යෙදුමෙන් කියවන්න

උප‍්පටිපාටිකසුත‍්තං

4. 4. 10.

4. 4. 10.

උප‍්පටිපාටිකසුත‍්තං

උප්පටිපාටික සූත්‍රය

1724. පඤ‍්චිමානි භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානි. කතමානි පඤ‍්ච: දුක‍්ඛින්‍ද්‍රියං දොමනස‍්සින්‍ද්‍රියං සුඛින්‍ද්‍රියං සොමනස‍්සින්‍ද්‍රියං උපෙක‍්ඛින්‍ද්‍රියං. ඉධ භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති දුක‍්ඛින්‍ද්‍රියං. සො එවං පජානාති: “උප‍්පන‍්නං ඛො මෙ ඉදං දුක‍්ඛින්‍ද්‍රියං, තඤ‍්ච ඛො සනිමිත‍්තං සනිදානං සසඞ‍්ඛාරං සප‍්පච‍්චයං. තං වත අනිමිත‍්තං අනිදානං අසඞ‍්ඛාරං අප‍්පච‍්චයං දුක‍්ඛින්‍ද්‍රියං උප‍්පජ‍්ජිස‍්සතී”ති නෙතං ඨානං විජ‍්ජති. සො දුක‍්ඛින්‍ද්‍රියඤ‍්ච පජානාති. දුක‍්ඛින්‍ද්‍රියනිරොධඤ‍්ච පජානාති, යත්‍ථ චුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති තඤ‍්ච පජානාති. කත්‍ථ චුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ චුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අඤ‍්ඤාසි දුක‍්ඛින්‍ද්‍රියස‍්ස නිරොධං තථත‍්තාය චිත‍්තං උපසංහරති.

1724. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: දුක්ඛින්‍ද්‍රිය, දෝමනස්සින්‍ද්‍රිය, සුඛින්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය, උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, මෙහි, නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දුක්ඛින්‍ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ දුක්ඛින්‍ද්‍රිය උපන, හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය, ඒ දුක්ඛින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත. හේ දුක්ඛින්‍ද්‍රියයත් දැනගනී. දුක්ඛින්‍ද්‍රිය සමුදයයත් දැනගනී. දුක්ඛින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනක උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමුන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසේ. මෙහි උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දුක්ඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය, ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති දොමනස‍්සින්‍ද්‍රියං. සො එවං පජානාති: “උප‍්පන‍්නං ඛො මෙ ඉදං දොමනස‍්සින්‍ද්‍රියං. තඤ‍්ච ඛො සනිමිත‍්තං, සනිදානං සසඞ‍්ඛාරං සප‍්පච‍්චයං. තං වත අනිමිත‍්තං අනිදානං අසඞ‍්ඛාරං අප‍්පච‍්චයං දොමනස‍්සින්‍ද්‍රියං උප‍්පජ‍්ජිස‍්සතී”ති නෙතං ඨානං විජ‍්ජති. සො දොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජානාති, දොමනස‍්සින්‍ද්‍රියසමුදයඤ‍්ච පජානාති, දොමනස‍්සින්‍ද්‍රියනිරොධඤ‍්ච පජානාති, යත්‍ථ චුප‍්පන‍්නං දොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති තඤ‍්ච පජානාති. කත්‍ථ චුප‍්පන‍්නං දොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ චුප‍්පන‍්නං දොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අඤ‍්ඤාසි දොමනස‍්සින්‍ද්‍රියස‍්ස නිරොධං තථත‍්තාය චිත‍්තං උපසංහරති.

මහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනී. මට මේ දෝමනස්සින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය. ප්‍රත්‍යය සහිත ය. ඒ දෝමනස්සින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේය යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම දෝමනස්සින්‍ද්‍රියත් දැනගනී. දෝමනස්සින්‍ද්‍රියසමුදයයත් දැනගනී. දෝමනස්සින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් දෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දෝමනස්සින්‍ද්‍රියය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විතර්‍ක විචාරයන් සන්හිඳීමෙන් තම සිත්හි පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍කරහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් දෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දොමනස්සින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා’යි කියනු ලැබේ.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති සුඛින්‍ද්‍රියං. සො එවං පජානාති: “උප‍්පන‍්නං ඛො මෙ ඉදං සුඛින්‍ද්‍රියං තඤ‍්ච ඛො සනිමිත‍්තං සනිදානං සසඞ‍්ඛාරං සප‍්පච‍්චයං. තං වත අනිමිත‍්තං අනිදානං අසඞ‍්ඛාරං අප‍්පච‍්චයං සුඛින්‍ද්‍රියං උප‍්පජ‍්ජිස‍්සතී”ති නෙතං ඨානං විජ‍්ජති. සො සුඛින්‍ද්‍රියඤ‍්ච පජානාති, සුඛින්‍ද්‍රියසමුදයඤ‍්ච පජානාති, සුඛින්‍ද්‍රියනිරොධඤ‍්ච පජානාති, යත්‍ථ චුප‍්පන‍්නං සුඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති තඤ‍්ච පජානාති. කත්‍ථ චුප‍්පන‍්නං සුඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු පීතියා ච විරාගා උපෙඛකො ච විහරති, සතො ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තතියජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ චුප‍්පන‍්නං සුඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අඤ‍්ඤාසි සුඛින්‍ද්‍රියස‍්ස නිරොධං තථත‍්තාය චිත‍්තං උපසංහරති.

මහණෙනි, මෙහි නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට සුඛින්‍ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ සුඛින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය. ප්‍රත්‍යය සහිත ය. ඒ සුඛින්‍ද්‍රියය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම සුඛින්‍ද්‍රියයත් දැනගනී. සුඛින්‍ද්‍රියසමුදයත් දැනගනී. සුඛින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ප්‍රීතියෙහිත් නො ඇල්මෙන් උපේක්‍ෂක ව වෙසෙයි. සිහි ඇත්තේත් මනා දැනුම් ඇත්තේත් කයින් සුවත් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ඒ දැහැනක් උපේක්‍ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය සුව විහරණ ඇත්තේ යයි කියත් නම් (ඒ) තෙවන දැහැනට පැමිණ වෙසෙ යි. මෙහි උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ සුඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති සොමනස‍්සින්‍ද්‍රියං. සො එවං පජානාති “උප‍්පන‍්නං ඛො මෙ ඉදං සොමනස‍්සින්‍ද්‍රියං. තඤ‍්ච සනිමිත‍්තං සනිදානං සසඞ‍්ඛාරං සප‍්පච‍්චයං. තං වත අනිමිත‍්තං අනිදානං අසඞ‍්ඛාරං අප‍්පච‍්චයං සොමනස‍්සින්‍ද්‍රියං උප‍්පජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති. “සො සොමනස‍්සින්‍ද්‍රියඤ‍්ච පජානාති. සොමනස‍්සින්‍ද්‍රියසමුදයඤ‍්ච පජානාති. සොමනස‍්සින්‍ද්‍රියනිරොධඤ‍්ච පජානාති. යත්‍ථ චුප‍්පන‍්නං සොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති, තඤ‍්ච පජානාති. කත්‍ථ චුප‍්පන‍්නං සොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථගමා අදුක‍්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද‍්ධිං චතුත්‍ථජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. එත්‍ථ චුප‍්පන‍්නං සොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අඤ‍්ඤාසි සොමනස‍්සින්‍ද්‍රියස‍්ස නිරොධං, තථත‍්තාය චිත‍්තං උපසංහරති.

මහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට සෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනි: මට මේ සෝමනස්සින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ සෝමනස්සින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත්තේ ය. හෙතෙමේ සොමනස්සින්‍ද්‍රියත් දැන ගනී. සෝමනස්සින්‍ද්‍රියසමුදයයත් දැන ගනි. සෝමනස්සින්‍ද්‍රියනිරෝධයත් දැනගනි. යම් තැනෙක උපන් සෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එයත් දැනගනි. කොහි උපන් සෝමනස්සින්‍ද්‍රියය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්: මහණෙනි,මෙහි මහණ තෙමේ සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදු බැව් ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් සෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ. මහණෙනි, මේ මහණ සොමනස්සින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යී කියනු ලැබේ.

ඉධ පන භික‍්ඛවෙ, භික‍්ඛුනො අප‍්පමත‍්තස‍්ස ආතාපිනො පහිතත‍්තස‍්ස විහරතො උප‍්පජ‍්ජති උපෙක‍්ඛින්‍ද්‍රියං. සො එවං පජානාති. ‘උප‍්පන‍්නං ඛො මෙ ඉදං උපෙක‍්ඛින්‍ද්‍රියං. තඤ‍්ච ඛො සනිමිත‍්තං සනිදානං සසඞ‍්ඛාරං සප‍්පච‍්චයං’ තං වත අනිමිත‍්තං අනිදානං අසඞ‍්ඛාරං අප‍්පච‍්චයං උපෙක‍්ඛින්‍ද්‍රියං උප‍්පජ‍්ජිස‍්සතීති නෙතං ඨානං විජ‍්ජති, සො උපෙක‍්ඛින්‍ද්‍රියඤ‍්ච පජානාති, උපෙක‍්ඛින්‍ද්‍රියසමුදයඤ‍්ච පජානාති, උපෙක‍්ඛින්‍ද්‍රියනිරොධඤ‍්ච පජානාති. යත්‍ථ චුප‍්පන‍්නං උපෙක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති තඤ‍්ච පජානාති. කත්‍ථ චුප‍්පන‍්නං උපෙක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු සබ‍්බසො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම සඤ‍්ඤාවෙදයිතනිරොධං උපසම‍්පජ‍්ජ විහරති, එත්‍ථ චුප‍්පන‍්නං උපෙක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති. අයං වුච‍්චති භික‍්ඛවෙ, භික‍්ඛු අඤ‍්ඤාසි උපෙක‍්ඛින්‍ද්‍රියස‍්ස නිරොධං, තථත‍්තාය චිත‍්තං උපසංහරතීති.

මහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනි. මට මේ උපෙක්ඛින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ උපෙක්ඛින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙමේ උපෙක්ඛින්‍ද්‍රියයත් දැනගනී. උපෙක්ඛින්‍ද්‍රියසමුදයයත් දැනගනී, උපෙක්ඛින්‍ද්‍රියනිරොධයත් දැනගනි, යම් තැනෙක උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනි. කොහි උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසේ. මෙහි උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ. මහණෙනි, මේ මහණ උපෙක්ඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යී කියනු ලැබේ යි.

සුඛින්‍ද්‍රියවග‍්ගො චතුත්‍ථො.

සිවුවැනි සුඛින්‍ද්‍රිය වර්‍ග යි.

තත්‍රුද‍්දානං:

ඵභි සූත්‍ර නාමාවලිය:

සුද‍්ධකං සොතො අරහං දුවෙ සමණබ්‍රාහ‍්මණා, විභඞ‍්ගෙන තයො වුත‍්තා කට‍්ඨො උප‍්පටිපාටිකන‍්ති.

සුද්ධක, සෝතාපන්න, අරහන්ත යී සූත්‍ර තුනෙකි. සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකෙකි. විභඞ්ග නමින් තුනෙක් කියන ලදී. කට්ඨොපම, උප්පටිපාටික යි සූත්‍ර දෙකෙකි යි මුළුල්ල දශයෙකි.