යෙදුමෙන් කියවන්න

4. සුඛින්‍ද්‍රියවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

4. සුඛින්ද්‍රිය වර්ගය

1-5. සුද‍්ධකසුත‍්තාදිවණ‍්ණනා

1-5. සුද්ධික ආදි සූත්‍ර වර්ණනා

චතුත්‍ථවග‍්ගස‍්ස පඨමෙ සුඛඤ‍්ච තං සහජාතානං ආධිපතෙය්‍යසඞ‍්ඛාතෙන ඉන්‍දට‍්ඨෙන ඉන්‍ද්‍රියඤ‍්චාති සුඛින්‍ද්‍රියං. දුක‍්ඛින්‍ද්‍රියාදීසුපි එසෙව නයො. එත්‍ථ ච සුඛින්‍ද්‍රියදුක‍්ඛින්‍ද්‍රියදොමනස‍්සින්‍ද්‍රියානි කාමාවචරානෙව, සොමනස‍්සින්‍ද්‍රියං ඨපෙත්‍වා අරූපාවචරං සෙසං තෙභූමකං, උපෙක‍්ඛින්‍ද්‍රියං චතුභූමකං. දුතියාදීනි චත‍්තාරි චතුසච‍්චවසෙනෙව කථිතානි.

සිවු වන වර්ගයේ පළමුවැන්නෙහි - සුඛය ද, ඒ සමග උපන් ධර්මයන්ගේ ආධිපත්‍යයේ ප්‍රධානත්වයෙන් යුත් එම ඉන්‍ද්‍රියය ද යන අදහසින් සුබින්‍ද්‍රිය නම් වේ. දුක්ඛින්‍ද්‍රිය, දොමනස්ස ඉන්‍ද්‍රිය යන මේවා කාමාවචරම වේ. සෝමනස්ස ඉන්‍ද්‍රිය හැර සෙසු රූපාවචර ඉන්‍ද්‍රිය ත්‍රෛභූමික වේ. උපේක්ෂා ඉන්‍ද්‍රියය චාතුර්භූමික වේ. දෙවැන්න ආදිකොට ඇති සතර චතුස්සත්‍යය වශයෙන් ම කියන ලදී.

6-8. විභඞ‍්ගසුත‍්තාදිවණ‍්ණනා

6-8. විභඞ්ග ආදි සූත්‍ර වර්ණනා

ඡට‍්ඨෙ කායිකන‍්ති කායපසාදවත්‍ථුකං. සුඛන‍්ති අයමස‍්ස සරූපනිද‍්දෙසො. සාතන‍්ති තස‍්සෙව වෙවචනං, මධුරන‍්ති වුත‍්තං හොති. කායසම‍්ඵස‍්සජන‍්ති කායසම‍්ඵස‍්සතො ජාතං. සුඛං සාතන‍්ති වුත‍්තනයමෙව. වෙදයිතන‍්ති අයමස‍්ස සබ‍්බවෙදනාසාධාරණො අඤ‍්ඤධම‍්මවිසිට‍්ඨො සභාවනිද‍්දෙසො. ඉමිනා නයෙන සෙසෙසුපි අත්‍ථො වෙදිතබ‍්බො. කායිකං වා චෙතසිකං වාති එත්‍ථ පන චක‍්ඛාදයො චත‍්තාරො පසාදකායෙ වත්‍ථුං කත්‍වා උප‍්පත‍්තිවසෙන කායිකන‍්ති වුත‍්තං. කායපසාදවත්‍ථුකං පන අදුක‍්ඛමසුඛං නාම නත්‍ථි.

සය වැන්නෙහි - කායිකං = ශරීරයේ ඉන්‍ද්‍රිය වින්දන ශක්තිය හේතුකොට ඇති සුඛං මෙය මෙහි ස්වභාවය දැක්වීමකි. සාතං යනු එයට තවත් වචනයකි. මධුර යනු එහි අරුත යයි කියන ලද්දේ වෙයි. කාය සම්ඵස්සජං = කයෙහි ස්පර්ශ වීමෙන් උපන් සුවය. “සාතං” යන්න කියන ලද පිළිවෙළින් ම අවබෝධ කළ යුතු වේ. වෙදයිතං මෙය මේ පිළිබඳ සියලු වින්දනයනට සමාන ලෙස යෙදේ. අන්‍ය වූ ධර්මයන්ගෙන් විශේෂිත කොට ඇති ස්වභාවය දැක්වීමකි. මේ පිළිවෙළින් සෙසු තැන්හි දී ද අර්ථය දත යුතුය. කායිකං වා චෙතසිකං වා = මෙහිදී වනාහී ඇස ආදීකොට ඇති සෙසු සතර (කණ, නැහැය, දිව, කය) කය පිළිබඳ ඉන්‍ද්‍රිය වින්දන ශක්තියෙහි පිහිටුවා උපදවීම් වශයෙන් කායිකයයි කියන ලදී. කායික ඉන්‍ද්‍රිය වින්දන ශක්තිය අදුක්‍ඛමසුඛ (දුක් නැති සැපයද නැති වන්නක්) නම් නොවේ.

9. කට‍්ඨොපමසුත‍්තවණ‍්ණනා

9. කට්ඨොපම සූත්‍ර වර්ණනාව

නවමෙ ද‍්වින‍්නං කට‍්ඨානන‍්ති ද‍්වින‍්නං අරණීනං. සඞ‍්ඝට‍්ටනසමොධානාති සඞ‍්ඝට‍්ටනෙන චෙව සමොධානෙන ච. උස‍්මාති උසුමාකාරො. තෙජොති අග‍්ගිධූමො. එත්‍ථ ච අධරාරණී විය වත්‍ථාරම‍්මණං, උත‍්තරාරණී විය ඵස‍්සො, සඞ‍්ඝට‍්ටො විය ඵස‍්සසඞ‍්ඝට‍්ටනං, අග‍්ගි විය වෙදනා දට‍්ඨබ‍්බා. වත්‍ථාරම‍්මණං වා උත‍්තරාරණී විය, ඵස‍්සො අධරාරණී විය දට‍්ඨබ‍්බො.

නව වැන්නෙහි - වින්නං කට්ඨානං = ගිනි දඬු දෙකේ. සඞ්ඝට්ටන සමොධානා = එකට ගැටීමෙන් ද, එකට එකතු කිරීමෙන් ද වශයෙන්, උසමා = උෂ්ණවත් තෙජො = ගින්නෙහි දුම මෙහි දී යට ඇති ගිනි දඬුව මෙන් ස්පර්ශය ද, ගැටීම මෙන් ස්පර්ශය හා ගැටීම ද, ගින්න මෙන් වින්දනය ද දැක්විය යුතුය. වස්තු අරමුණ උඩගිනි දඬුව මෙන් වුව ද, ස්පර්ශය යට ගිනි දඬුව මෙන් වුව ද දැක්විය හැකිය.

10. උප‍්පටිපාටිකසුත‍්තවණ‍්ණනා

10. උප්පටිපාටික සූත්‍ර වර්ණනාව

දසමං යථාධම‍්මරසෙන පටිපාටියා වුත‍්තම‍්පි ඉමස‍්මිං ඉන්‍ද්‍රියවිභඞ‍්ගෙ සෙසසුත‍්තානි විය අදෙසිතත‍්තා උප‍්පටිපාටිකසුත‍්තං නාමාති වෙදිතබ‍්බං. තත්‍ථ නිමිත‍්තන‍්තිආදීනි සබ‍්බානි පච‍්චයවෙවචනානෙව. දුක‍්ඛින්‍ද්‍රියඤ‍්ච පජානාතීති දුක‍්ඛසච‍්චවසෙනෙව පජානාති. දුක‍්ඛින්‍ද්‍රියසමුදයන‍්ති කණ‍්ටකෙන වා විද‍්ධස‍්ස මඞ‍්කුලෙන වා දට‍්ඨස‍්ස පච‍්චත්‍ථරණෙ වා වලියා ඵුට‍්ඨස‍්ස දුක‍්ඛසහගතං කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති, තං එතස‍්ස සමුදයොති පජානාති.

දස වැන්නෙහි - යම් සේ ධර්මාරම්මණ වශයෙන් පිළිවෙළින් කියන ලද්දේ ද, එසේම මෙහිදීද මෙම ඉන්‍ද්‍රිය විභංගයෙහි (ඉන්‍ද්‍රියයන් බෙදා දැක්වීමෙහි) සූත්‍ර හය මෙන් දේශනා කරන ලද බැවින් (මෙය) උප්පටිපාටික සූත්‍රාන්තය නමැයි දත යුතුය. එහි නිමිත්තං යන ආදී සියල්ල “පච්චය” යන්නට යෙදු වෙනත් වචනයන්මය. දුක්‍ඛින්‍ද්‍රියඤ්ච පජානාති = දුඃඛ සත්‍යය වශයෙන්ම දන්නේය. දුක්‍ඛින්‍ද්‍රිය සමුදයං = කටුවකින් විදිනු ලැබූ අයකුට හෝ මකුණකු විසින් දෂ්ට කරනු ලැබූ අයකුට හෝ ඇතිරිල්ලෙහි නැමීම් රැල්ලෙහි (අපහසු) ස්පර්ශය ලැබු අයකුට හෝ දුක් සහිත විඤ්ඤාණයක් උපදීද, එය මෙහි (දුකෙහි) හටගැන්ම යයි දන්නේය.

පරතො දොමනස‍්සින්‍ද්‍රියසමුදයන‍්තිආදීසුපි තෙසං තෙසං කාරණවසෙනෙව සමුදයො වෙදිතබ‍්බො. පත‍්තචීවරාදීනං වා හි සඞ‍්ඛාරානං සද‍්ධිවිහාරිකාදීනං වා සත‍්තානං විනාසෙන දොමනස‍්සින්‍ද්‍රියං උප‍්පජ‍්ජතීති තෙසං විනාසං තස‍්ස සමුදයොති පජානාති. සුභොජනං භුඤ‍්ජිත්‍වා වරසයනෙ නිපන‍්නස‍්ස හත්‍ථපාදසම‍්බාහනතාලවණ‍්ටවාතාදිසම‍්ඵස‍්සෙන සුඛින්‍ද්‍රියං උප‍්පජ‍්ජති, තං ඵස‍්සං තස‍්ස සමුදයොති පජානාති. වුත‍්තප‍්පකාරානං පන සත‍්තසඞ‍්ඛාරානං මනාපානං පටිලාභවසෙන සොමනස‍්සින්‍ද්‍රියං උප‍්පජ‍්ජති, තං පටිලාභං තස‍්ස සමුදයොති පජානාති. මජ‍්ඣත‍්තාකාරෙන පන උපෙක‍්ඛින්‍ද්‍රියං උප‍්පජ‍්ජති, තං සත‍්තසඞ‍්ඛාරෙසු මජ‍්ඣත‍්තාකාරං තස‍්ස සමුදයොති පජානාති.

බාහිර වශයෙන් දොමනස්සින්‍ද්‍රිය සමුදයං යන ආදියෙහි ද ඒවායේ හේතු වශයෙන් ම සමුදය (හටගැන්ම) දත යුතුය. පා සිවුරු ආදී බාහිර සංස්කාරයන්ගේ හෝ සද්ධි විහාරිකයන්ගේ (එක්ව වසන්නවුන්ගේ) හෝ වැනසී යාමකින් දෝමනස්ස ඉන්‍ද්‍රියය උපදී, යයි දන්නේය. ඒ අයගේ විනාශය එම දෝමනස්සයන්ගේ හට ගැන්ම යයි දත්ය. මනා වූ ආහාරයක් වළඳා උතුම් සයනයෙක වැදහොත් අයකුගේ අත් පා සම්බාහනයේ ස්පර්ශයෙන් ද, විජිනිපතින් සැලෙන පවනෙහි ස්පර්ශයෙන් ද සුඛ ඉන්‍ද්‍රියය උපදී. ඒ ස්පර්ශය එම සුඛ ඉන්‍ද්‍රියයේ හට ගැන්ම යයි දන්නේය. මධ්‍යස්ථ ආකාරයෙන් උපේක්ෂා ඉන්‍ද්‍රියය උපදී. සප්ත සංස්කාරයන්හි මධ්‍යස්ථ ආකාරය වන එය එම උපේක්ෂා ඉන්‍ද්‍රියයේ හට ගැන්ම යයි දන්නේය.

කත්‍ථ චුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති, ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහීතිආදීසු පන අයං එකතොව විනිච‍්ඡයකථා – දුක‍්ඛින්‍ද්‍රියඤ‍්හි පඨමජ‍්ඣානස‍්ස උපචාරක‍්ඛණෙයෙව නිරුජ‍්ඣති පහීනං හොති, දොමනස‍්සාදීනි දුතියජ‍්ඣානාදීනං. එවං සන‍්තෙපි තෙසං අතිසයනිරොධත‍්තා අයං ඣානෙසුයෙව නිරොධො වුත‍්තො. අතිසයනිරොධො හි තෙසං පඨමජ‍්ඣානාදීසු, න නිරොධොයෙව, නිරොධොයෙව පන උපචාරක‍්ඛණෙ, නාතිසයනිරොධො. තථා හි නානාවජ‍්ජනෙ පඨමජ‍්ඣානුපචාරෙ නිරුද‍්ධස‍්සාපි දුක‍්ඛින්‍ද්‍රියස‍්ස ඩංසමකසාදිසම‍්ඵස‍්සෙන වා විසමාසනුපතාපෙන වා සියා උප‍්පත‍්ති, න ත්‍වෙව අන‍්තොඅප‍්පනායං.

කත්‍ථචුප්පන්නං දුක්‍ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති ඉධ භික්ඛවෙ භික්‍ඛු විවිච්චෙව කාමෙහි = මේ ආදියෙහි වනාහී මෙම එකම විනිශ්චය කථාව වෙයි. දුඃඛ ඉන්‍ද්‍රියය ප්‍රථම ධ්‍යානයේ උපචාර ක්ෂණයෙහි දී ම (මුලික කොටසේදීම) නිරුද්ධ වෙයි, (ප්‍රහීන වේ.) මෙසේ පවත්නා කල්හි වුවද ඒවායේ අතිශය නිරෝධය (සම්පූර්ණ නිරෝධය) සිදුවන බැවින් මෙම නිරෝධය ද ධ්‍යානයන් හිඳීම සිදු වේයයි කියන ලදී. සම්පූර්ණ නිරෝධය (අතිශය නිරෝධය) යනු නිරුද්ධ වන දෙය ප්‍රථමධ්‍යාන ආදිය හමුවෙහි නිරුද්ධ වීමය. උපචාර ක්ෂණයේදී සම්පූර්ණ නිරෝධයක් සිදු නොවේ. විවිධ ලෙස මෙනෙහි කර බැලීමෙහිදී, ප්‍රථම ධ්‍යාන උපචාරයේදී (හෙවත් ප්‍රථම ධ්‍යානයේ මූලික අවස්ථාවේදී නිරුද්ධ වූ දුඃබ ඉන්‍ද්‍රියයේ නැවත උත්පත්තියක් මැසි මදුරු දෂ්ටයෙන්, වාත ආදී ස්පර්ශයෙන් හෝ විසමවූ තාපයෙන් සිදුවන්නේය යන බව අවබෝධ වේ.

උපචාරෙ වා නිරුද‍්ධම‍්පෙතං න සුට‍්ඨු නිරුද‍්ධං හොති පටිපක‍්ඛෙන අවිහතත‍්තා. අන‍්තොඅප‍්පනායං පන පීතිඵරණෙන සබ‍්බො කායො සුඛොක‍්කන‍්තො හොති, සුඛොක‍්කන‍්තකායස‍්ස ච සුට‍්ඨු නිරුද‍්ධං හොති දුක‍්ඛින්‍ද්‍රියං පටිපක‍්ඛෙන විහතත‍්තා. නානාවජ‍්ජනෙයෙව ච දුතියජ‍්ඣානුපචාරෙ පහීනස‍්ස දොමනස‍්සින්‍ද්‍රියස‍්ස යස‍්මා එතං විතක‍්කවිචාරපච‍්චයෙපි කායකිලමථෙ චිත‍්තුපඝාතෙ ච සති උප‍්පජ‍්ජති, විතක‍්කවිචාරාභාවෙ නෙව උප‍්පජ‍්ජති. යත්‍ථ පන උප‍්පජ‍්ජති, තත්‍ථ විතක‍්කවිචාරභාවෙ, අප‍්පහීනා එව ච දුතියජ‍්ඣානුපචාරෙ විතක‍්කවිචාරාති තත්‍ථස‍්ස සියා උප‍්පත‍්ති. න ත්‍වෙව දුතියජ‍්ඣානෙ පහීනපච‍්චයත‍්තා. තථා තතියජ‍්ඣානුපචාරෙ පහීනස‍්සාපි සුඛින්‍ද්‍රියස‍්ස පීතිසමුට‍්ඨානපණීතරූපඵුට‍්ඨකායස‍්ස සියා උප‍්පත‍්ති, න ත්‍වෙව තතියජ‍්ඣානෙ. තතියජ‍්ඣානෙ හි සුඛස‍්ස පච‍්චයභූතා පීති සබ‍්බසො නිරුද‍්ධා. තථා චතුත්‍ථජ‍්ඣානුපචාරෙ පහීනස‍්සාපි සොමනස‍්සින්‍ද්‍රියස‍්ස ආසන‍්නත‍්තා අප‍්පනාප‍්පත‍්තාය උපෙක‍්ඛාය අභාවෙන සම‍්මා අනතික‍්කන‍්තත‍්තා ච සියා උප‍්පත‍්ති, න ත්‍වෙව චතුත්‍ථජ‍්ඣානෙ. තස‍්මා “එත්‍ථ චුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣතී”ති තත්‍ථ තත්‍ථ අපරිසෙසග‍්ගහණං කතං.

ධ්‍යානයේ මුල් අවස්ථාවන්හිදී නිරෝධය සිදු නොවේ. ප්‍රතිපක්ෂයක් විසින් දුබල නො කරනු ලබන බැවින් ධ්‍යානය තුළදීම ප්‍රීතිය පැතිර සිටීමෙන් සකල ශරීරය සුවයෙන් වෙලී යයි. එසේ වුව ද නිරුද්ධ විය යුත්ත මනාව නිරුද්ධ වේ. දුඃඛයේ ප්‍රතිපක්ෂය විසින් දුක දුබල කරන ලද බැවින් සුවයෙන් වෙළුණ තැනැත්තා තුළින් දුඃඛ ඉන්‍ද්‍රියය පහසුවෙන් නිරුද්ධ වේ. විවිධ මෙනෙහි කිරීම් ඇති ද්විතීය ධ්‍යානයේ උපචාරයේදී ප්‍රහීන වූ දෝමනස්ස ඉන්‍ද්‍රිය ඇති තැනැත්තා හට ඒ හේතුව නිසා විතර්ක විචාර හේතු එය (දෝමනස්ස ඉන්‍ද්‍රියය) උපදී. විතර්ක විචාර නැති කල්හි එය නො උපදීමය. යම් තැනෙක එය උපදීද, යම් තැනෙක විතර්ක විචාර ස්වභාවයෙහිදී සමාධියේ මුලික අවස්ථා උපදීද, ද්විතීය ධ්‍යානයේ උපචාරයෙහි දී විතර්ක විචාරයන් උපදීද, ද්විතීය ධ්‍යානයෙහිදී ඒවා ප්‍රහීන වීමේ හේතුවෙන් ඒවායේ නො උපදී. එසේම තුන් වන ධ්‍යානයේ උපචාර හීන වූ තැනැත්තහුට වුවද සුඛ ඉන්‍ද්‍රියයේ ප්‍රීතියෙන් හටගත් සොඳුරු රූපත් ශරීරය ඇත්තහුට සේම සුඛ ඉන්‍ද්‍රියය උපදී තෙවන ධ්‍යානයෙහිදී එසේ නොවේ. තෙවන ධ්‍යානයෙහි දී වනාහී සුඛයට හේතු වූ ප්‍රීතිය සියලු අයුරින්ම නිරුද්ධ වේ. එසේම සිවුවන ධ්‍යානයේ උපචාරයේදී ප්‍රහීතා වූ සෝමනස්ස ඉන්‍ද්‍රියයේ ආසන්න භාවයේ හේතුවෙන් ද, ධ්‍යානයට පැමිණි තැනැත්තාගේ උපේක්ෂාවේ අභාවය නිසා ද, ඒවා මනාව ඉක්මනොයන බැවින්ද එය උපදී. සිවුවන ධ්‍යානයේදී එසේ නොවේ. එහෙයින් එත්‍ථචුප්පන්නං දුක්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති යනුවෙන් ඒ ඒ තැන්හි ශේෂ නො කොට ගන්නා ලදී.

යං පනෙත්‍ථ තදත්‍ථාය චිත‍්තං උපසංහරතීති වුත‍්තං, තත්‍ථ අලාභී සමානො උප‍්පාදනත්‍ථාය චිත‍්තං උපසංහරති, ලාභී සමානො සමාපජ‍්ජනත්‍ථායාති එවමත්‍ථො වෙදිතබ‍්බො. ඉමෙසු ද‍්වීසුපි සුත‍්තෙසු සම‍්මසනවාරොව කථිතොති.

යමක් වනාහී මෙහිදී තථත්තාය චිත්තං උපසංහරති යයි කියන ලද්දේ ද එහිදී ධ්‍යාන නො ලබා සිටියෙක් වූයේ නම් (ධ්‍යානය) උත්පාදනය සඳහා සිත එක්තැන් කරයි. ලබා සිටියෙක් වූයේ නම් ධ්‍යානයට සම වැදීම සඳහා සිත එක් තැන් කරයි. මෙසේ අර්ථය දත යුතුයි. මේ අයුරින් මේ සූත්‍ර දෙකෙහිදීම විමසා බැලීමේ අවස්ථාවන්ම කියන ලදී.

සුඛින්‍ද්‍රියවග‍්ගො චතුත්‍ථො.

සතරවන සුඛින්‍ද්‍රිය වර්ගය නිමි.