යෙදුමෙන් කියවන්න

2. මුදුතරවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. මුදුතර වර්ගය

1. පටිලාභසුත‍්තවණ‍්ණනා

1. පටිලාභ සූත්‍ර වර්ණනාව

දුතියවග‍්ගස‍්ස පඨමෙ සම‍්මප‍්පධානෙ ආරබ‍්භාති සම‍්මප‍්පධානෙ පටිච‍්ච, සම‍්මප‍්පධානෙ භාවෙන‍්තොති අත්‍ථො. සතින්‍ද්‍රියෙපි එසෙව නයො.

දෙවන වර්ගයේ පළමු වැන්නෙහි - සම්මප්පධානෙ ආරබ්භ - යහපත් වීර්යයන් හේතු කොට ගෙන යහපත් වීර්යය වඩන්නේ යන අර්ථයයි. සති ඉන්‍ද්‍රියයෙහි ද මේ පිළිවෙළ ම වේ.

2. සංඛිත‍්තසුත‍්තවණ‍්ණනා

2. සඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව

දුතියෙ තතොති විපස‍්සනාමග‍්ගඵලවසෙන නිස‍්සක‍්කං වෙදිතබ‍්බං. සමත‍්තානි හි පරිපුණ‍්ණානි පඤ‍්චින්‍ද්‍රියානි අරහත‍්තමග‍්ගස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි නාම හොන‍්ති. තතො මුදුතරෙහීති තෙහි අරහත‍්තමග‍්ගස‍්ස විපස‍්සනින්‍ද්‍රියෙහි මුදුතරානි අනාගාමිමග‍්ගස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි නාම හොන‍්ති, තතො මුදුතරානි සකදාගාමිමග‍්ගස‍්ස, තතො මුදුතරානි සොතාපත‍්තිමග‍්ගස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි නාම හොන‍්ති, තතො මුදුතරානි ධම‍්මානුසාරිමග‍්ගස‍්ස, තතො මුදුතරානි සද‍්ධානුසාරිමග‍්ගස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි නාම හොන‍්ති.

දෙවැන්නෙහි - තතො = විදර්ශනාව මාර්ග ඵල වශයෙන් මිශ්‍රවූයේ යයි දත යුතුය. සියලු අයුරින්ම පරිපූර්ණ (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන) ඉන්‍ද්‍රියයන් පස අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් නම් වේ. තතො මුදු තරෙහි = ඒ අතුරින් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන්ගෙන් වඩාත් ලිහිල් වනුයේ අනාගාමි මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් නම් වේ. එයටද වඩා ලිහිල් වනුයේ සකෘදාගාමි මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියන්ය. සෝවාන් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයටද වඩා ලිහිල් වේ. ධර්මානුසාරී මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයටද වඩා ලිහිල් වේ.

තථා සමත‍්තානි පරිපුණ‍්ණානි පඤ‍්චින්‍ද්‍රියානි අරහත‍්තමග‍්ගින්‍ද්‍රියානි නාම හොන‍්ති, තතො මුදුතරානි අනාගාමිමග‍්ගින්‍ද්‍රියානි නාම හොන‍්ති, තතො මුදුතරානි සකදාගාමිමග‍්ගින්‍ද්‍රියානි නාම හොන‍්ති, තතො මුදුතරානි සොතාපත‍්තිමග‍්ගින්‍ද්‍රියානි නාම හොන‍්ති, තතො මුදුතරානි ධම‍්මානුසාරිමග‍්ගින්‍ද්‍රියානි, තතො මුදුතරානි සද‍්ධානුසාරිමග‍්ගින්‍ද්‍රියානි නාම හොන‍්ති.

එසේ ම හැම අයුරින්ම පරිපූර්ණ වූ ඉන්‍ද්‍රියයන් පස නම් අර්හත් මාර්ග ඵල ඉන්‍ද්‍රියයන් වේ. අනාගාමී, සකෘදාගාමී, සෝවාන් මාර්ග ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වේ. ධර්මානුසාරී මාර්ගයේ ඉන්‍ද්‍රියය එයට ද වඩා ලිහිල් වේ. හැම අයුරින් ම පරිපූර්ණ වූ ඉන්‍ද්‍රියයන් පස නම් අර්හත් ඵලයේ ඉන්‍ද්‍රියයන් වේ. අනාගාමි ඵලයේ ඉන්‍ද්‍රියයන් එයට වඩා ලිහිල් වේ. සකෘදාගාමි ඵලයේ ඉන්‍ද්‍රියය එයටත් වඩා ලිහිල් වේ. සෝවාන් ඵලයේ ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වේ.

සමත‍්තානි පරිපුණ‍්ණානි පඤ‍්චින්‍ද්‍රියානි අරහත‍්තඵලින්‍ද්‍රියානි නාම හොන‍්ති, තතො මුදුතරානි අනාගාමිඵලින්‍ද්‍රියානි, තතො මුදුතරානි සකදාගාමිඵලින්‍ද්‍රියානි, තතො මුදුතරානි සොතාපත‍්තිඵලින්‍ද්‍රියානි නාම හොන‍්ති. ධම‍්මානුසාරිසද‍්ධානුසාරිනො පන ද‍්වෙපි සොතාපත‍්තිමග‍්ගට‍්ඨපුග‍්ගලා, මග‍්ගට‍්ඨපුග‍්ගලවසෙන නෙසං නානත‍්තං ජාතන‍්ති ආගමනෙනපි මග‍්ගෙනපි. සද‍්ධානුසාරී පුග‍්ගලො හි උද‍්දිසාපෙන‍්තො පරිපුච‍්ඡන‍්තො අනුපුබ‍්බෙන මග‍්ගං පාපුණාති, ධම‍්මානුසාරී එකෙන වා ද‍්වීහි වා සවනෙහි. එවං තාව නෙසං ආගමනෙන නානත‍්තං වෙදිතබ‍්බං.

ධර්මානුසාරී ශ්‍රද්ධානුසාරී යන දෙදෙනා ද සෝවාන් මාර්ගයෙහි පිහිටි පුද්ගලයෝය. මාර්ගස්ථ පුද්ගලයන් වශයෙන් ඔවුන් හට වෙනත් වෙනත් ස්වභාවයන් ඇතිබව දතයුතුය. ශ්‍රද්ධානුසාරී පුද්ගලයා වනාහී පැමිණෙන ආකාරයෙන් ද, මාර්ගය වශයෙන් ද උපදෙස් ලබනුයේ ප්‍රශ්න කරනුයේ අනුපිළිවෙළින් මාර්ගයට පැමිණෙයි. ධර්මානුසාරී පුද්ගලයා ශ්‍රවණය කිරීම් එකකින් හෝ දෙකකින් මාර්ගයට පැමිණෙයි. මෙසේ ඔවුන්ගේ මාර්ගයට පැමිණීමෙහි වෙනස්කමක් ඇති බව දත යුතු වේ.

ධම‍්මානුසාරිස‍්ස පන මග‍්ගො තික‍්ඛො හොති, සූරං ඤාණං වහති, අසඞ‍්ඛාරෙන අප‍්පයොගෙන කිලෙසෙ ඡින්‍දති කදලික‍්ඛන්‍ධං විය තිඛිණා අසිධාරා. සද‍්ධානුසාරිස‍්ස න තස‍්ස විය මග‍්ගො තික‍්ඛො හොති, න සූරං ඤාණං වහති, සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන කිලෙසෙ ඡින්‍දති කදලික‍්ඛන්‍ධං විය අතිඛිණා අසිධාරා. කිලෙසක‍්ඛයෙ පන තෙසං නානත‍්තං නත්‍ථි. අවසෙසා ච කිලෙසා ඛීයන‍්ති.

ධර්මානුසාරී පුද්ගලයාට වනාහී මාර්ගය තියුණු වේ. සූර ලෙස නුවණ මතු වෙයි. සංස්කාරයන්ගෙන් තොරව, වෙහෙසීමෙන් තොරව තියුණු කඩු තලයකින් කෙසෙල් කඳක් කපන්නා සේ කෙලෙස් හිඳ දමයි. ඔහුට මෙන් ශ්‍රද්ධානුසාරී පුද්ගලයාට මාර්ගය තියුණු නොවේ. සූර ලෙස නුවණ මතු නොවේ. සංස්කාරයන්ගෙන් යුතුව, වෙහෙසීමෙන් යුතුව. බෙහෙවින් ගෙවීගිය කඩු තලයකින් කෙසෙල් කඳක් කපන්නා සේ (අපහසුවෙන්) කෙලෙස් නසයි. කෙලෙස් ක්ෂය වීමේ දී වනාහී ඔවුන් ගේ වෙනස් බවක් නැත්තේය. ඉතිරිව ඇති කෙලෙස් ක්ෂය වේ.

3. දුතිය සංඛිත‍්තසුත‍්තවණ‍්ණනා

3. දුතිය සඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව

තතියෙ තතොති ඵලවසෙන නිස‍්සක‍්කං වෙදිතබ‍්බං. සමත‍්තානි හි පරිපුණ‍්ණානි පඤ‍්චින්‍ද්‍රියානි අරහත‍්තඵලින්‍ද්‍රියානි නාම හොන‍්ති, අරහත‍්තඵලෙන සමන‍්නාගතො පුග‍්ගලො අරහා නාම හොති. අරහත‍්තඵලතො මුදුතරානි අනාගාමිඵලින්‍ද්‍රියානි නාම හොන‍්ති, තතො මුදුතරානි සකදාගාමිඵලින්‍ද්‍රියානි, තතො මුදුතරානි සොතාපත‍්තිඵලින්‍ද්‍රියානි, සොතාපත‍්තිඵලෙන සමන‍්නාගතො පුග‍්ගලො සොතාපන‍්නො නාම හොති. ඉන්‍ද්‍රියවෙමත‍්තතා ඵලවෙමත‍්තතා හොතීති ඉන්‍ද්‍රියනානත‍්තෙන ඵලනානත‍්තං, ඵලනානත‍්තෙන පුග‍්ගලනානත‍්තන‍්ති.

තුන් වැන්නෙහි - තතො = ඵල වශයෙන් මිශ්‍රයයි දත යුතුය. සියලු අයුරින් පරිපූර්ණ වූ (සති ආදී) ඉන්‍ද්‍රියයන් පස අර්හත් ඵල ඉන්‍ද්‍රියයන් නම් වේ. අර්හත් ඵලයෙන් යුක්තවූ පුද්ගලයා අර්හත් (අරහා) නම් වේ. එයට වඩා ලිහිල් වූයේ අනාගාමී ඵල ඉන්‍ද්‍රියයන් නම් වේ -පෙ- එයටත් වඩා ලිහිල් වූයේ සෝවාන් ඵල ඉන්‍ද්‍රියයන් නම් වේ. සෝවාන් ඵලයෙන් යුක්ත වූ පුද්ගලයා සෝවාන් තැනැත්තා (සොතාපන්න) නම් වේ. ඉන්‍ද්‍රියයන්ගේ වෙනස ඵලයන්ගේ වෙනස් වෙයි. ඉන්‍ද්‍රියයන්ගේ නානාගති ස්වභාවයෙන් ද, ඵලයන්ගේ නානා ගති ස්වභාවයෙන් ද පුද්ගලයන්ගේ නානාගති ස්වභාවය ඇති වේ.

4. තතිය සංඛිත‍්තසුත‍්තවණ‍්ණනා

4. තතිය සඞ්ඛිත්ත සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ පරිපූරං පරිපූරකාරී ආරාධෙතීති පරිපූරං අරහත‍්තමග‍්ගං කරොන‍්තො අරහත‍්තඵලං ආරාධෙති. පදෙසං පදෙසකාරීති අවසෙසෙ තයො පදෙසමග‍්ගෙ කරොන‍්තො පදෙසං ඵලත‍්තයමත‍්තමෙව ආරාධෙති. ඉති ඉමෙසු චතූසුපි සුත‍්තෙසු මිස‍්සකානෙව ඉන්‍ද්‍රියානි කථිතානි.

සිවු වැන්නෙහි - පරිපූරං පරිපූරකාරී ආරාධෙති - අර්හත් මාර්ගය සම්පූර්ණ කරන තැනැත්තා අර්හත් ඵලය ලබා ගනියි. පදෙසං පදෙස කාරී = ඉතිරි මාර්ග කොටස් තුන සම්පූර්ණ කරන තැනැත්තා ඒ ඵල කොටස් තුනම ලබා ගනියි. මෙසේ මේ සූත්‍ර සතරෙහිදීම මිශ්‍ර වශයෙන් (සති ශ්‍රද්ධා ආදී) ඉන්‍ද්‍රියයන් කියන ලදී.

5-7. විත්‍ථාරසුත‍්තාදිවණ‍්ණනා

5-7. විත්ථාර ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ තතො මුදුතරෙහීති විපස‍්සනාවසෙන නිස‍්සක‍්කං වෙදිතබ‍්බං. පරිපුණ‍්ණානි හි පඤ‍්චින්‍ද්‍රියානි අරහත‍්තමග‍්ගස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි හොන‍්ති, තතො මුදුතරානි අන‍්තරාපරිනිබ‍්බායිස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි, තතො මුදුතරානි උපහච‍්චපරිනිබ‍්බායිස‍්ස, තතො මුදුතරානි අසඞ‍්ඛාරපරිනිබ‍්බායිස‍්ස, තතො මුදුතරානි සසඞ‍්ඛාරපරිනිබ‍්බායිස‍්ස, තතො මුදුතරානි උද‍්ධංසොතඅකනිට‍්ඨගාමිස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි නාම හොන‍්ති.

පස් වැන්නෙහි - තතො මුදු තරෙහි = විදර්ශනා වශයෙන් මිශ්‍ර වී ඇති තත්ත්වයන් මෙහිදී දත යුතුයි. පරිපූර්ණ වූ (සති ආදී) ඉන්‍ද්‍රියයන් පස අර්හත් මාර්ගයෙහි විදර්ශනා ඉන්‍ද්‍රියයන් වේ. (අනාගාමී භාවයේ තත්ත්වයන් පහෙන් එකක් වන) අන්තරා පරිනිබ්බායී තත්ත්වයට පත් පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයට වඩා ලිහිල් වේ. උපහච්ච පරිනිබ්බායී තත්ත්වයට පත් පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊට වඩා ලිහිල් වේ. අසංඛාර පරිනිබ්බායී තත්ත්වයට පත් පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියය එයට ද වඩා ලිහිල් වේ. සසංඛාර පරිනිබ්බායී තත්ත්වයට පත් පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊටත් වඩා ලිහිල් වේ. උද්ධංසොත අකණිටඨගාමී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊට ද වඩා ලිහිල් වන්නේ වෙයි.

ඉමස‍්මිං පන ඨානෙ අරහත‍්තමග‍්ගෙයෙව ඨත්‍වා පඤ‍්ච නිස‍්සක‍්කානි නීහරිතබ‍්බානි. අරහත‍්තමග‍්ගස‍්ස හි විපස‍්සනින්‍ද්‍රියෙහි මුදුතරානි පඨමඅන‍්තරාපරිනිබ‍්බායිස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි, තතො මුදුතරානි දුතියඅන‍්තරාපරිනිබ‍්බායිස‍්ස, තතො මුදුතරානි තතියඅන‍්තරාපරිනිබ‍්බායිස‍්ස, තතො මුදුතරානි උපහච‍්චපරිනිබ‍්බායිස‍්ස, තතො මුදුතරානි උද‍්ධංසොතඅකනිට‍්ඨගාමිස‍්ස විපස‍්සනින්‍ද්‍රියානි. අසඞ‍්ඛාරපරිනිබ‍්බායිස‍්ස සසඞ‍්ඛාරපරිනිබ‍්බායිනොපි එතෙව පඤ‍්ච ජනා.

මේ තැන්හිදී අර්හත් මාර්ගයෙහි ම සිට (පෙර කී) මිශ්‍රණ පස බැහැර කළ යුතුය. අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් හට වඩා පළමු වන අන්තරා පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ලිහිල් වේ. දෙවන අන්තරා පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊට වඩා ලිහිල් වේ. තෙවන අත්තරා පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් එයට ද වඩා ලිහිල් වේ. උපහච්ච පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊටත් වඩා ලිහිල් වේ. උද්ධං සොත අකණිටඨගාමී පුද්ගලයාගේ විදර්ශනා ඉන්‍ද්‍රියයන් ඊට ද වඩා ලිහිල් වේ. අසංඛාර පරිනිබ්බායී පුද්ගලයාගේ ද, ද, සසංඛාර පරිනිබ්බායී පුද්ගලයාගේ ද විදර්ශනා ඉන්‍ද්‍රියයන් යෝජනා පසකට අයත් වේ.

ඉදානි තීණි නිස‍්සක‍්කානි. සකදාගාමිමග‍්ගස‍්ස හි ඉන්‍ද්‍රියෙහි මුදුතරානි සොතාපත‍්තිමග‍්ගින්‍ද්‍රියානි, සොතාපත‍්තිමග‍්ගෙයෙව ඉන්‍ද්‍රියෙහි මුදුතරානි ධම‍්මානුසාරිමග‍්ගින්‍ද්‍රියානි. තෙහිපි මුදුතරානි සද‍්ධානුසාරිමග‍්ගින්‍ද්‍රියානි. ඡට‍්ඨසත‍්තමානි වුත‍්තනයානෙව. ඉමෙසු පන තීසුපි සුත‍්තෙසු පුබ‍්බභාගවිපස‍්සනින්‍ද්‍රියානෙව කථිතානි.

එනම් : ඉතිරි යෝජනා මිශ්‍රණයන් තුන මෙසේයි :- සකෘදාගාමී මාර්ගයේ ඉන්‍ද්‍රියයන් හට වඩා සෝවාන් මාර්ගයේ ඉන්‍ද්‍රියයන් මුදුතර වේ. සෝවාන් මාර්ගයේ ඉන්‍ද්‍රියයන් ලිහිල් වේ. සෝවාන් මාර්ගයේ ම ඉන්‍ද්‍රියයන් හට වඩා ධම්මානුසාරී මාර්ගයේ ඉන්‍ද්‍රියයන් ද, එයටත් වඩා සද්ධානුසාරී මාර්ග ඉන්‍ද්‍රියයන් ද ලිහිල් වේ. සය වන සත්වන කොටස් පෙර කියන ලද පරිදිම වේ. මේ සූත්‍ර තුනෙහිදී ම පූර්ව භාග විදර්ශනා ඉන්‍ද්‍රියයන් ම කියන ලදී.

8. පටිපන‍්නසුත‍්තවණ‍්ණනා

8. පටිපන්න සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ තතො මුදුතරෙහීති මග‍්ගඵලවසෙන නිස‍්සක‍්කං වෙදිතබ‍්බං. තං පාළියං වුත‍්තමෙව. බාහිරොති ඉමෙහි අට‍්ඨහි පුග‍්ගලෙහි බහිභූතො. පුථුජ‍්ජනපක‍්ඛෙ ඨිතොති පුථුජ‍්ජනකොට‍්ඨාසෙ ඨිතො. ඉමස‍්මිං සුත‍්තෙ ලොකුත‍්තරානෙව ඉන්‍ද්‍රියානි කථිතානි.

අට වැන්නෙහි - තතො මුදුතරෙහි = මාර්ග ඵල වශයෙන් ම ශක්තියේ අඩු වීමක් දත යුතුයි. එය පෙළෙහි කියන ලද්දේ ය. බාහිරො = මෙම අටවැදෑරුම් පුද්ගලයන්ගෙන් බාහිර වූ තැනැත්තා පුථුජ්ජන පක්ඛෙ ඨිතො = පෘථග්ජන කොටසෙහි සිටි තැනැත්තා (පුහුදුන් තැනැත්තා) මේ සූත්‍රයෙහිදී ලෝකෝත්තර ඉන්‍ද්‍රියයන් (පිළිබඳව ම කියන ලදී.)

9-10. සම‍්පන‍්නසුත‍්තාදිවණ‍්ණනා

9-10. සම්පන්න ආදි සූත්‍ර වර්ණනා

නවමෙ ඉන්‍ද්‍රියසම‍්පන‍්නොති පරිපුණ‍්ණින්‍ද්‍රියො. දසමං උත‍්තානමෙව. ඉමස‍්මිං සුත‍්තද‍්වයෙ මිස‍්සකානි ඉන්‍ද්‍රියානි කථිතානීති.

නවවැන්නෙහි - ඉන්‍ද්‍රිය සම්පන්නො - පරිපූර්ණ වූ ඉන්‍ද්‍රියයන් ඇති තැනැත්තා, දස වැන්න පහසු අරුත් ඇත්තේය. මේ සූත්‍ර දෙකේදීම මිශ්‍ර වූ ඉන්‍ද්‍රියයන්ම කියන ලදී.

මුදුතරවග‍්ගො දුතියො.

දෙවන මුදුතර වර්ගය නිමි.