යෙදුමෙන් කියවන්න

3. ඡළින්‍ද්‍රියවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

3. ඡළින්‍ද්‍රිය වර්‍ගය

4. 3. 1.

4. 3. 1.

පුනබ‍්භවසුත‍්තං

පුනබ්භව සූත්‍රය

1705. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. යාවකීවාහං භික‍්ඛවෙ, ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං. නෙව තාවාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො පච‍්චඤ‍්ඤාසිං. යතො ච ඛො’හං භික‍්ඛවෙ, ඉමෙසං පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං අබ‍්භඤ‍්ඤාසිං, අථාහං භික‍්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්‍රහ‍්මකෙ සස‍්සමණබ්‍රාහ‍්මණියා පජාය සදෙවමනුස‍්සාය අනුත‍්තරං සම‍්මාසම‍්බොධිං අභිසම‍්බුද‍්ධො පච‍්චඤ‍්ඤාසිං. ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි, අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති, අයමන‍්තිමා ජාති, නත්‍ථිදානි පුනබ‍්භවොති.

1705. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යී. මහණෙනි, මම යම්තාක් මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය (=බුද්ධත්‍වය) අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දත්තෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට පස්විකුම්නැණ ද පහළ විය. මාගේ අරහත්ඵලවිමුක්තිය නො සැලේ (නො පිරිහේ). මේ අන්තිම ඉපැද්ම යි. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.

4. 3. 2.

4. 3. 2.

ජීවිතින්‍ද්‍රියසුත‍්තං

ජීවිතින්‍ද්‍රිය සූත්‍රය

1706. තීණිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි තීණි: ඉත්‍ථින්‍ද්‍රියං, පුරිසින්‍ද්‍රියං, ජීවිතින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි ඉන්‍ද්‍රියානීති.

1706. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.

4. 3. 3.

4. 3. 3.

අඤ‍්ඤින්‍ද්‍රියසුත‍්තං

අඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය

1707. තීණිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි තීණි: අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං, අඤ‍්ඤින්‍ද්‍රියං, අඤ‍්ඤාතාවින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, තීණි ඉන්‍ද්‍රියානීති.

1707. මහණෙනි, ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: අඤ්ඤතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.

4. 3. 4.

4. 3. 4.

එකබීජීසුත‍්තං

ඒකබීජී සූත්‍රය

1708. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා පරිපූරත‍්තා අරහං හොති. තතො මුදුතරෙහි අන‍්තරා පරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි උපහච‍්චපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි අසංඛාර පරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි එකබීජී හොති තතො මුදුතරෙහි කොලංකොලො හොති. තතො මුදුතරෙහි සත‍්තක‍්ඛත‍්තුපරමො හොති. තතො මුදුතරෙහි ධම‍්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද‍්ධානුසාරී හොතීති.

1708. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු පසිඳුරෝ ය. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්චපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ඒකබීජී (=එක් පිළිසඳක් ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් කොලංකොල (=දෙතුන් පිළිසඳක් ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සත්තක්ඛත්තුපරම (=සත්වන පිළිසඳ කෙළවරකොට ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ යි.

4. 3. 5.

4. 3. 5.

සුද‍්ධකසුත‍්තං

සුද්ධක සූත්‍රය

1709. ඡයිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි ඡ: චක‍්ඛුන්‍ද්‍රියං, සොතින්‍ද්‍රියං, ඝානින්‍ද්‍රියං, ජිව‍්හින්‍ද්‍රියං, කායින්‍ද්‍රියං, මනින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, ඡ ඉන්‍ද්‍රියානීති.

1709. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය සෝතින්‍ද්‍රිය ඝානින්‍ද්‍රිය ජිව්හින්‍ද්‍රිය කායින්‍ද්‍රිය මනින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු සඉඳුරෝ යි.

4. 3. 6.

4. 3. 6.

සොතාපන‍්නසුත‍්තං

සෝතාපන්න සූත්‍රය

1710. ඡයිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි ඡ: චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- මනින්‍ද්‍රියං. යතො ඛො භික‍්ඛවෙ, අරියසාවකො ඉමෙසං ඡන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං පජානාති. අයං වුච‍්චති භික‍්ඛවෙ, අරියසාවකො සොතාපන‍්නො අවිනිපාතධම‍්මො නියතො සම‍්බොධිපරායණොති.

1710. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක අරිසවු මේ සයිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ අරිසවු සිවුඅපාහි නොහෙන සැහැවි ඇති නියත් වූ මතු තුන්මඟ නමැති සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුල් යි කියනු ලැබේ යි.

4. 3. 7.

4. 3. 7.

අරහන‍්තසුත‍්තං

අරහන්ත සූත්‍රය

1711. ඡයිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි ඡ: චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- මනින්‍ද්‍රියං. යතො ඛො භික‍්ඛවෙ, භික‍්ඛු ඉමෙසං ඡන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං විදිත්‍වා අනුපාදා විමුත‍්තො හොති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසඤ‍්ඤොජනො සම‍්මදඤ‍්ඤාවිමුත‍්තොති.

1711. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක මහණ මේ සයිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, මහණෙනි, මේ මහණ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹවර ඇති කළ සිවුමඟ කටයුතු ඇති බහා තැබූ කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාත්‍ථිය ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැයි කියනු ලැබේ යි.

4. 3. 8.

4. 3. 8.

බුද‍්ධසුත‍්තං

බුද්ධ සූත්‍රය

1712. ඡයිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි ඡ: චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- මනින්‍ද්‍රියං. යාවකීවාහං භික‍්ඛවෙ, ඉමෙසං ඡන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නාබ‍්භඤ‍්ඤාසිං -පෙ- ඤාණඤ‍්ච පන මෙ දස‍්සනං උදපාදි. අකුප‍්පා මෙ චෙතොවිමුත‍්ති. අයමන‍්තිමා ජාති. නත්‍ථිදානි පුනබ‍්භවොති.

1712. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, මම යම්තාක් මේ සඉඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද ... මට පස්විකුම් නැණ ද පහළ විය. මාගේ අර්‍හත්ඵල විමුක්තිය නො සැලේ. මේ කෙළවර ඉපැද්ම ය. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.

4. 3. 9.

4. 3. 9.

සමණබ්‍රාහ‍්මණසුත‍්තං

සමණබ්‍රාහ්මණ සූත්‍රය

1713. ඡයිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි ඡ: චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- මනින්‍ද්‍රියං. යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා ඉමෙසං ඡන‍්නං ඉන්‍ද්‍රියානං සමුදයඤ‍්ච අත්‍ථගමඤ‍්ච අස‍්සාදඤ‍්ච ආදීනවඤ‍්ච නිස‍්සරණඤ‍්ච යථාභූතං නප‍්පජානන‍්ති -පෙ- පජානන‍්ති -පෙ- සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

1713. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සයිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.

4. 3. 10.

4. 3. 10.

දුතිය සමණබ්‍රාහ‍්මණසුත‍්තං

දුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය

1714. යෙ හි කෙචි භික‍්ඛවෙ, සමණා වා බ්‍රාහ‍්මණා වා චක‍්ඛුන්‍ද්‍රියං නප‍්පජානන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියසමුදයං නප‍්පජානන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියනිරොධං නප‍්පජානන‍්ති, චක‍්ඛුන්‍ද්‍රියනිරොධගාමිනීපටිපදං නප‍්පජානන‍්ති. සොතින්‍ද්‍රියං නප‍්පජානන‍්ති -පෙ- ඝානින්‍ද්‍රියං නප‍්පජානන‍්ති -පෙ- ජිව‍්හින්‍ද්‍රියං නප‍්පජානන‍්ති -පෙ- කායින්‍ද්‍රියං නප‍්පජානන‍්ති -පෙ- මනින්‍ද්‍රියං නප‍්පජානන‍්ති, මනින්‍ද්‍රියසමුදයං නප‍්පජානන‍්ති, මනින්‍ද්‍රියනිරොධං නප‍්පජානන‍්ති, මනින්‍ද්‍රියනිරොධගාමිනීපටිපදං නප‍්පජානන‍්ති -පෙ- පජානන‍්ති -පෙ- සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරන‍්තීති.

1714. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ චක්ඛුන්‍ද්‍රියය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය සමුදය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, සෝතින්‍ද්‍රිය නො දනිත්ද ... ඝානින්‍ද්‍රිය නො දනිත් ද ... ජිව්හින්‍ද්‍රිය නො දනිත්ද ... කායින්‍ද්‍රිය නො දනිත්ද ... මනින්‍ද්‍රිය නො දනිත්ද, මනින්‍ද්‍රිය සමුදය නො දනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධය නො දනිත් ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද ... දනිත්ද තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.

ඡළින්‍ද්‍රියවග‍්ගො තතියො.

තෙවැනි ඡළින්‍ද්‍රියවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

පුනබ‍්භවො ජීවිතඤ‍්ඤා එකබීජී ච සුද‍්ධකං, සොතාපන‍්නො’රහං බුද‍්ධො ද‍්වෙ ච සමණබ්‍රාහ‍්මණාති.

පුනබ්භව, ජීවිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, ඒකබීජී, සුද්ධක, සෝතාපන්න, අරහන්ත, බුද්ධ යි සූත්‍ර අටෙක් ද සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකෙක් ද වෙති යි.