියින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති. යථා තතියස්ස ගෙහෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං සතිපට්ඨානානි පත්වා උපට්ඨානලක්ඛණං සතින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති. යථා චතුත්ථස්ස ගෙහෙ ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, ගෙහසාමිකොව විචාරෙති, එවං ඣානවිමොක්ඛෙ පත්වා අවික්ඛෙපලක්ඛණං සමාධින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්ති. සබ්බපච්ඡා රඤ්ඤො ගෙහං ගතකාලෙ පන යථා ඉතරෙ චත්තාරො තුණ්හී නිසීදන්ති, රාජාව ගෙහෙ විචාරෙති, එවමෙව අරියසච්චානි පත්වා පජානනලක්ඛණං පඤ්ඤින්ද්රියමෙව ජෙට්ඨකං හොති පුබ්බඞ්ගමං, සෙසානි තදන්වයානි හොන්තීති.
මෙසේම ශ්‍රද්ධාව පංචම කොට ඇති ඉන්ද්රියයන් ඔවුනොවුන් එක්ව වීථියට බසින කලෙක්හි මෙන්, එක් අරමුණක් උපදනා කල්හි දු, යම්සේ පළමු වැන්නාගේ ගෙහි දී ඉතිරි සිවු දෙනා නිහඬව හිඳිත් ද, එකල්හි ගෘහ ස්වාමියා ම විධාන කරයි ද, මෙසේ සෝවාන් අංගයට පැමිණිමේ නිශ්චිත ලක්ෂණ සහිත වූ සද්ධින්ද්රියම ජ්‍යෙෂ්ඨ වෙයි, පූර්වාංගම වෙයි. සෙස්ස එයට අනුව පවතී. යම්සේ දෙවැන්නාගේ නිවසෙහිදී ඉතිරි සිවු දෙනා නිහඬව හිඳිත්ද, එකල්හි ගෘහ ස්වාමියාම විධාන දෙයි. මෙසේ කෙලෙස් තවන වීර්යයට පැමිණියේ දැඩි උත්සාහ සහිත ලක්ෂණ ඇති විරියින්ද්රියයම ජ්‍යෙෂ්ඨ වෙයි. පූර්වාංගම වෙයි: සෙස්ස එයට අනුව පවතී. යම්සේ තුන් වැන්නාගේ නිවසෙහිදී සෙස්සන් නිහඬව සිටිත් ද, එකල්හි ගෘහස්වාමියාම විධාන දෙයි. මෙසේ සතිපට්ඨානයට පැමිණියේ වැටහීම් ලක්ෂණ සහිත සතින්ද්රියයම ජ්‍යෙෂ්ඨ වෙයි: පුර්වාංගම වෙයි: සෙස්ස එයට අනුව පවතී. යම් සේ සිවු වැන්නාගේ නිවසෙහිදී ඉතිරි සිවු දෙනා නිහඬව හිදිත් ද, එකල්හි ගෘහ ස්වාමියාම විධාන දෙයි. මෙසේ ධ්‍යානය මුල් කොට ඇති විමෝක්ෂයට පැමිණියේ චංචල නොවීමේ ලක්ෂණ සහිත සමාධි ඉන්ද්රියයම ජ්‍යෙෂ්ඨ වෙයි : පුර්වාංගම වෙයි. සෙස්ස එයට අනුව පවතී. හැමට පසුව රජ ගෙදරට ගියවිට යම්සේ ඉතිරි සතර දෙනා නිහඬව සිටිත් ද, එකල්හි රජතුමා ම නිවසෙහි විධාන දෙයි. මෙසේ ආර්ය සත්යයනට පැමිණියේ විශේෂ දැනීම් ලක්ෂණ සහිත ප්‍රඥා ඉන්ද්රියයම ජ්‍යෙෂ්ඨ වෙයි, පූර්වාංගම වෙයි, සෙස්ස එයට අනුව පවතී.
9. විභඞ්ගසුත්තවණ්ණනා
9. විභඞ්ග සූත්‍ර වර්ණනාව
නවමෙ සතිනෙපක්කෙනාති එත්ථ නිපකස්ස භාවො නෙපක්කං, පඤ්ඤායෙතං නාමං. කස්මා පන සතිභාජනෙ පඤ්ඤා වුත්තාති? සතියා බලවභාවදස්සනත්ථං. බලවසති හි ඉධ අධිප්පෙතා. සා ච පඤ්ඤාසම්පයුත්තාව බලවතී හොති, න විප්පයුත්තාති පඤ්ඤාසම්පයුත්තසතිං දස්සෙන්තො එවමාහ. චිරකතන්ති චිරකාලං කතං දානං වා සීලං වා උපොසථකම්මං වා. චිරභාසිතන්ති “අසුකස්මිං ඨානෙ අසුකං නාම භාසිත”න්ති එවං චිරකාලෙ භාසිතං. වොස්සග්ගාරම්මණං කත්වාති නිබ්බානාරම්මණං කත්වා. උදයත්ථගාමිනියාති උදයඤ්ච අත්ථඤ්ච ගච්ඡන්තියා, උදයබ්බයපරිග්ගහිකායාති අත්ථො. ඉමස්මිං සුත්තෙ සද්ධාසතිපඤ්ඤින්ද්රියානි පුබ්බභාගානි, වීරියින්ද්‍රියං මිස්සකං, සමාධින්ද්රියං නිබ්බත්තිතලොකුත්තරමෙව කථිතං. දසමෙපි අයමෙව ධම්මපරිච්ඡෙදොති.
නව වැන්නෙහි - සති නෙපක්කෙන = මෙහි බුද්ධිමත් බව (නිපක භාවය) නෙපක්ක නම් වේ. මෙය ප්‍රඥාවට නමකි. කුමක් හෙයින් වනාහී සතිය (සිහිය) බෙදා දැක්වීමේදී ප්‍රඥාව යයි කියන ලද්දේද යත් - සිහියෙහි බලවත් බව දැක්වීම පිණිසය. බලවත් සිහියම මෙහිදී අදහස් වේ. එය ද ප්‍රඥාව මුල් කොට ගත් බලවත් ස්වභාවයක් වේ. ප්‍රඥාවෙන් වෙන් වූවක් නොවේ. ප්‍රඥාව මුල් කොට ගත් සිහිය දක්වමින් මෙසේ කීය. චිර කතං = දිගු කලක් තුළ කරන ලද දන්දීම හෝ සිල් රැකීම හෝ පොහෝ දින පෙහෙවස් රැකීම හෝ වේ. චිරභාසිතං = අසවල් තැනෙහිදී මා විසින් අසවල් නම් දෙය කියන ලද්දේ යයි යනුවෙන් මෙසේ දිගු කලක් තුළ කියන ලද දෙය වොස්සග්ගාරම්මණං කරිත්ථා = නිවන අරමුණු කොට උදයත්ථ ගාමිණියා = උදාවීමට ද අස්තවීමට ද යන්නා වූ ඇති වීම හා නැතිවීම යන ස්වභාවයන් ග්‍රහණය කර ගැනීම පිණිසය යන අර්ථයයි. මේ සූත්‍රයෙහිදී ශ්‍රද්ධා සති ප්‍රඥා එක් වූ සමාධි ඉන්ද්රියය ඉපදවූ ලෝකෝත්තර ස්වභාවයම කියන ලදී. දස වැන්නෙහි ද මෙම දහම් බෙදීමම පවතී.
සුද්ධිකවග්ගො පඨමො.
පළමු වන සද්ධින්ද්රිය වග්ගය නිමි.