යෙදුමෙන් කියවන්න

විභඞ‍්ගසුත‍්තං

4. 1. 9.

4. 1. 9.

විභඞ‍්ගසුත‍්තං

විභඞ්ග සූත්‍රය

1693. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, සද‍්ධින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො සද‍්ධො හොති, සද‍්දහති තථාගතස‍්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං සම‍්මාසම‍්බුද‍්ධො විජ‍්ජාචරණසම‍්පන‍්නො සුගතො ලොකවිදූ අනුත‍්තරො පුරිසදම‍්මසාරථි සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සද‍්ධින්‍ද්‍රියං.

1693. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැ ඇත්තේ වේ, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ. සම්මාසම්බුද්ධහ. විජ්ජාචරණ සම්පන්නහ. සුගත්හ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථිහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ. බුද්ධහ. භගවත්හ” යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහ යි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රියයි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, විරියින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො ආරද‍්ධවිරියො විහරති, අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, විරියින්‍ද්‍රියං.

මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස්කිරීම පිණිස පිරිපුන් වැර ඇත්තේ කුසල්දහම්හි තිර වැර ඇත්තේ දැඩි පැරකුම් ඇත්තේ නො බහා තැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මේ විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, සතින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සතින්‍ද්‍රියං.

මහණෙනි, සතින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනු යේ වෙයි. මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, සමාධින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො වොස‍්සග‍්ගාරම‍්මණං කරිත්‍වා ලභති සමාධිං, ලභති චිත‍්තස‍්ස එකග‍්ගතං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සමාධින්‍ද්‍රියං.

මහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිත්හී එකඟබව ලබයි. මහණෙනි, මේ සමාධින්‍ද්‍රියයි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, පඤ‍්ඤින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො, අරියාය නිබ‍්බෙධිකාය සම‍්මාදුක‍්ඛක‍්ඛයගාමිනියා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානීති.

මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු පැණ ඇතියේ උදයව්‍යය පිරිසිඳ දක්නා ආර්‍ය්‍ය වූ නිර්වේදයට සමත් වූ, මැනවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.