යෙදුමෙන් කියවන්න

දුතිය විභඞ‍්ගසුත‍්තං

4. 1. 10.

4. 1. 10.

දුතිය විභඞ‍්ගසුත‍්තං

දුතිය විභඞ්ග සූත්‍රය

1694. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි: කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. කතමඤ‍්ච, භික‍්ඛවෙ, සද‍්ධින්‍ද්‍රියං? ඉධ, භික‍්ඛවෙ, අරියසාවකො සද‍්ධො හොති, සද‍්දහති තථාගතස‍්ස බොධිං. “ඉතිපි සො භගවා -පෙ- සත්‍ථා දෙවමනුස‍්සානං බුද‍්ධො භගවා”ති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සද‍්ධින්‍ද්‍රියං.

1694. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැත්තේ වෙයි. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙව්මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත් හ යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහයි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, විරියින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ අරියසාවකො ආරද‍්ධවිරියො විහරති අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය, ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. සො අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භීය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, විරියින්‍ද්‍රියං.

මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස් කිරීම පිණිස ඇරැඹුණු වැර ඇතියේ කුසල්දහම්හි තිරවැර ඇතියේ දඩිපැරකුම් ඇතියේ නොබහා තැබූ වැර ඇතියේ වෙසෙයි. හේ නූපන් ලාමක අකුසල්දහම් නොඉපැද්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙ යි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් පැහීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපැත්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් කුසල්දහම් පැවැත්ම පිණිස නොමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. මහණෙනි, මෙය විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, සතින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. සො කායෙ කායානුපස‍්සී විහරති -පෙ- වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සතින්‍ද්‍රියං.

මහණෙනි, සතින්‍ද්‍රිය කවරේද යත්: මහණෙනි, මෙහි අරීසවු සිහි ඇතියේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. හෙ කයෙහි කය අනු ව දක්නාසුලු ව … වෙසෙයි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දෙම්නස දුරු කොට වෙසෙ යි. මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, සමාධින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො වොස‍්සග‍්ගාරම‍්මණං කරිත්‍වා ලභති සමාධිං, ලභති චිත‍්තස‍්සෙකග‍්ගතං. සො විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියජ‍්ඣානං -පෙ- තතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සමාධින්‍ද්‍රියං.

මහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිතෙහි එකඟබව ලබයි. හේ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල්දහමුන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... දෙවන දැහැනට ... තෙවන දැහැනට පැමිණ වෙසෙයි, සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදුබැව් ඇති සිවු වන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ.

කතමඤ‍්ච භික‍්ඛවෙ, පඤ‍්ඤින්‍ද්‍රියං: ඉධ භික‍්ඛවෙ, අරියසාවකො පඤ‍්ඤවා හොති උදයත්‍ථගාමිනියා පඤ‍්ඤාය සමන‍්නාගතො අරියාය නිබ‍්බෙධිකාය සම‍්මා දුක‍්ඛක‍්ඛයගාමිනියා. සො ‘ඉදං දුක‍්ඛන‍්ති’ යථාභූතං පජානාති, ‘අයං දුක‍්ඛසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං දුක‍්ඛනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානීති.

මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු පැණැතියේ උදයව්‍යය පිරිසිඳ දන්නා ආර්‍ය වූ නිර්වේදයට සමත් වූ මැනැවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. හේ මේ දුකැයි තතුසේ දනියි. මේ දුක්ඛසමුදය යි තතුසේ දනියි. මේ දුක්ඛනිරෝධය යි තතුසේ දනියි මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය යි තතුසේ දනියි. මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.

සුද‍්ධකවග‍්ගො පඨමො.

පළමුවැනි සුද්ධක වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

සුද‍්ධකඤ‍්ච ද‍්වෙ සොතා අරහන‍්තො පරෙ දුවෙ, ද‍්වෙ සමණා ච දට‍්ඨබ‍්බං විභඞ‍්ගා අපරෙ දුවෙති.

සුද්ධක සූත්‍රය ද සෝත සූත්‍ර දෙක ද අනෙක් අරහන්ත සූත්‍ර දෙක ද සමණ සූත්‍ර දෙක ද දට්ඨබ්බසූත්‍රය ද අනෙක් විභඞ්ග සූත්‍ර දෙකදැ යි (මුළුල්ල දශයෙකි) යි.