3. ඡළින්ද්රියවග්ගො අට්ඨකථා
3. ඡළින්ද්රිය වර්ගය
2. ජීවිතින්ද්රියසුත්තවණ්ණනා
2. ජීවිතින්ද්රිය සූත්‍ර වර්ණනාව
තතියවග්ගස්ස දුතියෙ ඉත්ථින්ද්රියන්තිආදීසු ඉත්ථිභාවෙ ඉන්දට්ඨං කරොතීති ඉත්ථින්ද්රියං. පුරිසභාවෙ ඉන්දට්ඨං කරොතීති පුරිසින්ද්රියං. ජීවිතෙ ඉන්දට්ඨං කරොතීති ජීවිතින්ද්රියං. අත්ථුප්පත්තිකං කිරෙතං සුත්තං. සඞ්ඝමජ්ඣස්මිඤ්හි “කති නු ඛො වට්ටින්ද්රියානී”ති කථා උදපාදි, අථ භගවා වට්ටින්ද්රියානි දස්සෙන්තො තීණිමානි භික්ඛවෙතිආදිමාහ.
තුන් වන වර්ගයේ දෙවැන්නෙහි - ඉත්ථින්ද්රියං යන මේ ආදියෙහි දී ස්ත්‍රී භාවයෙහි ප්‍රධානත්වය අර්ථවත් කෙරේය යන අදහසින් ඉත්ථින්ද්රියං යනු යෙදේ. පුරුෂ භාවයෙහි ප්‍රධානත්වය අර්ථවත් කෙරේය යන අදහසින් පුරිසින්ද්රියං යනු යෙදේ. ජීවිතයෙහි ප්‍රධානත්වය අර්ථවත් කෙරේය යන අදහසින් ජීවිත ජීවිතින්ද්රිය යයි යෙදේ. මේ සූත්‍රය අර්ථයන් මතු කර දැක්වීම සඳහා වේ. සංඝයා මධ්‍යයෙහි දී කෙතෙක් නම් (සති ආදී) ඉන්ද්රියයන් පවතීදැයි යන කථාව උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පැවැත්ම පිළිබඳ ඉන්ද්රියයන් දක්වන්නාහු තීණිමානි භික්ඛවෙ යන ආදිය වදාළහ.
3. අඤ්ඤින්ද්රියසුත්තවණ්ණනා
3. අඤ්ඤින්‍ද්‍රිය සූත්‍ර වර්ණනාව
තතියෙ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති “අනමතග්ගෙ සංසාරෙ අජානිතපුබ්බං ධම්මං ජානිස්සාමී”ති පටිපන්නස්ස සොතාපත්තිමග්ගක්ඛණෙ උප්පන්නං ඉන්ද්රියං. අඤ්ඤින්ද්රියන්ති තෙසංයෙව ඤාතධම්මානං ආජානනාකාරෙන සොතාපත්තිඵලාදීසු ඡසු ඨානෙසු උප්පන්නං ඉන්ද්රියං. අඤ්ඤාතාවින්ද්රියන්ති අඤ්ඤාතාවීසු අරහත්තඵලධම්මෙසු උප්පන්නං ඉන්ද්රියං. තත්ථ තත්ථ තෙන තෙනාකාරෙන උප්පන්නස්ස ඤාණස්සෙවෙතං අධිවචනං. ඉදම්පි සුත්තං අත්ථුප්පත්තිකමෙව. සඞ්ඝමජ්ඣස්මිඤ්හි “කති නු ඛො ලොකුත්තරින්ද්රියානී”ති කථා උදපාදි, අථ භගවා තානි දස්සෙන්තො තීණිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානීතිආදිමාහ.
තුන්වැන්නෙහි - අනඤ්ඤාතඤ්ඤස්සා මීතින්ද්රියං = කෙළවර නොපෙනෙන සසරෙහි නො දැන සිටි දහමක් දැන ගන්නෙමියි පිළිපන් තැනැත්තහු හට සෝවාන් මාර්ග ක්ෂණයෙහි උපන් ඉන්ද්රිය. අඤ්ඤින්ද්රියං = දැන් ගන්නා ලද එම ධර්මයන්ගේ ම දැනීම් ආකාරයෙන් සෝවාන් ඵලය ආදී ස්ථාන සයෙහි උපන් ඉන්ද්රිය. අඤ්ඤාතා වින්ද්රියං = වඩා හොඳින් දැන ගත් අර්හත් ඵල ධර්මයන්හි උපන් ඉන්ද්රිය ඒ ඒ තැන්හි ඒ ඒ අයුරින් උපන් ඥානයටම මෙය තවත් වදනක් වේ. මේ සූත්‍රය ද අර්ථයන් මතුකර දැක්වීමක් වේ. සංඝයා මධ්‍යයෙහිදී කෙතෙක් නම් ලෝකෝත්තර ඉන්ද්රියයන් පවතීදැයි යන කථාව උපන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒවා දක්වන්නාහු තීණිමානි භික්ඛවෙ ඉන්ද්රියානි යන ආදිය වදාළහ.
4. එකබීජීසුත්තවණ්ණනා
4. එකබීජී සූත්‍ර වර්ණනාව
චතුත්ථෙ තතො මුදුතරෙහීති විපස්සනතො නිස්සක්කං වෙදිතබ්බං. සමත්තානි හි පඤ්චින්ද්රියානි අරහත්තමග්ගස්ස විපස්සනින්ද්රියානි නාම හොන්ති, තතො මුදුතරානි අන්තරාපරිනිබ්බායිස්ස විපස්සනින්ද්රියානි, තතො මුදුතරානි උපහච්චපරිනිබ්බායිස්ස, තතො මුදුතරානි අසඞ්ඛාරපරිනිබ්බායිස්ස, තතො මුදුතරානි සසඞ්ඛාරපරිනිබ්බායිස්ස, තතො මුදුතරානි උද්ධංසොතඅකනිට්ඨගාමිස්ස විපස්සනින්ද්රියානි නාම. ඉධාපි පුරිමනයෙනෙව අරහත්තමග්ගෙ ඨත්වා පඤ්ච නිස්සක්කානි නීහරිතබ්බානි.
සිවු වැන්නෙහි - තතො මුදුතරෙහි = විදර්ශනාවෙන් අඩුවීමක්, ලිහිල්වීමක් වේ යයි දත යුතුය. (සති ආදී) සියලු ඉන්ද්රියයන් පහම අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්ද්රියයන් නම් වේ. අන්තරා පරිනිබ්බායී පුද්ගලයාගේ විදර්ශනා ඉන්ද්රියයන් එයට (හෙවත් අර්හත් මාර්ගයේ විදර්ශනා ඉන්ද්රියයනට) වඩා ලිහිල් වේ. -පෙ- උද්ධං සෝත අකණිටඨගාමී පුද්ගලයාගේ විදර්ශනා ඉන්ද්රියයන් එයට ද වඩා ලිහිල් වන්නේ වේ. මෙහිදීද පෙර සේම අර්හත් මාර්ගයෙහි පිහිටා ඉවත් කළයුතු පහ බැහැර කළ යුතු වේ.
යථා පන පුරිමනයෙ සකදාගාමිමග්ගෙ ඨත්වා තීණි නිස්සක්කානි, එවමිධ පඤ්ච නීහරිතබ්බානි. සකදාගාමිමග්ගස්ස හි විපස්සනින්ද්රියෙහි මුදුතරානි සොතාපත්තිමග්ගස්ස විපස්සනින්ද්රියානි, සොතාපත්තිමග්ගස්ස ච තෙහි විපස්සනින්ද්රියෙහි මුදුතරානි එකබීජිආදීනං මග්ගස්ස විපස්සනින්ද්රියානි.
යම් සේ වනාහී පෙර පරිද්දෙන් ම සකෘදාගාමී මාර්ගයෙහි පිහිටා ඉවත් කළ යුතු තුනක් වේ. මෙසේ මෙහිදී බැහැර කළයුතු පහක් වේ. සකෘදාගාමි මාර්ගයේ විදර්ශනා ඉන්ද්රියයනට වඩා සෝවාන් මාර්ගයේ විදර්ශනා ඉන්ද්රියයනට වඩා සෝවාන් මාර්ගයේ විදර්ශනා ඉන්ද්රියයන් ලිහිල් වේ. සෝවාන් මාර්ගයේ එම විදර්ශනා ඉන්ද්රියයන් හට වඩා ඒකබීජී ආදී පුද්ගලයන්ගේ මාර්ගයේ විදර්ශනා ඉන්ද්රියයන් ලිහිල් වේ.
එත්ථ ච එකබීජීතිආදීසු යො සොතාපන්නො හුත්වා එකමෙව අත්තභාවං ජනෙත්වා අරහත්තං පාපුණාති, අයං එකබීජී නාම. යථාහ “කතමො ච පුග්ගලො එකබීජී, ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, සො එකඤ්ඤෙව මානුසකං භවං සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති. අයං වුච්චති පුග්ගලො එකබීජී”ති (පු· ප· 33).
මෙහි ඒකබීජී ආදීන් කෙරෙහි වන තත්ත්වය මෙසේ වේ. යමෙක් සෝවාන් වී එකම ආත්ම භාවයක් ඉපදී රහත් බවට පැමිණේ ද මේ තත්ත්වය ඒක බීජී වේ. මෙසේ ද කියන ලදී. ඒක බීජී පුද්ගලයා නම් කවරෙක්දයත් - මෙලොව යම් පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් දුගතියට නොවැටීමෙහි නියත වූ, නිර්වාණාවබෝධය නියත වූ සෝවාන් ඵලයට පැමිණේ ද හේ තෙමේ එකම මනුෂ්‍ය භවයක ඉපදී දුක අවසන් කරයි. මෙම පුද්ගලයා ඒකබීජි යයි කියනු ලැබේ.
යො පන ද්වෙ තයො භවෙ සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති, අයං කොලංකොලො නාම. යථාහ “කතමො ච පුග්ගලො කොලංකොලො. ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, සො ද්වෙ වා තීණි වා කුලානි සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති. අයං වුච්චති පුග්ගලො කොලංකොලො”ති (පු· ප· 32). තත්ථ කුලානීති භවා වෙදිතබ්බා. “ද්වෙ වා තීණි වා”ති ඉදං දෙසනාමත්තමෙව, යාව ඡට්ඨභවා සංසරන්තො පන කොලංකොලොව හොති.
යමෙක් වනාහී භවයන් දෙකක් තුනක් හැසිරී හෙවත් ඉපදී දුක් කෙළවර කරයි ද මේ තැනැත්තා “කෝලංකෝල” නම් වේ. මෙසේ ද කියන ලදී - කෝ ලං කෝල පුද්ගලයා නම් කවරෙක්ද යත් - මෙලොව යම් කිසි පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් දුගතියට නොවැටීමෙහි නියත වූ, නිර්වාණාවබෝධය නියත වූ සෝවාන් ඵලයට පැමිණේ ද හේ තෙමේ කුලයක් හෙවත් ආත්ම දෙකක හෝ තුනක ඉපදී දුක අවසන් කරයි. මේ පුද්ගලයා “කෝලං කෝල” යයි කියනු ලැබේ. එහි දී කුලයන් යනු ඉපදීම් හෙවත් භවයන් යයි දත යුතුය. දෙකක් හෝ තුනක් යන මෙය ද මෙහි දී දේශනා මාත්‍රයක් පමණක් වේ. සය වන භවය දක්වා සැරිසරන තැනැත්තා කෝලංකෝල පුද්ගලයා ම වේ.
යස්ස සත්තක්ඛත්තුං පරමා උපපත්ති, අට්ඨමං භවං නාදියති, අයං සත්තක්ඛත්තුපරමො නාම. යථාහ “කතමො ච පුග්ගලො සත්තක්ඛත්තුපරමො. ඉධෙකච්චො පුග්ගලො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො, සො සත්තක්ඛත්තුං දෙවෙ ච මනුස්සෙ ච සන්ධාවිත්වා සංසරිත්වා දුක්ඛස්සන්තං කරොති, අයං වුච්චති පුග්ගලො සත්තක්ඛත්තුපරමො”ති (පු· ප· 31).
යමකුට සත් වරක් පමණක් උත්පත්තිය සිදු වේද? අටවන භවයක නො උපදිනේ වේ ද මේ තැනැත්තා “සත්තක්ඛත්තුංපරම” නම් වේ. මෙසේ ද කියන ලදී. සත්තක්ඛත්තු පරම පුද්ගලයා නම් කවරෙක් ද යත් - මෙලොව යම් පුද්ගලයෙක් සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් දුගතියට නොවැටීමෙහි නියත වූ, නිර්වාණාවබෝධය නියත වූ සෝවාන් ඵලයට පැමිණේ ද හේ තෙමේ සත්වරක් දෙව්ලොව ද, මිනිස් ලොව ද හැසිරී දුක අවසන් කරයි. මෙම පුද්ගලයා “සත්තක්ඛත්තුං පරම” යයි කියනු ලැබේ.
භගවතා ගහිතනාමවසෙනෙව චෙතානි තෙසං නාමානි. “එත්තකඤ්හි ඨානං ගතො එකබීජී නාම හොති, එත්තකං කොලංකොලො, එත්තකං සත්තක්ඛත්තුපරමො”ති භගවතා එතෙසං නාමං ගහිතං. නියමතො පන “අයං එකබීජී, අයං කොලංකොලො, අයං සත්තක්ඛත්තුපරමො”ති නත්ථි.
භාග්‍යවතුන් වහන්සේ විසින් ම භාවිතයට ගන්නා ලද නම් වශයෙන්ම ද මෙම නාමයන් ඒවායේ සීමාවන් වේ. මෙ පමණ තැන් ගිය තැනැත්තේ ඒකබීජී නම් වේ. මෙ පමණ තැන් ගිය තැනැත්තේ කෝලංකෝල නම් වේ, මෙ පමණ තැන් ගිය තැනැත්තේ සත්තක්ඛත්තුං පරම නම් වේ, යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පුද්ගලයන්ගේ නම් භාවිතයට ගන්නා ලදී. මේ තැනැත්තා ඒකබිජිය, මේ තැනැත්තා කෝලංකෝලය. මේ තැනැත්තා සත්තක්ඛත්තුං පරම ය යනුවෙන් නියත භාවයක් නම් නැත.
කො පන නෙසං එතං පභෙදං නියමෙතීති? කෙචි පන ථෙරා “පුබ්බහෙතු නියමෙතී”ති වදන්ති, කෙචි “පඨමමග්ගො”, කෙචි “උපරිම තයො මග්ගා”, කෙචි “තිණ්ණං මග්ගානං විපස්සනා”ති. තත්ථ “පුබ්බහෙතු නියමෙතී”ති වාදෙ පඨමමග්ගස්ස උපනිස්සයො කතො නාම හොති, උපරි තයො මග්ගා අනුපනිස්සයා උප්පන්නාති වචනං ආපජ්ජති. “පඨමමග්ගො නියමෙතී”ති වාදෙ උපරි තිණ්ණං මග්ගානං නිරත්ථකතා ආපජ්ජති. “උපරි තයො මග්ගා නියමෙන්තී”ති වාදෙ පඨමමග්ගෙ අනුප්පන්නෙව උපරි තයො මග්ගා උප්පන්නාති ආපජ්ජති. “තිණ්ණං මග්ගානං විපස්සනා නියමෙතී”ති වාදො පන යුජ්ජති. සචෙ හි උපරි තිණ්ණං මග්ගානං විපස්සනා බලවතී හොති, එකබීජී නාම හොති, තතො මන්දතරාය කොලංකොලො, තතො මන්දතරාය සත්තක්ඛත්තුපරමොති.
මේ පුද්ගලයන් හට මෙ පමණ ප්‍රභේද කවරෙක් නම් නියම කරත් ද යත් - ඇතැම් තෙරවරු එය පූර්ව හේතූන්ගේ නියමයක් යයි කියති. ඇතැම් තෙරවරු ප්‍රථම මාර්ගය හේතු වේ යයි කියත්. ඇතැම් තෙරවරු (සකෘදාගාමී, අනාගාමී, අර්හත් යන) ඉහල මාර්ග තුන එයට හේතු වේ යයි කියත්. එහිදී පූර්ව හේතූන්ගේ නියමයක්ය යන මතය ප්‍රථම මාර්ගයට හේතුකාරක වූයේ නම් වෙයි. ඉන් ඉහල මාර්ග තුන හේතුවකින් උපන්නේය යන කියමනට පැමිණේ, ඉහල මාර්ග තුන නියමයන් කරන්නේය යන මතයෙහිදී පළමු මාර්ගය නො ඉපදී තිබියදීම ඉහල මාර්ග තුන උපන්නේය යන අදහසට පැමිණෙයි. මාර්ග තුනේ විදර්ශනාව නියමයන් කරන්නේය යන අදහස සුදුසු වේ. ඉදින් ඉහල මාර්ග තුනේ විදර්ශනාව බලවත් වේද (එකල්හි) “ඒක බීජී “ නම් වේ. ඉන් අඩු තත්ත්වයේ දී “කෝලංකෝල” නම් වේ. ඉනුත් අඩු තත්ත්වයේදී “සත්තක් ඛත්තුං පරම” නම් වේ.
එකච්චො හි සොතාපන්නො වට්ටජ්ඣාසයො හොති වට්ටාභිරතො පුනප්පුනං වට්ටස්මිංයෙව විචරති සන්දිස්සති. අනාථපිණ්ඩිකො සෙට්ඨි, විසාඛා උපාසිකා, චූළරථමහාරථා දෙවපුත්තා, අනෙකවණ්ණො දෙවපුත්තො, සක්කො දෙවරාජා, නාගදත්තො දෙවපුත්තොති ඉමෙ හි එත්තකා ජනා වට්ටජ්ඣාසයා වට්ටාභිරතා ආදිතො පට්ඨාය ඡ දෙවලොකෙ සොධෙත්වා අකනිට්ඨෙ ඨත්වා පරිනිබ්බායිස්සන්ති, ඉමෙ ඉධ න ගහිතා. න කෙවලඤ්චිමෙ, යොපි මනුස්සෙසුයෙව සත්තක්ඛත්තුං සංසරිත්වා අරහත්තං පාපුණාති, යොපි දෙවලොකෙ නිබ්බත්තො දෙවෙසුයෙව සත්තක්ඛත්තුං අපරාපරං සංසරිත්වා අරහත්තං පාපුණාති, ඉමෙපි ඉධ න ගහිතා. කාලෙන දෙවෙ, කාලෙන මනුස්සෙ සංසරිත්වා පන අරහත්තං පාපුණන්තොව ඉධ ගහිතො. තස්මා සත්තක්ඛත්තුපරමොති ඉදං ඉධට්ඨකවොකිණ්ණසුක්ඛවිපස්සකස්ස නාමං කථිතන්ති වෙදිතබ්බං.
ඇතැම් සෝවාන් පුද්ගලයෙක් පැවැත්ම පිළිබඳ අදහස් ඇත්තේ වෙයි. පැවැත්මෙහි කැමති වෙයි. නැවත නැවත සසරෙහිම සැරිසරයි. ඒ බව දක්නට ඇත. අනේපිඬු සිටුවරයා, විශාඛා උවැසිය, චුල්ල රථ මහාරථ දිව්‍ය පුත්‍රයෝ, අනේක වර්ණ දිව්‍ය පුත්‍රයා, සක් දෙව් රජ, නාග දත්ත දිව්‍ය පුත්‍රයා යන මේ අය සසරේ පැවැත්මෙහි අදහස් ඇත්තාහු, පැවැත්මෙහි කැමතිවූවාහු මුල පටන්ම සදෙව් ලොව නිමකොට අකණිටා බඹලොවට පැමිණ සිට පිරිනිවීමට පැමිණෙත්. මෙහිදී මේ අය ගණනයට නොගන්නා ලදහ. යමකු මනුෂ්‍ය භවයන්හිම සත්වරක් හැසිර රහත් බවට පැමිණෙත් ද, දෙව්ලොව උපන් යමකු දිව්‍ය ලෝකයන්හිම නැවත නැවත සත්වරක් හැසිර රහත් බවට පැමිණෙත් ද මේ අය ද මෙහිදී ගණනයට නොගන්නා ලදහ. කලක් මිනිස් ලොව ද, කලක් දෙව්ලොව ද හැසිර රහත් බවට පැමිණෙන පුද්ගලයාම මෙහිදී ගණනයට ගනු ලැබේ. එහෙයින් සත්තක්ඛත්තුං පරමො (සත්වරක් පමණක්) යන මෙය මෙහිදී අවස්ථා අටෙන් බැහැරව ධ්‍යාන නො ලබා විදර්ශනා වඩන්නහුට නමක් ලෙස (සුක්ඛ විපස්සක පුද්ගලයාට නමක් ලෙස) කියන ලද්දේ යයි දත යුතුය.
ධම්මානුසාරී සද්ධානුසාරීති එත්ථ පන ඉමස්මිං සාසනෙ ලොකුත්තරධම්මං නිබ්බත්තෙන්තස්ස ද්වෙ ධුරානි, ද්වෙ සීසානි, ද්වෙ අභිනිවෙසා – සද්ධාධුරං, පඤ්ඤාධුරං, සද්ධාසීසං, පඤ්ඤාසීසං, සද්ධාභිනිවෙසො, පඤ්ඤාභිනිවෙසොති. තත්ථ යො භික්ඛු “සචෙ සද්ධාය සක්කා නිබ්බත්තෙතුං, නිබ්බත්තෙස්සාමි ලොකුත්තරමග්ග”න්ති සද්ධං ධුරං කත්වා සොතාපත්තිමග්ගං නිබ්බත්තෙති, සො මග්ගක්ඛණෙ සද්ධානුසාරී නාම හොති. ඵලක්ඛණෙ පන සද්ධාවිමුත්තො නාම හුත්වා එකබීජී කොලංකොලො සත්තක්ඛත්තුපරමොති තිවිධො හොති. තත්ථ එකෙකො දුක්ඛාපටිපදාදිවසෙන චතුබ්බිධභාවං ආපජ්ජතීති සද්ධාධුරෙන ද්වාදස ජනා හොන්ති.
ධර්මානුසාරී ශ්‍රද්ධානුසාරී යන මෙහිදී මෙම සාසනයෙහි ලෝකෝත්තර උපදවන තැනැත්තාට ධුරයන් (හෙවත් මාර්ග) දෙකක්, අපේක්ෂාවන් දෙකක් වේ. එනම් ශ්‍රද්ධා ධුරය හා ප්‍රඥා ධුරයයි. එය සද්ධාභිනිවෙසය (ශ්‍රද්ධා අපේක්ෂාව) හා පඤ්ඤාභි නිවෙසය (ප්‍රඥා අපේක්ෂාව) යයිද දැක්වේ. එහිදී යම් භික්ෂු කෙනෙක් ඉදින් ශ්‍රද්ධාවෙන් ලෝකෝත්තර මාර්ගය ඉපදවීමට හැක්කේ නම් එය උපදවන්නෙමි යි ශ්‍රද්ධාව ධුරය කොට සෝවාන් මාර්ගය උපදවයි. හෙතෙමේ මාර්ග ක්ෂණයෙහිදී ශ්‍රද්ධානුසාරී නම් වෙයි. ඵලයට පැමිණෙන ක්ෂණයෙහි ශ්‍රද්ධා විමුක්ත නම් වී “ඒක බීජී, කෝ ලං කෝල” සත්තක්ඛත්තුං පරම” යන ත්‍රිවිධ ස්වභාවයනට අයත් වේ. මෙහිදී එක් එක් පුද්ගලයා දුක්ඛා පටිපදා ආදී වශයෙන් සිවු වැදෑරුම් ස්වභාවයට පැමිණෙන්නේය යන තත්ත්වය මත ශ්‍රද්ධා ධුරයෙන් (මාර්ගයෙන්) යුත් පුද්ගලයෝ දොළොස් දෙනෙක් වෙති (හෙවත් බෙදීම් දොළසක් වේ)
යො පන “සචෙ පඤ්ඤාය සක්කා නිබ්බත්තෙතුං, නිබ්බත්තෙස්සාමි ලොකුත්තරමග්ග”න්ති පඤ්ඤං ධුරං කත්වා සොතාපත්තිමග්ගං නිබ්බත්තෙති, සො මග්ගක්ඛණෙ ධම්මානුසාරී නාම හොති. ඵලක්ඛණෙ පන පඤ්ඤාවිමුත්තො නාම හුත්වා එකබීජිආදිභෙදෙන ද්වාදසභෙදොව හොති. එවං ද්වෙ මග්ගට්ඨා ඵලක්ඛණෙ චතුවීසති සොතාපන්නා හොන්තීති.
යමකු වනාහී ඉදින් ප්‍රඥාවෙන් ලෝකෝත්තර මාර්ගය උපදවීමට හැක්කකු නම් එය උපදවන්නෙමියි ප්‍රඥාව ධුරය (හෙවත් මාර්ගය) කොට සෝවාන් මාර්ගය උපදවයි ද, හේ තෙමේ මාර්ගක්ෂණයෙහිදී ධර්මානුසාරී නම් වෙයි. ඵලක්ෂණයෙහිදී ප්‍රඥා විමුක්ත නම් වී “ඒක බීජී” ආදී කොටස්වලින් යුතුව කොටස් (හෙවත් ප්‍රභේද) දොළසක්ම වේ. මෙසේ මාර්ගයෙහි පිහිටි දෙදෙනෙක් ඵල ක්ෂණයෙහි සෝවාන් වූ සූ විස්සක් බවට පත් වෙති. (හෙවත් බෙදීම් සූවිස්සක් වේ.)
තිපිටකතිස්සත්ථෙරො කිර “තීණි පිටකානි සොධෙස්සාමී”ති පරතීරං ගතො. තං එකො කුටුම්බිකො චතූහි පච්චයෙහි උපට්ඨාසි, ථෙරො ආගමනකාලෙ “ගච්ඡාමි උපාසකා”ති ආහ. “කහං භන්තෙ”ති? “අම්හාකං ආචරියුපජ්ඣායානං සන්තික”න්ති. “න සක්කා, භන්තෙ, මයා ගන්තුං, භද්දන්තං පන නිස්සාය මයා සාසනස්ස ගුණො ඤාතො, තුම්හාකං පරම්මුඛා කීදිසං භික්ඛුං උපසඞ්කමාමී”ති? අථ නං ථෙරො ආහ – “යො භික්ඛු චතුවීසති සොතාපන්නෙ ද්වාදස සකදාගාමී අට්ඨචත්තාලීස අනාගාමී ද්වාදස අරහන්තෙ දස්සෙත්වා ධම්මකථං කථෙතුං සක්කොති, එවරූපං භික්ඛුං උපට්ඨාතුං වට්ටතී”ති. ඉමස්මිං සුත්තෙ විපස්සනා කථිතාති.
ත්‍රිපිටක තිස්ස නම් ස්ථවිර තෙමේ වනාහී තුන්පිටකය පිරිසිදුව හදාරා නිම කරන්නෙමියි ඉටා පරතෙරට ගියේය. එක්තරා කෙළෙඹියෙක් ඒ භික්ෂුවට සිවු පසයෙන් උපස්ථාන කළේය. ස්ථවිර තෙමේ පෙරලා පැමිණෙන කාලයෙහි යම් උපාසක, ස්වාමීනි, කොහි (යන්නෙහි) ද? අපගේ ආචාර්ය උපාධ්‍යායයන් වෙතටය. ස්වාමීනි, මට යාමට හැකි නොවේද. ඔබ වහන්සේ නිසා මවිසින් සසුනෙහි ගුණ හඳුනා ගන්නා ලදී. ඔබවහන්සේ නැති කල්හි කෙබඳු නම් භික්ෂූන් වහන්සේ කෙනකු වෙත පැමිණෙම්ද? ඉක්බිති ඔහුට ස්ථවිර තෙමේ (මෙසේ) කීය. යම් භික්ෂුවක් සූවිසි සෝතාපන්නයන් ද, දොළසක් වන සකෘදාගාමීන් ද, අටසාළිස් අනාගාමීන් ද. දොළසක් වන රහතුන් ද හඳුන්වා දී දහම් දෙසීමට හැකිවන්නේ වේ ද එවැනි භික්ෂුවකට උවටැන් කිරීම සුදුසු වේ. මෙසේ මේ සූත්‍රයෙහි විදර්ශනාවන් කියන ලදී.
5-10. සුද්ධකසුත්තාදිවණ්ණනා
5-10. සුද්ධක ආදි සූත්‍ර වර්ණනා
පඤ්චමෙ චක්ඛු ච තං චක්ඛුද්වාරෙ නිබ්බත්තානං ධම්මානං ආධිපතෙය්යසඞ්ඛාතෙන ඉන්දට්ඨෙන ඉන්ද්රියඤ්චාති චක්ඛුන්ද්රියං. සොතින්ද්රියාදීසුපි එසෙව නයො. සෙසං සබ්බත්ථ උත්තානමෙව. ඉමස්මිං වග්ගෙ පඨමසුත්තඤ්චෙව ඡට්ඨාදීනි ච පඤ්චාති ඡ සුත්තානි චතුසච්චවසෙන කථිතානීති.
පස් වැන්නෙහි - ඇස ද, ඇස නමැති දොරටුවෙහි උපන් ධර්මයන්ගේ ආධිපත්‍යයේ ප්‍රධානත්වයෙන් යුත් එම ඉන්ද්රියය ද යන අදහසින් චක්ඛුන්‍ද්‍රිය නම් වේ. සොත ඉන්ද්රියය ආදියෙහි ද මේ පිළිවෙළම වේ. සෙස්ස සියලු තැන්හි පහසු වේ. මේ වර්ගයෙහි පළමු වන සූත්‍රය ද, සය වැන්න ආදී සූත්‍ර පහ ද චතුස්සත්‍යය වශයෙන් කියන ලද්දේ වෙයි.
ඡළින්ද්රියවග්ගො තතියො.
තුන්වන ඡළින්ද්රිය වග්ගය නිමි.