සුද්ධකසුත්තං
4. 4. 1.
4. 4. 1.
සුද්ධකසුත්තං
සුද්ධික සූත්රය
1715. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං, ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානීති.
1715. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය දුක්ඛින්ද්රිය සෝමනස්සින්ද්රිය දෝමනස්සින්ද්රිය උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
4. 4. 2.
4. 4. 2.
සොතාපන්නසුත්තං
සෝත සූත්රය
1716. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
1716. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය දුක්ඛින්ද්රිය සෝමනස්සින්ද්රිය දෝමනස්සින්ද්රිය උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි, මේ අරීසවු තෙමේ සිවුඅපායෙහි නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි කියනු ලැබේ යි.
4. 4. 3.
4. 4. 3.
අරහන්තසුත්තං
අරහන්ත සූත්රය
1717. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, භික්ඛු ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තොති.
1717. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, යම් කලෙක මහණ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත්, ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ ක්ෂය කළ ආස්රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්ත්ථ ඇති සහමුලින් ක්ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
4. 4. 4.
4. 4. 4.
සමණබ්රාහ්මණසුත්තං
සමණබ්රාහ්මණ සූත්රය
1718. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
1718. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිත්ද ... දනිත්ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
4. 4. 5.
4. 4. 5.
දුතිය සමණබ්රාහ්මණසුත්තං
දුතිය සමණබ්රාහ්මණ සූත්රය
1719. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සුඛින්ද්රියං නප්පජානන්ති, සුඛින්ද්රියසමුදයං නප්පජානන්ති, සුඛින්ද්රියනිරොධං නප්පජානන්ති, සුඛින්ද්රියනිරොධගාමිනීපටිපදං නප්පජානන්ති. දුක්ඛින්ද්රියං නප්පජානන්ති -පෙ- සොමනස්සින්ද්රියං නප්පජානන්ති -පෙ- දොමනස්සින්ද්රියං නප්පජානන්ති -පෙ- උපෙක්ඛින්ද්රියං නප්පජානන්ති. උපෙක්ඛින්ද්රියසමුදයං නප්පජානන්ති, උපෙක්ඛින්ද්රියනිරොධං නප්පජානන්ති, උපෙක්ඛින්ද්රියනිරොධගාමිනීපටිපදං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
1719. මහණෙනි, මේ ඉන්ද්රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්ද්රිය ... උපෙක්ඛින්ද්රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සුඛින්ද්රිය නො දනිත් ද සුඛින්ද්රියසමුදයය නො දනිත් ද සුඛින්ද්රියනිරෝධය නො දනිත් ද සුඛින්ද්රියනිරොධගාමිනීපටිපදාව නො දනිත් ද දුක්ඛින්ද්රිය නො දනිත් ද ... සෝමනස්සින්ද්රිය නො දනිත් ද ... දෝමනස්සින්ද්රිය නො දනිත් ද ... උපෙක්ඛින්ද්රිය නො දනිත්ද ... උපෙක්ඛින්ද්රියසමුදය නො දනිත්ද ... උපෙක්ඛින්ද්රියනිරොධය නො දනිත් ද ... උපෙක්ඛීන්ද්රියනිරොධගාමිනීපටිපදව නො දනිත් ... දනිත් ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.