යෙදුමෙන් කියවන්න

සංඛිත‍්තසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 2. 2.

4. 2. 2.

සංඛිත‍්තසුත‍්තං

සඞ්ඛිත්ත සූත්‍රය

1696. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා පරිපූරත‍්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන‍්නො හොති. තතො මුදුතරෙහි ධම‍්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද‍්ධානුසාරී හොතීති.

1696. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් රැස්කළ බැවින් පිරූ බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන් හේතු කොට ගෙන අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සද්ධානුසාරී වේ යි.

4. 2. 3.

4. 2. 3.

දුතිය සංඛිත‍්තසුත‍්තං

දුතිය සඞ්ඛිත්ත සූත්‍රය

1697. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා පරිපූරත‍්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන‍්නො හොති. තතො මුදුතරෙහි ධම‍්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද‍්ධානුසාරී හොති. ඉති ඛො භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියවෙමත‍්තතා ඵලවෙමත‍්තතා [හොති, ඵලවෙමත‍්තතා පුග‍්ගලවෙමත‍්තතා]ති.

1697. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් සවාරෙන් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට චඩා මොළොක් ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් ඵලනානාත්‍වය ද [ඵලනානාත්‍වයෙන් පුද්ගලනානාත්‍වය ද] වේ යි.

4. 2. 4.

4. 2. 4.

තතිය සංඛිත‍්තසුත‍්තං

තතිය සඞ්ඛිත්ත සූත්‍රය

1698. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා පරිපූරත‍්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන‍්නො හොති. තතො මුදුතරෙහි ධම‍්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද‍්ධානුසාරී හොති. ඉති ඛො භික‍්ඛවෙ, පරිපූරං පරිපූරකාරී ආරාධෙති. පදෙසං පදෙසකාරී ආරාධෙති. අවඤ‍්ඣානිත්‍වෙවාහං භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානී වදාමීති.

1698. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රගත්මඟ කරන්නේ රහත්බව සපයයි. පෙදෙස් වූ යට තුන්මඟ කරන්නේ යට තුන් පල සපයයි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමියි.

4. 2. 5.

4. 2. 5.

විත්‍ථාරසුත‍්තං

විත්‍ථාර සූත්‍රය

1699. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා පරිපූරත‍්තා අරහං හොති. තතො මුදුතරෙහි අන‍්තරාපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි උපහච‍්ච පරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි අසඞ‍්ඛාර පරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි සසඞ‍්ඛාර පරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන‍්නො හොති. තතො මුදුතරෙහි ධම‍්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද‍්ධානුසාරී හොතීති.

1699. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන්ගෙන් (ආයු මැද නොයික්මවා) අතර කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු හෙවත් රහත්වනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් (ආයු මැද ඉක්මවා) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ නැති ව (සුවසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ ඇති ව (දුකසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් හෙවත් අවිහයෙහි පටන් සිවුබඹලොව උපදින්නෙක් වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් ගෙන් සද්ධානුසාරී වේ යි.

4. 2. 6.

4. 2. 6.

දුතිය විත්‍ථාරසුත‍්තං

දුතිය විත්‍ථාර සූත්‍රය

1700. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා පරිපූරත‍්තා අරහං හොති, තතො මුදුතරෙහි අන‍්තරාපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි උපහච‍්චපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි අසඞ‍්ඛාර පරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන‍්නො හොති. තතො මුදුතරෙහි ධම‍්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද‍්ධානුසාරී හොති. ඉති ඛො භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියවෙමත‍්තතා ඵලවෙමත‍්තතා හොති. ඵලවෙමත‍්තතා පුග‍්ගලවෙමත‍්තතාති.

1700. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ. මහණෙනි, මෙසේ ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් ඵලනානාත්‍වය ද ඵලනානාත්‍වයෙන් පුද්ගලනානාත්‍වය ද වේ යි.

4. 2. 7.

4. 2. 7.

තතිය විත්‍ථාරසුත‍්තං

තතිය විත්‍ථාර සූත්‍රය

1701. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා පරිපූරත‍්තා අරහං හොති. තතො මුදුතරෙහි අන‍්තරාපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි උපහච‍්චපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි අසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි සසඞ‍්ඛාරපරිනිබ‍්බායී හොති. තතො මුදුතරෙහි උද‍්ධංසොතො හොති අකනිට‍්ඨගාමී. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන‍්නො හොති. තතො මුදුතරෙහි ධම‍්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද‍්ධානුසාරී හොති. ඉති ඛො භික‍්ඛවෙ, පරිපූරං පරිපූරකාරී ආරාධෙති. පදෙසං පදෙසකාරී ආරාධෙති. අවඤ‍්ඣානිත්‍වෙවාහං භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි වදාමීති.

1701. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රහත්මග කරන්නේ රහත්බව සපය යි, යට තුන්මඟ කරන්නේ යට තුන්පල සපය යි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමි යි.

4. 2. 8.

4. 2. 8.

පටිපන‍්නසුත‍්තං

පටිපන්න සූත්‍රය

1702. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං සමත‍්තා පරිපූරත‍්තා අරහං හොති. තතො මුදුතරෙහි අරහත‍්තඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති. තතො මුදුතරෙහි අනාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො හොති. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සකදාගාමිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො හොති. තතො මුදුතරෙහි සොතාපන‍්නො හොති. තතො මුදුතරෙහි සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නො හොති. යස‍්ස ඛො භික‍්ඛවෙ, ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං නත්‍ථි, තමහං බාහිරො පුථුජ‍්ජනපක‍්ඛෙ ඨිතොති වදාමීති.

1702. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් රහත්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. මහණෙනි, යමකුට මේ පසිඳුරෝ මුළුමනින් සියලු අයුරින් නැද්ද, හෙතෙමේ බැහැර වූ පුහුදුන් පසෙහි සිටියේ ය යි මම කියමි යි.

4. 2. 9.

4. 2. 9.

සම‍්පන‍්නසුත‍්තං

සම්පන්න සූත්‍රය

1703. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “ඉන්‍ද්‍රියසම‍්පන‍්නො, ඉන්‍ද්‍රියසම‍්පන‍්නො”ති භන‍්තෙ වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, ඉන්‍ද්‍රියසම‍්පන‍්නො හොතීති? ඉධ භික‍්ඛු, භික‍්ඛු සද‍්ධින්‍ද්‍රියං භාවෙති උපසමගාමිං සම‍්බොධගාමිං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවෙති උපසමගාමිං සම‍්බොධගාමිං. එත‍්තාවතා ඛො භික‍්ඛු, ඉන්‍ද්‍රියසම‍්පන‍්නො හොතීති.

1703. ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකෙළේ ය. වහන්ස, ඉන්‍ද්‍රියසම්පන්නය ඉන්‍ද්‍රියසම්පන්නය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්නය වේදැ යි? මහණ, මෙහි මහණතෙමේ කෙලෙස් සංහිඳිමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු සද්ධින්‍ද්‍රිය වඩයි ... කෙලෙස් සංසිඳුවීමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණ මෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න (-පිරිපුන් ඉඳුරන් ඇත්තේ) වේ යි.

4. 2. 10.

4. 2. 10.

ආසවක‍්ඛයසුත‍්තං

ආසවක්ඛය සූත්‍රය

1704. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානි. ඉමෙසං ඛො භික‍්ඛවෙ, පඤ‍්චන‍්නං ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤාසච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

1704. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.

මුදුතරවග‍්ගො දුතියො.

දෙවෙනි මුදුතර වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

පටිලාභො තිසඞ‍්ඛිත‍්තා විත්‍ථාරා අපරෙ තයො පටිපන‍්නො ච සම‍්පන‍්නො දසමො ආසවක‍්ඛයොති.

පටිලාභ සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍ර තුන ය, අනෙක් විත්‍ථාර සූත්‍ර තුන ය, පටිපන්නසම්පන්නසූත්‍ර දෙක ය. දශවන ආසවක්ඛයසූත්‍ර ය යි දශසූත්‍රාන්ත කෙනෙකි යි.