යෙදුමෙන් කියවන්න

දුතිය සමණසුත‍්තං

4. 1. 7.

4. 1. 7.

දුතිය සමණසුත‍්තං

දුතිය සමණ සූත්‍රය

1691. යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සද‍්ධින්‍ද්‍රියං නප‍්පජානන‍්ති, සද‍්ධින්‍ද්‍රියසමුදයං නප‍්පජානන‍්ති, සද‍්ධින්‍ද්‍රියනිරොධං නප‍්පජානන‍්ති, සද‍්ධින්‍ද්‍රියනිරොධගාමිනීපටිපදං නප‍්පජානන‍්ති. විරියින්‍ද්‍රියං නප‍්පජානන‍්ති -පෙ- සතින්‍ද්‍රියං නප‍්පජානන‍්ති -පෙ- සමාධින්‍ද්‍රියං නප‍්පජානන‍්ති -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං නප‍්පජානන‍්ති, පඤ‍්ඤින්‍ද්‍රියසමුදයං නප‍්පජානන‍්ති, පඤ‍්ඤින්‍ද්‍රියනිරොධං නප‍්පජානන‍්ති, පඤ‍්ඤින්‍ද්‍රියනිරොධගාමිනීපටිපදං නප‍්පජානන‍්ති. නමෙතෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු වා සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු වා බ්‍රාහ‍්මණසම‍්මතා. න ච පන තෙ ආයස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථං වා බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථං වා දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤාසච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්ති.

1691. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්‍ද්‍රිය නො දනිත් ද, සද්ධින්‍ද්‍රිය සමුදය නො දනිත්ද, සද්ධින්‍ද්‍රිය නිරෝධය නො දනිත්ද, සද්ධින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, විරියින්‍ද්‍රිය නො දනිත්ද, ... සතින්‍ද්‍රිය නො දනිත්ද, ... සමාධින්‍ද්‍රිය නො දනිත්ද, ... පඤ්ඤින්‍ද්‍රිය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය සමුදය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණ යයි යම්මත නො වෙත්. බමුණන් කෙරෙහි හෝ බමුණු යයි සම්මත නො වෙත්. ඒ ඇවැත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.

යෙ ච ඛො කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සද‍්ධින්‍ද්‍රියං පජානන‍්ති, සද‍්ධින්‍ද්‍රියසමුදයං පජානන‍්ති, සද‍්ධින්‍ද්‍රියනිරොධං පජානන‍්ති, සද‍්ධින්‍ද්‍රියනිරොධගාමිනීපටිපදං පජානන‍්ති. විරියින්‍ද්‍රියං පජානන‍්ති -පෙ- සතින්‍ද්‍රියං පජානන‍්ති -පෙ- සමාධින්‍ද්‍රියං පජානන‍්ති -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං පජානන‍්ති, පඤ‍්ඤින්‍ද්‍රියසමුදයං පජානන‍්ති, පඤ‍්ඤින්‍ද්‍රියනිරොධං පජානන‍්ති, පඤ‍්ඤින්‍ද්‍රියනිරොධගාමිනීපටිපදං පජානන‍්ති, තෙ ඛො’මෙ භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා සමණෙසු චෙව සමණසම‍්මතා බ්‍රාහ‍්මණෙසු ච බ්‍රාහ‍්මණසම‍්මතා. තෙ ච පනායස‍්මන‍්තො සාමඤ‍්ඤත්‍ථඤ‍්ච බ්‍රහ‍්මඤ‍්ඤත්‍ථඤ‍්ච දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤාසච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්‍ද්‍රිය දනිත් ද, සද්ධින්‍ද්‍රිය සමුදය දනිත් ද, සද්ධින්‍ද්‍රිය නිරෝධය දනිත් ද, සද්ධින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව දනිත් ද, විරියින්‍ද්‍රිය දනිත් ද, ... සතින්‍ද්‍රිය දනිත් ද ... සමාධින්‍ද්‍රිය දනිත් ද ... පඤ්ඤින්‍ද්‍රිය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය සමුදය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරොධගාමිනී පටිපදාව දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි ත් මහණ යයි යම්මත හ. බමුණන් කෙරෙහිත් හෝ බමුණු යයි සම්මත හ. ඒ ඇවැත්හු ද ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද, බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය ද, දිටුදැමියෙහි ම වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.