සුද‍්ධකසුත‍්තං
4. 1. 1.
4. 1. 1.
සුද‍්ධකසුත‍්තං
සුද්ධික සූත්‍රය
1685. සාවත්‍ථියං:
1685. සැවැත්නුවර:
පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං, ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්ච ඉන්‍ද්‍රියානීති.
මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි, කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පස ඉන්‍ද්‍රියෝ යි.
4. 1. 2.
4. 1. 2.
සොතසුත‍්තං
සෝත සූත්‍රය
1686. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං. යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති.
1686. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක අරිසවු මේ පසිඳුරන්ගේ රස විඳගැන්මත් දොසත් නික්ම යෑමත් තතුසේ දනී ද: මහණෙනි, මේ අරීසවු නිරෑහි නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න යි කියනු ලැබේ යි.
4. 1. 3.
4. 1. 3.
දුතිය සොතසුත‍්තං
දුතිය සෝත සූත්‍රය
1687. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති.
1687. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්; සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක අරීසවු මේ පසිඳුරන්ගේ හටගැන්මත් වැනසුමත් රස විඳගැන්මත් දොසත් නික්ම යෑමත් තතුසේ දනී ද; මහණෙනි, මේ අරීසවු නිරෑහි නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න යි කියනු ලැබේ යි.
4. 1. 4.
4. 1. 4.
අරහන‍්තසුත‍්තං
අරහන්ත සූත්‍රය
1688. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. යතො ච ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා අනුපාදා විමුත‍්තො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තොති.
1688. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ, මේ පසිඳුරන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද; මහණෙනි, මේ මහණ ක්‍ෂයවූ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
4. 1. 5.
4. 1. 5.
දුතිය අරහන‍්තසුත‍්තං
දුතිය අරහන්ත සූත්‍රය
1689. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා අනුපාදා විමුත‍්තො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මදඤ‍්ඤා විමුත‍්තොති.
1689. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ, මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද; මහණෙනි, මේ මහණ ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කිස ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.