කට‍්ඨොපමසුත‍්තං
4. 4. 9.
4. 4. 9.
කට‍්ඨොපමසුත‍්තං
කට්ඨොපම සූත්‍රය
1723. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: සුඛින්‍ද්‍රියං, සොමනස‍්සින්‍ද්‍රියං, දුක‍්ඛින්‍ද්‍රියං, දොමනස‍්සින්‍ද්‍රියං, උපෙක‍්ඛින්‍ද්‍රියං. සුඛවෙදනියං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛින්‍ද්‍රියං. සො සුඛිතො ව සමානො සුඛිතොස‍්මීති පජානාති. තස‍්සෙව සුඛවෙදනීයස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං, සුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නං සුඛින්‍ද්‍රියං තං නිරුජ‍්ඣති. තං වූපසම‍්මතීති පජානාති. දුක‍්ඛවෙදනියං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දුක‍්ඛින්‍ද්‍රියං. සො දුක‍්ඛිතොව සමානො දුක‍්ඛිතොස‍්මීති පජානාති. තස‍්සෙව දුක‍්ඛවෙදනීයස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං දුක‍්ඛවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං තං නිරුජ‍්ඣති, තං වූපසම‍්මතීති පජානාති.
1723. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුව වේදනාවට හිත වූ පහස නිසා සුඛින්‍ද්‍රිය උපදි. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුඛිතයෙමි යි දැනගනී. සුවවේදනාව ට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දුක්වේදනාවට හිත වූ පහස නිසා දුක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ හටගත් දුක් ඇත්තේ ම දුක්ඛිතයෙමි යි දැනගනී. දුක්වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දුක්වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දුක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී.
සොමනස‍්සවෙදනියං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සොමනස‍්සින්‍ද්‍රියං. සො සුමනොව සමානො සුමනොස‍්මීති පජානාති. තස‍්සෙව සොමනස‍්සවෙදනීයස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං සොමනස‍්සවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නං සොමනස‍්සින්‍ද්‍රියං, තං නිරුජ‍්ඣති. තං වූපසම‍්මතීති පජානාති. දොමනස‍්සවෙදනියං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති දොමනස‍්සින්‍ද්‍රියං. සො දුම‍්මනොව සමානො දුම‍්මනොස‍්මීති පජානාති. තස‍්සෙව දොමනස‍්සවෙදනීයස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං දොමනස‍්සවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නං දොමනස‍්සින්‍ද්‍රියං තං නිරුජ‍්ඣති. තං වූපසම‍්මතීති පජානාති. උපෙඛාවෙදනියං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති උපෙක‍්ඛින්‍ද්‍රියං. සො උපෙඛකොව සමානො උපෙඛකොස‍්මීති පජානාති. තස‍්සෙව උපෙඛාවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං උපෙඛාවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නං උපෙක‍්ඛින්‍ද්‍රියං තං නිරුජ‍්ඣති. තං වූපසම‍්මතීති පජානාති.
මහණෙනි, සෝමනස්සවේදනාවට හිත වූ පහස නිසා සෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ සුඛිත සිත් ඇත්තේ ම සුමනස්මි යි දැනගනී. සෝමනස්සවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සෝමනස්සින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දොම්නස්වේදනාවට හිත වූ පහස නිසා දෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ දුක්ඛිත සිත් ඇත්තේ ම දුර්‍මනස්මි යි දැනගනී. දොම්නස් වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දෝමනස්සින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. මහණෙනි, මැදහත්වෙදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මැදහත් බැව් ඇත්තේ ම උපේක්‍ෂකයෙමි යි දැනගනී. උපේක්‍ෂා වේදනාවට හිත වූ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, උපේක්‍ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යී දැනගනී.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, ද‍්වින‍්නං කට‍්ඨානං සඞ‍්ඝට‍්ටනසමොධානා උස‍්මා ජායති. තෙජො අභිනිබ‍්බත‍්තති. තෙසං යෙව කට‍්ඨානං නානාභාවා විනික‍්ඛෙපා යා තජ‍්ජා උස‍්මා සා නිරුජ‍්ඣති. සා වූපසම‍්මති, එවමෙව ඛො භික‍්ඛවෙ, සුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති සුඛින්‍ද්‍රියං. සො සුඛිතොව සමානො සුඛිතොස‍්මීති පජානාති. තස‍්සෙව සුඛවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං, සුඛවෙදනීයං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නං සුඛින්‍ද්‍රියං තං නිරුජ‍්ඣති, තං වූපසම‍්මතීති පජානාති. දුක‍්ඛවෙදනියං -පෙ- සොමනස‍්සවෙදනියං -පෙ- දොමනස‍්සවෙදනියං -පෙ- උපෙඛාවෙදනියං භික‍්ඛවෙ, ඵස‍්සං පටිච‍්ච උප‍්පජ‍්ජති උපෙක‍්ඛින්‍ද්‍රියං. සො උපෙක‍්ඛකොව සමානො උපෙඛකොස‍්මීති පජානාති. තස‍්සෙව උපෙඛාවෙදනියස‍්ස ඵස‍්සස‍්ස නිරොධා යං තජ‍්ජං වෙදයිතං, උපෙඛාවෙදනියං ඵස‍්සං පටිච‍්ච උප‍්පන‍්නං උපෙඛින්‍ද්‍රියං. තං නිරුජ‍්ඣති, තං වූපසම‍්මතීති පජානාතීති.
මහණෙනි, යම්සේ ගිනිගානා දඬු දෙකෙක ගැටීමෙන් හා එක්වීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද, ඒ දඬු දෙකේ ම වෙන් වීමෙන් වෙන් කොට තැබීමෙන් එයින් හටගත් යම් උණුසුමෙක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම සුවවේදනාවට හිත වූ පහස නිසා සුඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුබිතයෙමි යි දැනගනී. සුවවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. දුක්වේදනාවට හිත වූ ... සොම්නස්වේදනාවට හිත වූ ... දොම්නස්වේදනාවට හිත වූ ... මැදහත්වේදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ උපේක්‍ෂා ඇත්තේ ම උපේක්‍ෂකයෙමි යී දැනගනී. උපේක්‍ෂාවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් ගටගත් යම් වේදනාවක්, උපේක්‍ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනි යි.