ජරාසුත්තං
4. 5. 1.
4. 5. 1.
ජරාසුත්තං
ජරා සූත්‍රය
1725. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො පච්ඡාතපෙ නිසින්නො හොති පිට්ඨිං ඔතාපයමානො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවතො ගත්තානි පාණිනා අනොමජ්ජන්තො භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, න චෙවදානි භන්තෙ, භගවතො තාව පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො. සිථිලානි ච ගත්තානි සබ්බානි වලිජාතානි. පුරතො පබ්භාරො ච කායො. දිස්සති ච ඉන්ද්රියානං අඤ්ඤථත්තං: චක්ඛුන්ද්රියස්ස සොතින්ද්රියස්ස ඝානින්ද්රියස්ස ජිව්හින්ද්රියස්ස කායින්ද්රියස්සාති.
1725. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් වෙහෙර පසුපස සෙවනෙහි පිට තවමින් වැඩහුන් සේක් වෙති. එකල්හි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්සේගේ අවයව අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ඇසිරියෙකි, වහන්ස, පුදුමයෙකි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිවිපැහැය පෙරමෙන් දැන් නො ද පිරිසිදු වේ. නො ද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල්හ. හටගත් රැලි ඇතියහ. කය ද ඉදිරියට නැඹුරු වූයේ ය. ඉඳුරන්ගේත් එනම්: චක්ඛුන්ද්රියයේත් සෝතින්ද්රියයේත් ඝානින්ද්රියයේත් ජිව්හින්ද්රියයේත් කායින්ද්රියයේත් වෙනස් බවෙක් පෙනේ.
එවං හෙතං ආනන්ද, හොති ජරාධම්මො යොබ්බඤ්ඤෙ. බ්යාධිධම්මො ආරොග්යෙ. මරණධම්මො ජීවිතෙ. න චෙව තාව පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො. සිථිලානි ච හොන්ති ගත්තානි සබ්බානි වලිජාතානි. පුරතො පබ්භාරො ච කායො. දිස්සති ච ඉන්ද්රියානං අඤ්ඤථත්තං: චක්ඛුන්ද්රියස්ස සොතින්ද්රියස්ස ඝානින්ද්රියස්ස ජිව්හින්ද්රියස්ස කායින්ද්රියස්සාති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
ආනන්ද, ඒ එසේ ම ය. යොවුන් බැව්හි දිරන ස්වභාව ඇත්තේ නිරෝගි බැව්හි රෝගී ස්වභාව ඇත්තේ දිවියෙහි මැරෙන ස්වභාව ඇත්තේ වෙයි. සිවිපැහැය ඒතාක් නො ද පිරිසිදු වෙයි. නො ද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල් වූවාහු හටගත් රැලි ඇත්තාහු ද වෙති. කය ද ඉදිරියට නැඹුරැ වූයේ වේ. ඉඳුරන්ගේ ද එනම් චක්ඛුන්ද්රියයේත් සෝතින්ද්රියයේත් ඝානින්ද්රියයේත් ජිව්හින්ද්රියයේත් කායින්ද්රියයේත් වෙනස්බවෙක් පෙනේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු ද මෙය වදාළ සේක:
ධිතං ජම්මි ජරෙ අත්ථු දුබ්බණ්ණකරණී ජරෙ, තාව මනොරමං බිම්බං ජරාය අභිමද්දිතං.
එම්බල ලාමක ජරාව, දුර්වර්ණනා කරනසුලු ජරාව, තට නින්දා වේවා. ඒතාක් මනරම් සිරුර ජරාවෙන් මඩනා ලද්දේ ය.
යො ච වස්සසතං ජීවෙ සොපි මච්චුපරායණො න කිඤ්චි පරිවජ්ජෙති සබ්බමෙවාභිමද්දතීති.
යමෙක් සියවසක් ජීවත්වතු දු හෙතෙමේත් මරු වසඟ වන්නේ ය. කිසිවක් අත් නො හරී. සියල්ල ම මැඩලා යි.