සමණ සුත්තං
4. 1. 6.
4. 1. 6.
සමණ සුත්තං
සමණ සූත්රය
1690. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, න මෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
1690. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්; සද්ධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතුසේ නොදනිත් ද; මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණුහු හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණ හයි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත් හු මහණබවෙහි අරුත හෝ බමුණු බවෙහි අරුත හෝ දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.
යෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, තෙ ඛො, මෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
මහණෙනි, යම්කිසි මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතුසේ දනිද්ද; මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මතහ. බමුණන් කෙරෙහිත් බමුණ හ යි සම්මතහ. ඒ ඇවැත්හු ද (මාර්ගඵල සඞ්ඛ්යාත) ශ්රාමණ්යාර්ත්ථය බ්රහ්මණ්යාර්ත්ථය දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.