යෙදුමෙන් කියවන්න

තතිය විභඞ‍්ගසුත‍්තං

4. 4. 8.

4. 4. 8.

තතිය විභඞ‍්ගසුත‍්තං

තතිය විභඞ්ග සූත්‍රය

1722. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සුඛින්‍ද්‍රියං -පෙ- උපෙක‍්ඛින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, සුඛින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, කායිකං සුඛං, කායිකං සාතං, කායසම‍්ඵස‍්සජං සුඛං සාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සුඛින්‍ද්‍රියං. කතමඤ‍්ච, භික‍්ඛවෙ, දුක‍්ඛින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, කායිකං දුක‍්ඛං කායිකං අසාතං, කායසම‍්ඵස‍්සජං දුක‍්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දුක‍්ඛින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, සොමනස‍්සින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, චෙතසිකං සුඛං චෙතසිකං සාතං, මනොසම‍්ඵස‍්සජං සුඛං සාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, සොමනස‍්සින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, දොමනස‍්සින්‍ද්‍රියං: යඤ‍්ච භික‍්ඛවෙ, චෙතසිකං දුක‍්ඛං චෙතසිකං අසාතං, මනොසම‍්ඵස‍්සජං දුක‍්ඛං අසාතං වෙදයිතං. ඉදං වුච‍්චති භික‍්ඛවෙ, දොමනස‍්සින්‍ද්‍රියං. කතමඤ‍්ච භික‍්ඛවෙ, උපෙක‍්ඛින්‍ද්‍රියං: යං ඛො භික‍්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙවසාතං නාසාතං වෙදයිතං, ඉදං වුච‍්චති භික‍්ඛවෙ, උපෙක‍්ඛින්‍ද්‍රියං.

1722. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදවාස්තුක සුව වූ කායප්‍රසාදවාස්තුක මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්; මහණෙනි, කායප්‍රසාදවාස්තුක දුක් වූ කායප්‍රසාදවාස්තුක අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දුක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, චක්‍ෂුරාදිචතුඃප්‍රසාදවාස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.

තත්‍ර භික‍්ඛවෙ, යඤ‍්ච සුඛින්‍ද්‍රියං යඤ‍්ච සොමනස‍්සින්‍ද්‍රියං, සුඛා සා වෙදනා දට‍්ඨබ‍්බා. තත්‍ර භික‍්ඛවෙ, යඤ‍්ච දුක‍්ඛින්‍ද්‍රියං යඤ‍්ච දොමනස‍්සින්‍ද්‍රියං, දුක‍්ඛා සා වෙදනා දට‍්ඨබ‍්බා. තත්‍ර භික‍්ඛවෙ, යමිදං උපෙක‍්ඛින්‍ද්‍රියං, අදුක‍්ඛමසුඛා සා වෙදනා දට‍්ඨබ‍්බා. ඉති ඛො භික‍්ඛවෙ, ඉමානි පඤ‍්චින්‍ද්‍රියානි පඤ‍්ච හුත්‍වා තීණි හොන‍්ති. තීණි හුත්‍වා පඤ‍්ච හොන‍්ති පරියායෙනාති.

මහණෙනි, එහි යම් සුඛින්‍ද්‍රියයෙකුත් යම් සෝමනස්සින්‍ද්‍රියයෙකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්‍ද්‍රියයෙකුත් යම් දෝමනස්සින්‍ද්‍රියයෙකුත් වේ නම් එය දුක්වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නොදුක් නොසුව වේදනා යි දැක්කයුතු. මහණෙනි, මෙසේ මේ පසිඳුරෝ පස් අයුරු ව ත්‍රිවිධ වෙති, තුන් අයුරු ව පඤ්චවිධ වෙති යි.