දුතිය විභඞ‍්ගසුත‍්තං
4. 4. 7.
4. 4. 7.
දුතිය විභඞ‍්ගසුත‍්තං
දුතිය විභඞ්ග සූත්‍රය
1721. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සුඛින්‍ද්‍රියං -පෙ- උපෙක‍්ඛින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, සුඛින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, කායිකං සුඛං, කායිකං සාතං, කායසම‍්ඵස‍්සජං සුඛං සාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සුඛින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, දුක‍්ඛින්‍ද්‍රියං: -පෙ- කතමඤ‍්ච, භික‍්ඛවෙ, උපෙක‍්ඛින්‍ද්‍රියං: යං ඛො, භික‍්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙව සාතං නාසාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, උපෙක‍්ඛින්‍ද්‍රියං. තත්‍ර භික‍්ඛවෙ, යඤ‍්ච සුඛින්‍ද්‍රියං යඤ‍්ච සොමනස‍්සින්‍ද්‍රියං, සුඛා සා වෙදනා දට‍්ඨබ‍්බා. යඤ‍්ච දුක‍්ඛින්‍ද්‍රියං යඤ‍්ච දොමනස‍්සින්‍ද්‍රියං, තත්‍ර භික‍්ඛවෙ, දුක‍්ඛා සා වෙදනා දට‍්ඨබ‍්බා. තත්‍ර, භික‍්ඛවෙ, යමිදං උපෙක‍්ඛින්‍ද්‍රියං, අදුක‍්ඛමසුඛා සා වෙදනා දට‍්ඨබ‍්බා. ඉමානි ඛො, භික‍්ඛවෙ, පඤ‍්චින්‍ද්‍රියානීති.
1721. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මෙය සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: ... මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්‍රසාදවස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, එහි යම් සුඛින්‍ද්‍රියයකුත් යම් සෝමනස්සින්‍ද්‍රියයකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්‍ද්‍රියයකුත් යම් දෝමනස්සින්‍ද්‍රියයකුත් වේ නම් එය දුක් වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නොදුක් නොසුවවෙදනා යි දැක්කයුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.