යෙදුමෙන් කියවන්න

විභඞ‍්ගසුත‍්තං

4. 4. 6.

4. 4. 6.

විභඞ‍්ගසුත‍්තං

විභඞ්ග සූත්‍රය

1720. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සුඛින්‍ද්‍රියං -පෙ- උපෙක‍්ඛින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, සුඛින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, කායිකං සුඛං, කායිකං සාතං, කායසම‍්ඵස‍්සජං සුඛං සාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සුඛින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, කායිකං දුක‍්ඛං, කායිකං අසාතං, කායසම‍්ඵස‍්සජං දුක‍්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, සොමනස‍්සින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, චෙතසිකං සුඛං චෙතසිකං සාතං මනොසම‍්ඵස‍්සජං සුඛං සාතං වෙදයිතං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සොමනස‍්සින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, දොමනස‍්සින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, චෙතසිකං දුක‍්ඛං චෙතසිකං අසාතං මනොසම‍්ඵස‍්සජං දුක‍්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දොමනස‍්සින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, උපෙක‍්ඛින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙවසාතං නාසාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, උපෙක‍්ඛින්‍ද්‍රියං. ඉමානි ඛො භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානීති.

1720. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති දුක් වූ කායප්‍රසාදය වස්තු කොට ඇති අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දුක්ඛින්‍ද්‍රිය කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්‍රසාද වස්තු කොට ඇත්තා වූ හෝ සිත පිළිබඳ වූ හෝ නො ම මිහිරි වූත් නොම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.