යෙදුමෙන් කියවන්න

5. ජරාවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

5. ජරා වර්ගය

1. ජරාසුත‍්තවණ‍්ණනා

1. ජරා සූත්‍ර වර්ණනාව

පඤ‍්චමවග‍්ගස‍්ස පඨමෙ පච‍්ඡාතපෙති පාසාදච‍්ඡායාය පුරත්‍ථිමදිසං පටිච‍්ඡන‍්නත‍්තා පාසාදස‍්ස පච‍්ඡිමදිසාභාගෙ ආතපො හොති, තස‍්මිං ඨානෙ පඤ‍්ඤත‍්තවරබුද‍්ධාසනෙ නිසින‍්නොති අත්‍ථො. පිට‍්ඨිං ඔතාපයමානොති යස‍්මා සම‍්මාසම‍්බුද‍්ධස‍්සපි උපාදින‍්නකසරීරෙ උණ‍්හකාලෙ උණ‍්හං හොති, සීතකාලෙ සීතං, අයඤ‍්ච හිමපාතසීතසමයො. තස‍්මා මහාචීවරං ඔතාරෙත්‍වා සූරියරස‍්මීහි පිට‍්ඨිං ඔතාපයමානො නිසීදි.

පස්වැන්නේ පළමුවැන්නෙහි - පච්ඡාතපකෙ = ප්‍රාසාදයෙහි ඡායාවෙන් පෙරදිග පෙදෙස වැසී ඇති බැවින් ප්‍රාසාදයේ බටහිර දෙසෙහි අව්ව පවතී. ඒ ස්ථානයෙහි පණන ලද උත්තම බුද්ධාසනයෙහි වැඩ හුන්නේය යන අර්ථයයි. පිට්ඨිං ඔතාපයමානො = සම්මා සම්බුදුන් වහන්සේගේ වුවද උපාදාන හේතුවෙන් ඇතිවූ ශරීරයේ උෂ්ණ කාලයෙහි උෂ්ණය ඇති වෙයි, ශීත කාලයෙහි සීතල ඇති වෙයි. මෙය ද හිම වැටෙන ශීත කාලයයි. එහෙයින් මහ සිවුර (සඟල සිවුර) පහළට ගෙන සූර්ය රශ්මියෙන් පිට තවමින් වැඩ හුන්නේය.

කිං පන බුද‍්ධරස‍්මියො මද‍්දිත්‍වා සූරියරස‍්මි අන‍්තො පවිසිතුං සක‍්කොතීති? න සක‍්කොති. එවං සන‍්තෙ කිං තාපෙතීති? රස‍්මිතෙජං. යථෙව හි ඨිතමජ‍්ඣන‍්හිකෙ පරිමණ‍්ඩලාය ඡායාය රුක‍්ඛමූලෙ නිසින‍්නස‍්ස කිඤ‍්චාපි සූරියරස‍්මියො සරීරං න ඵුසන‍්ති, සබ‍්බදිසාසු පන තෙජො ඵරති, අග‍්ගිජාලාහි පරික‍්ඛිත‍්තො විය හොති, එවං සූරියරස‍්මීසු බුද‍්ධරස‍්මියො මද‍්දිත්‍වා අන‍්තො පවිසිතුං අසක‍්කුණන‍්තීසුපි සත්‍ථා තෙජං තාපෙන‍්තො නිසින‍්නොති වෙදිතබ‍්බො.

කිම බුදු රැස් මැඩගෙන ඇතුළට පිවිසීමට හිරු රැසට හැකිවේදයත් :- නො හැක්කේය. එසේ ඇති කල්හි කුමක් නම් තවන්නේද? රශ්මියෙහි තේජසයි. තථාගතයන් වැඩ සිටි මධ්‍යස්ථානයෙහි හාත්පස විසුරුණු ඡායාව තුළ පිහිටි රුක්මුල වැඩ හුන් උන්වහන්සේගේ සිරුර සුර්ය රශ්මිය ස්පර්ශ නොකරයි. තේජස සියලු දිසාවන්හි ම පැතිරෙයි. ගිනිදැල්වලින් වටවූයේ මෙන් වෙයි. මෙසේ බුදුරැස් මැඩ ගෙන ඇතුළට පිවිසීමට හිරු රැස්වලට නො හැකිවන කල්හි වුව ද ශාස්තෲන් වහන්සේ සූර්ය තේජස තවමින් වැඩ හුන්නාහ යි දත යුතුය.

අනොමජ‍්ජන‍්තොති පිට‍්ඨිපරිකම‍්මකරණවසෙන අනුමජ‍්ජන‍්තො. අච‍්ඡරියං භන‍්තෙති ථෙරො භගවතො පිට‍්ඨිතො මහාචීවරං ඔතාරෙත්‍වා නිසින‍්නස‍්ස ද‍්වින‍්නං අංසකූටානං අන‍්තරෙ සුවණ‍්ණාවට‍්ටං විය කෙසග‍්ගප‍්පමාණං වලියාවට‍්ටං දිස‍්වා – “එවරූපෙපි නාම සරීරෙ ජරා පඤ‍්ඤායතී”ති සඤ‍්ජාතසංවෙගො ජරං ගරහන‍්තො එවමාහ. ගරහනච‍්ඡරියං නාම කිරෙතං.

අනොමච්ඡන්තො = පිටට සත්කාර කිරීම් වශයෙන් පිරිමදිමින් අච්ඡරියං භන්තෙ = භාග්‍යවතුන් වහන්සේගේ පිටෙන් සඟල සිවුර පහත් කොට වැඩ සිටි සේක් උන්වහන්සේගේ දෙ උර හිස් අතරෙහි රන් කවයක් වැනි කෙස්ගසක් පමණැති රැලි වළක් දැක (අනඳ) තෙරණුවෝ මෙබඳුවූ සිරුරෙහි පවා ජරාවට පත්වීම් පෙනෙන්නට තිබේ යයි හටගත් සංවේග ඇත්තේ ජරාවට ගරහමින් මෙසේ කීහ. මෙය ගර්හා කිරීමේ ආශ්චර්යය නම් වෙයි.

න චෙවං දානි, භන‍්තෙ, භගවතො තාව පරිසුද‍්ධොති යථා පකතියා ඡවිවණ‍්ණො පරිසුද‍්ධො, න එවමෙතරහීති දීපෙන‍්තො එවමාහ. තථාගතස‍්ස හි දහරකාලෙ සඞ‍්කුසතසමබ‍්භාහතං උසභචම‍්මං විය විහතවලිකො කායො හොති, තස‍්මිං ඨපිතො හත්‍ථො භස‍්සතෙව, න සන‍්තිට‍්ඨති, තෙලපුඤ‍්ඡනාකාරප‍්පත‍්තො විය හොති. මහල‍්ලකකාලෙ පන සිරාජාලා මිලායන‍්ති, සන්‍ධිපබ‍්බානි සිථිලානි හොන‍්ති, මංසං අට‍්ඨිතො මුච‍්චිත්‍වා සිථිලභාවං ආපජ‍්ජිත්‍වා තත්‍ථ තත්‍ථ ඔලම‍්බති. බුද‍්ධානං පන එවරූපං න හොති. අඤ‍්ඤෙසං අපාකටං, සන‍්තිකාවචරත‍්තා ආනන්‍දත්‍ථෙරස‍්සෙව පාකටං හොති, තස‍්මා එවමාහ.

න චෙවදානි භන්තෙ භගවතො තාව පරිසුද්ධො = යම් සේ ප්‍රකෘතියෙන් සමේ වර්ණය පිරිසිදු වේද, දැන් එසේ නොවේ යයි දක්වන්නේ මෙසේ කීය. තථාගතයන් වහන්සේට වනාහී තරුණ කාලයෙහි සිය ගණන් උල් ගසා සුමටව සැකසු ගව සමක් මෙන් රැලිවලින් තොර සිරුරක් වෙයි. එම සිරුරෙහි තැබූ අත ලිස්සා යයි, එක තැන රඳා නො සිටියි. තෙල් පිස දමන මෘදු පියාපතක් මෙන් වෙයි (ලිස්සා යයි) මහලු කල අන් අයගේ නහර වැල් මතු වෙයි. ලොකු කුඩා සන්‍ධි ස්ථාන ද ලිහිල් වෙයි. මාංස පේශි ඇටවලින් මිදී ලිහිල් බවට පැමිණ ඒ ඒ තැන්හි එල්බ පවතී. බුදුන් වහන්සේලාගේ වනාහී එසේ නොවේ. අන් අයහට ප්‍රකට නොවන ලක්‍ෂණ ද, බුදුන් වහන්සේගේ අසලම නොවේ. අන් අයහට ප්‍රකට නොවන ලක්‍ෂණ ද, බුදුන් වහන්සේගේ අසලම හැසිරෙන බැවින් අනඳ තෙරුන් හටම ප්‍රකට වෙයි. එබැවින් මෙසේ කීය.

සිථිලානි ච ගත‍්තානීති අඤ‍්ඤෙසං මුඛෙ අංසකූටන‍්තරෙහි තෙසු තෙසු ඨානෙසු වලියො සන‍්තිට‍්ඨන‍්ති, සත්‍ථු පනෙතං නත්‍ථි, ථෙරො ච ද‍්වින‍්නං අංසකූටානං අන‍්තරෙ වලියාවට‍්ටකං දිස‍්වා එවමාහ. සබ‍්බානි වලියජාතානීති ඉදම‍්පි අත‍්තනො පාකටවසෙන එවමාහ – සත්‍ථු පන අඤ‍්ඤෙසං විය වලියො නාම නත්‍ථි. පුරතො පබ‍්භාරො ච කායොති සත්‍ථා බ්‍රහ‍්මුජුගත‍්තො, දෙවනගරෙ සමුස‍්සිතසුවණ‍්ණතොරණං වියස‍්ස කායො උජුකමෙව උග‍්ගතො. මහල‍්ලකකාලෙ පන කායො පුරතො වඞ‍්කො හොති, ස‍්වායං අඤ‍්ඤෙසං අපාකටො, සන‍්තිකාවචරත‍්තා පන ථෙරස‍්සෙව පාකටො, තස‍්මා එවමාහ. දිස‍්සති ච ඉන්‍ද්‍රියානං අඤ‍්ඤථත‍්තන‍්ති ඉන්‍ද්‍රියානි නාම න චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යානි. යතො පන පකතියා පරිසුද‍්ධො ඡවිවණ‍්ණො, ඉදානි න තථා පරිසුද‍්ධො, අංසකූටන‍්තරෙ වලි පඤ‍්ඤායති, බ්‍රහ‍්මුජුකායො පුරතො වඞ‍්කො, ඉමිනාව කාරණෙන චක‍්ඛාදීනඤ‍්ච ඉන්‍ද්‍රියානං අඤ‍්ඤථත‍්තෙන භවිතබ‍්බන‍්ති නයග‍්ගාහතො එවමාහ. ධී තං ජම‍්මි ජරෙ අත්‍ථූති ලාමකෙ ජරෙ ධී තං තුය‍්හං හොතු, ධික‍්කාරො තං ඵුසතු. බිම‍්බන‍්ති අත‍්තභාවො.

සිථිලානි ගත්තානි = අන් අයගේ මුහුණෙහිද, උරහිස් අතරෙහි ද යන ඒ ඒ තැන්හි රැලි පවතී. ශාස්තෲන් වහන්සේගේ වනාහී එසේ නැත. (ආනන්ද) ස්ථවිර තෙමේ ද දෙ උරහිස් අතරෙහි රැලිවළක් දැක මෙසේ කීය. ගත්තානි වලිජාතානි = මෙය ද තමාට පෙනුණ අයුරින්ම කීය. ශාස්තෲන් වහන්සේට වනාහී අන් අයට මෙන් රැලි නැත්තේය. පුරතො පබ්භාරොච කායො ශාස්තෲන් වහන්සේ බ්‍රහ්මයාගේ මෙන් ඍජු ශරීරයක් ඇති සේක. දිව්‍ය නගරයෙහි ඔසවන ලද රන් තොරණක් මෙන් උන්වහන්සේගේ කය ඍජු වන්නේමය. උස් වූ බැවින් මහලු කල්හි ශරීරය පෙරට නැමී සිටියි. ඒ බව අන් අයහට පැහැදිලිව නොපෙනේ. සමීපයෙහි හැසිරෙන බැවින් (අනඳ) තෙරුන් හටම පැහැදිලිව පෙනේ. එබැවින් මෙසේ කීය. දිස්සතිච ඉන්‍ද්‍රියානං අඤ්ඤථත්තං = ඉන්‍ද්‍රියයන් නම් ඇසින් දැකිය යුතු කොටස් පමණක්ම නොවේ. යම් හෙයකින් ස්වභාවයෙන් සම පිරිසිදු වර්ණයකින් යුතු වූයේ ද, දැන් එසේ පිරිසිදු නොවේ. දෙ උරහිස් අතරෙහි රැලි පෙනෙයි. බ්‍රහ්මයාගේ මෙන් ඍජු වූ කය පෙරට නැමී ඇත. මේ කරුණින් ම ඇස් ආදී ඉන්‍ද්‍රියයන්ගේ ද වෙනස්වීම් සිදුවිය යුතුය යන්න තර්කානුකූලව ගැනීමෙන් මෙසේ කීය. ධී තං ජම්මි ජරේ අත්‍ථු = නීච වූ ජරාවෙනි, ඔබට නින්දාවේවා, නින්දාව ඔබ වෙත පැමිණේවා = බිම්බං = ආත්ම භාවය.

2. උණ‍්ණාභබ්‍රාහ‍්මණසුත‍්තවණ‍්ණනා

2. උණ්ණාභබ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව

දුතියෙ ගොචරවිසයන‍්ති ගොචරභූතං විසයං. අඤ‍්ඤමඤ‍්ඤස‍්සාති චක‍්ඛු සොතස‍්ස, සොතං වා චක‍්ඛුස‍්සාති එවං එකං එකස‍්ස ගොචරවිසයං න පච‍්චනුභොති. සචෙ හි නීලාදිභෙදං රූපාරම‍්මණං සමොධානෙත්‍වා සොතින්‍ද්‍රියස‍්ස උපනෙය්‍ය – “ඉඞ‍්ඝ ත්‍වං තාව නං වවත්‍ථපෙහි විභාවෙහි ‘කින‍්නාමෙතං ආරම‍්මණ’”න‍්ති. චක‍්ඛුවිඤ‍්ඤාණං විනාපි මුඛෙන අත‍්තනො ධම‍්මතාය එවං වදෙය්‍ය – “අරෙ, අන්‍ධබාල, වස‍්සසතම‍්පි වස‍්සසහස‍්සම‍්පි වස‍්සසතසහස‍්සම‍්පි පරිධාවමානො අඤ‍්ඤත්‍ර මයා කුහිං එතස‍්ස ජානනකං ලභිස‍්සසි, තං ආහර, චක‍්ඛුපසාදෙ උපනෙහි, අහමෙතං ආරම‍්මණං ජානිස‍්සාමි – යදි වා නීලං, යදි වා පීතකං. න හි එසො අඤ‍්ඤස‍්ස විසයො, මය‍්හමෙවෙසො විසයො”ති. සෙසද‍්වාරෙසුපි එසෙව නයො. එවමෙතානි අඤ‍්ඤමඤ‍්ඤස‍්ස ගොචරවිසයං න පච‍්චනුභොන‍්ති නාම.

දෙවැන්නෙහි - ගොචර විසයං = හුරු පුරුදු විෂයය හෝ ස්ථානය හෝ කරුණ අඤ්ඤමඤ්ඤස්ස = ඇස කණට හෝ කණ ඇසට හෝ වශයෙන් එකක් එකට නො ගැලපෙන අනිකකට අගෝචර විෂයයක් වන විට එකිනෙක සම්බන්ධතාවයන් ඇති නොවේ. ඉදින් නිල්පැහැ ආදී වෙනස්කම් ඇති රූප අරමුණු එකට කැටි කොට “මෙය කුමක්දැයි කියන්න, පැහැදිලි කර දෙන්න මේ ආරම්මණයා කුමක් නම් වේද?” ආදී වශයෙන් කියමින් යමකු එය කණ නමැති ඉන්‍ද්‍රියය වෙත යොමු කරන්නේ ද, එසේ කළ කල්හි චක්‍ඛු විඤ්ඤාණය තෙමේ තමා මුඛයකින් තොර වූයේ නමුදු තමාගේ ධර්මතාවය, ස්වභාවය අනුව මෙසේ කියන්නේ ය. කෙසේද යත් : “එම්බල ඥානහීන මුග්ධය, ඥානහීන මුග්ධය, අවුරුදු සීයක් හෝ අවූරුදු දාහක් හෝ ඒ ඒ තැන්හි දුවමින් මගෙන් තොර වෙනත් කොතැනකදී මේ පිළිබඳ දැනුමක් ලබන්නෙහිද? එය ගෙනෙව, චක්ෂු ප්‍රසාදය (පෙනීම නම් ඉන්‍ද්‍රිය ශක්තිය) වෙත යොමු කරව, මම මේ අරමුණ නිල් පැහැති ද, කහ පැහැති ද යන බව දනිමි. මෙය වෙනත් අයකුගේ විෂයයක් නොවේ. මෙය මගේම විෂයය”යි යනුවෙනි. (කන් ආදී) සෙසු (ඉන්‍ද්‍රිය) දොරටු කෙරෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේම අන්‍යවූ ඉන්‍ද්‍රියකට ගෝචරවන විෂයයක් වෙනත් ඉන්‍ද්‍රියයකට ගෝචර වන්නේ නොවේ.

කිං පටිසරණන‍්ති එතෙසං කිං පටිසරණං, කිං එතානි පටිසරන‍්තීති පුච‍්ඡති. මනො පටිසරණන‍්ති ජවනමනො පටිසරණං. මනොව නෙසන‍්ති මනොද‍්වාරිකජවනමනොව එතෙසං ගොචරවිසයං රජ‍්ජනාදිවසෙන අනුභොති. චක‍්ඛුවිඤ‍්ඤාණඤ‍්හි රූපදස‍්සනමත‍්තමෙව, එත්‍ථ රජ‍්ජනං වා දුස‍්සනං වා මුය‍්හනං වා නත්‍ථි. එකස‍්මිං පන ද‍්වාරෙ ජවනං රජ‍්ජති වා දුස‍්සති වා මුය‍්හති වා. සොතවිඤ‍්ඤාණාදීසුපි එසෙව නයො.

කිං පටිසරණං = මේ අයට කුමන පිළිසරණක් දැයි විචාරයි. මනො පටිසරණං = ජවන් සිත පිළිසරණ වෙයි. මනොච නෙසං = මනස නමැති දොරටුවෙහි පවතින ජවන් සිත ම මේ ඉන්‍ද්‍රියයන්ගේ ගෝචර විෂයය සිතෙහි ඇලීම ආදී වශයෙන් සම්බන්ධ කර ගනී. චක්ෂුර් විඥානය වනාහී රූප දර්ශන මාත්‍රයම පමණි. මෙහි ඇලීමක් හෝ කිපීමක් හෝ මුලා වීමක් හෝ (වෙන වෙනම) නැත. එකම ඉන්‍ද්‍රිය වාරයෙහි ජවන් සිත ඇලෙන්නේ හෝ කිපෙන්නේ හෝ මුලා වීමක් හෝ (වෙන වෙනම) නැත. එකම ඉන්‍ද්‍රිය ද්වාරයෙහි ජවන් සිත ඇලෙන්නේ හෝ කිපෙන්නේ හෝ මුලාවට පැමිණෙන්නේ හෝ වෙයි. සෝත විඤ්ඤාණ ආදියෙහි ද මේ පිළිවෙළ ම වේ.

තත්‍රායං උපමා – පඤ‍්ච කිර දුබ‍්බලභොජකා රාජානං සෙවිත්‍වා කිච‍්ඡෙන කසිරෙන එකස‍්මිං පඤ‍්චකුලිකෙ ගාමෙ පරිත‍්තකං ආයං ලභිංසු. තෙසං තත්‍ථ මච‍්ඡභාගො මංසභාගො, අද‍්දුකහාපණො වා යොත‍්තකහාපණො වා මාසකහාපණො වා අට‍්ඨකහාපණො වා සොළසකහාපණො වා චතුසට‍්ඨිකහාපණො වා දණ‍්ඩොති එත‍්තකමත‍්තමෙව පාපුණාති, සතවත්‍ථුකං පඤ‍්චසතවත්‍ථුකං සහස‍්සවත්‍ථුකං මහාබලිං රාජාව ගණ‍්හාති.

එහි මේ උපමාව යෙදේ. අයබදු රැස් කරන දුර්වල රාජ සේවකයෝ පස් දෙනෙක් රජුට සේවය කොට පවුල් පහක් ඇති එක්තරා ගමක පීඩනයෙන් හා අපහසුතාවයෙන් යුතුව සුළු අයබදු ප්‍රමාණයක් ලබා ගැනීමේ අවසරය ලැබූහ. ඔවුන් හට එහිදී මත්ස්‍ය භාගය, මාංස භාගය, යොත් කහවණුව අඩ කහවණුව, මාස කහවණුව, අට කහවණුව, සොළොස් කහවණුව, සිවුසැට කහවණුව යන මේ ප්‍රමාණයන්ගෙන් දඬුවම් ද පමුණුවති.

තත්‍ථ පඤ‍්චකුලිකගාමා විය පඤ‍්චපසාදා දට‍්ඨබ‍්බා, පඤ‍්ච දුබ‍්බලභොජකා විය පඤ‍්චවිඤ‍්ඤාණානි; රාජා විය ජවනං, දුබ‍්බලභොජකානං පරිත‍්තකආයපාපුණනං විය චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං රූපදස‍්සනාදිමත‍්තං, රජ‍්ජනාදි පන එතෙසු නත්‍ථි. රඤ‍්ඤො මහාබලිග‍්ගහණං විය තෙසු ද‍්වාරෙසු ජවනස‍්ස රජ‍්ජනාදීනි වෙදිතබ‍්බානි. එවමෙත්‍ථ මනොති කුසලාකුසලජවනං වුත‍්තං.

රජතුමා ද සතවත්‍ථුක (සියයේ ඉඩම් බද්ද), පඤ්ච සත වත්‍ථුක (පන්සියයේ ඉඩම් බද්ද), සහස්ස වත්‍ථුක (දහසේ ඉඩම් බද්ද) යන විශාල අයබදු ගනියි. එහිදී පවුල් පහේ ගම මෙන් ඉන්‍ද්‍රිය ශක්තීන් පහ දැක්විය යුතුය. දුර්වල අයබදු නිලධාරීන් මෙන් විඤ්ඤාණයන් පහ ද, රජුමෙන් ජවන් සිත ද, දුර්වල බදු නිලධාරීන්ගේ සුලු අයබදු ප්‍රමාණය මෙන් චක්‍ඛු විඤ්ඤාණ ආදියේ රූප දර්ශන ආදිය ද දැක්විය යුතුය. මේවායෙහි සිත් ඇලවීම් ආදිය නැත. රජුගේ විශාල බදු අය කිරීම මෙන් (චක්‍ඛු ආදී) එම ඉඳුරන්ගේ දොරටුවල ජවන් සිතේ ඇලීම් ආදිය දත යුතුය. මෙසේ මෙහිදී “මනො” යනුවෙන් කුසලා කුසල ජවන් සිත කියන ලදී.

සති පටිසරණන‍්ති මග‍්ගසති පටිසරණං. ජවනමනො හි මග‍්ගසතිං පටිසරති. විමුත‍්තීති ඵලවිමුත‍්ති. පටිසරණන‍්ති ඵලවිමුත‍්තියා නිබ‍්බානං පටිසරණං. තඤ‍්හි සා පටිසරති. නාසක‍්ඛි පඤ‍්හස‍්ස පරියන‍්තං ගහෙතුන‍්ති පඤ‍්හස‍්ස පරිච‍්ඡෙදං පමාණං ගහෙතුං නාසක‍්ඛි, අප‍්පටිසරණං ධම‍්මං “සප‍්පටිසරණ”න‍්ති පුච‍්ඡි. නිබ‍්බානං නාමෙතං අප‍්පටිසරණං, න කිඤ‍්චි පටිසරති. නිබ‍්බානොගධන‍්ති නිබ‍්බානබ‍්භන‍්තරං නිබ‍්බානං අනුපවිට‍්ඨං. බ්‍රහ‍්මචරියන‍්ති මග‍්ගබ්‍රහ‍්මචරියං. නිබ‍්බානපරායණන‍්ති නිබ‍්බානං පරං අයනමස‍්ස පරා ගති, න තතො පරං ගච‍්ඡතීති අත්‍ථො. නිබ‍්බානං පරියොසානං අවසානං අස‍්සාති නිබ‍්බානපරියොසානං.

සතිපටි සරණං = මාර්ගය පිළිබඳ සිහියට පිළිසරණ වීම. ජවන් සිත වනාහී මග්ගසති පටිසරණ යයි, (හෙවත් මාර්ගය පිළිබඳ සිහියට පිළිසරණ වීමයි) විමුත්ති = ඵලයෙන් ලබන විමුක්තිය. නිබ්බාණං = ඵලයෙන් ලබන විමුක්තියෙන් නිවනට ලැබෙන පිළිසරණ. නාසක්‍ඛි පඤ්ඤස්ස පරියන්තං ගහෙතුං = ප්‍රශ්නයේ කොටස් කළ ප්‍රමාණය ගැනීමට නොහැකි විය. පිළිසරණ නැති ස්වභාවයට පිළිසරණක් විචාළේය. මෙය නිවන නම් වේ. අප්පටිසරණ නම් කිසියම් පිළිසරණක් නැත යන්නයි. නිබ්බාණොගධං = නිර්වාණයේ අභ්‍යන්තරය නිවන තුළට පිවිසි. බ්‍රහ්ම චරියං = මාර්ග බ්‍රහ්ම චර්යාව නිබ්බාන පරායණං = නිවන කරා යන ගමනක් වන්නේ ය. ඉන් වෙනතකට නොයයි යන අරුතයි. නිවන කෙළවර හෙවත් අවසානය වන්නේ ය. නිබ්බාණ පරියොසානං

මූලජාතා පතිට‍්ඨිතාති මග‍්ගෙන ආගතසද‍්ධා වුච‍්චති. ඉමම‍්හි චෙ, භික‍්ඛවෙ, සමයෙති කිං සන්‍ධායාහ? ඣානඅනාගාමිතං. තස‍්මිඤ‍්හි සමයෙ බ්‍රාහ‍්මණස‍්ස පඨමමග‍්ගෙන පඤ‍්ච අකුසලචිත‍්තානි පහීනානි, පඨමජ‍්ඣානෙන පඤ‍්ච නීවරණානීති ඣානඅනාගාමිට‍්ඨානෙ ඨිතො. සො අපරිහීනජ‍්ඣානො කාලං කත්‍වා තත්‍ථෙව පරිනිබ‍්බායෙය්‍ය. සචෙ පනස‍්ස පුත‍්තදාරං අනුසාසන‍්තස‍්ස කම‍්මන‍්තෙ විචාරෙන‍්තස‍්ස ඣානං නස‍්සති, නට‍්ඨෙ ඣානෙ ගති අනිබද‍්ධා හොති, අනට‍්ඨෙ පන නිබද‍්ධාති ඉමං ඣානඅනාගාමිතං සන්‍ධාය එවමාහ.

මුලජාතා පතිට්ඨිතා = මාර්ගයෙන් පැමිණි ශ්‍රද්ධාව කියනු ලැබේ. ඉමම්හි චෙ භික්‍ඛවෙ සමයෙ = කුමක් සඳහා කීයේද යත් - ධ්‍යාන අනාගාමී බව එසමයෙහි බ්‍රාහ්මණයාහට ප්‍රථම මාර්ගයෙන් අකුසල් සිත් පහ ප්‍රහීන විය. ප්‍රථම ධ්‍යානයෙන් නීවරණ පහ ප්‍රහීන වේ. ධ්‍යාන අනාගාමී තත්ත්වයෙහි සිටියා වූ හේ තෙමේ නොපිරිහුණු ධ්‍යාන ඇත්තේ කලුරිය කොට එහිම පිරිනිවෙන්නේ ය. ඉදින් අඹුදරුවනට අනුශාසනා කරන, කර්මාන්ත විධාන කරන අයකුගේ ධ්‍යානය නැසෙන්නේද - ධ්‍යානය නට කල්හි ගති ස්වභාවය දිගට පවතින්නේ නොවේ. ධ්‍යානය නො නැසුණ කල්හි ගති ස්වභාවය දිගට පවතින්නේ වේ. මෙය ධ්‍යාන අනාගාමී බව සඳහාම කීය.

3. සාකෙතසුත‍්තවණ‍්ණනා

3. සාකෙත සූත්‍ර වර්ණනාව

තතියෙ අඤ‍්ජනවනෙති අඤ‍්ජනවණ‍්ණපුප‍්ඵානං රුක‍්ඛානං රොපිතවනෙ. යං, භික‍්ඛවෙ, සද‍්ධින්‍ද්‍රියං, තං සද‍්ධාබලන‍්ති තඤ‍්හි අධිමොක‍්ඛලක‍්ඛණෙ ඉන්‍දට‍්ඨෙන සද‍්ධින්‍ද්‍රියං, අස‍්සද‍්ධියෙ අකම‍්පනෙන සද‍්ධාබලං. ඉතරෙසං පග‍්ගහඋපට‍්ඨානඅවික‍්ඛෙපපජානනලක‍්ඛණෙසු ඉන්‍දට‍්ඨෙන ඉන්‍ද්‍රියභාවො, කොසජ‍්ජමුට‍්ඨසච‍්චවික‍්ඛෙපාවිජ‍්ජාසු අකම‍්පනෙන බලභාවො වෙදිතබ‍්බො. එවමෙව ඛොති තස‍්සා නදියා එකසොතං විය සද‍්ධාවීරියසතිසමාධිපඤ‍්ඤාවසෙන එතෙසං නින‍්නානාකරණං වෙදිතබ‍්බං, ද‍්වෙ සොතානි විය ඉන්‍දට‍්ඨඅකම‍්පනට‍්ඨෙහි ඉන්‍ද්‍රියබලවසෙන නානාකරණං වෙදිතබ‍්බං.

තුන් වැන්නෙහි - අඤ්ජන වනෙ = අඳුවන් (කළු පැහැති) මල් ද ගස් ද රෝපණය කරන ලද වනයෙහි. යංභික්‍ඛවෙ සද්ධින්‍ද්‍රියං තං සද්ධා බලං = එය සිතේ ස්ථිර භාවයට අයත් ලක්ෂණයෙහි අධිපතිය යන අරුතින් “සද්ධින්‍ද්‍රිය” නම් වේ. අශ්‍රද්ධාවෙහිදී කම්පනයට පත් නොවීමෙන් ශ්‍රද්ධා බලය දැක්වේ. අන් අයගේ ධෛර්යවත් බව, වැටහීමේ ශක්තිය, අකම්ප්‍ය බව, දැනුම යන ලක්ෂණයන්හි අධිපති බව යන අරුතින් ඉන්‍ද්‍රිය භාවය යයි දත යුතුය. කුසීත බව, සිහි මුළාව, වික්ෂිප්ත බව, අවිද්‍යාව යන ආදියෙහි කම්පනයට පත් නොවීමෙන් ඇති වන්නේ බලභාවය යයි දත යුතුයි. අයමෙවඛො = එම නදියෙහි එකම දිය පහර මෙන් ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන වශයෙන් මේවායේ ගලාගෙන යාමේ පැවැත්ම දත යුතුය. ආධිපත්‍යය අකමිප්‍ය බව යන අර්ථයන්ගෙන් දිය පහරවල් දෙකක් මෙන් ද, ඉන්‍ද්‍රිය බලවශයෙන් නොයෙක් කරුණු ද දත යුතුය.

4. පුබ‍්බකොට‍්ඨකසුත‍්තවණ‍්ණනා

4. පුබ්බ කොට්ඨක සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ අමතොගධන‍්ති අමතබ‍්භන‍්තරං. අමතපරායණන‍්ති අමතනිබ‍්බත‍්තිකං. අමතපරියොසානන‍්ති අමතනිට‍්ඨං. සාධු සාධූති ථෙරස‍්ස බ්‍යාකරණං පසංසන‍්තො සාධුකාරං දෙති.

සිවු වැන්නෙහි - අමතොගධං = නිවනෙහි අභ්‍යනතරය අමත පරායණං = නිවන සමෘද්ධ වීම. අමත පරියොසානං - නිවන සම්පූර්ණ වීම. සාධු සාධු = තෙරුන්ගේ විස්තර කිරීම. ප්‍රශංසාවට ලක්කරමින් සාධුකාර දෙයි.

5-9. පුබ‍්බාරාමසුත‍්තාදිවණ‍්ණනා

5-9. පුබ්බාරාම ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ තදන්‍වයාති තං අනුගච‍්ඡමානා, අනුවත‍්තමානාති අත්‍ථො. පුබ‍්බකොට‍්ඨකං ආදිං කත්‍වා පටිපාටියා ඡසු සුත‍්තෙසු ඵලින්‍ද්‍රියානෙව කථිතානි.

පස්වැන්නෙහි - තදන්‍වයා = එය (හෝ ඔහු) අනුවයන්නේ, අනුව පවත්නේ යන අරුතයි. “පුබබකොට්ඨක” ආදිකොට ඇති සූත්‍ර සයෙහි පිළිවෙළින් ඉන්‍ද්‍රියය සයම කියන ලදී.

10. ආපණසුත‍්තවණ‍්ණනා

10. ආපණ සූත්‍ර වර්ණනාව

දසමෙ ඉමෙ ඛො තෙ ධම‍්මාති උපරි සහ විපස‍්සනාය තයො මග‍්ගා. යෙ මෙ පුබ‍්බෙ සුතාව අහෙසුන‍්ති යෙ ධම‍්මා මයා පුබ‍්බෙ “අරහත‍්තඵලින්‍ද්‍රියං නාම අත්‍ථී”ති කථෙන‍්තානංයෙව සුතා අහෙසුං. කායෙන ච ඵුසිත්‍වාති නාමකායෙන ච ඵුසිත්‍වා පටිලභිත්‍වා. පඤ‍්ඤාය ච අතිවිජ‍්ඣ පස‍්සාමීති පච‍්චවෙක‍්ඛණපඤ‍්ඤාය ච අතිවිජ‍්ඣිත්‍වා පස‍්සාමි. යා හිස‍්ස, භන‍්තෙ, සද‍්ධාති අයං කතරසද‍්ධා? චතූහි ඉන්‍ද්‍රියෙහි සම‍්පයුත‍්තා සද‍්ධා හෙට‍්ඨා කථිතාව, අයං පන පච‍්චවෙක‍්ඛණසද‍්ධා. සම‍්පයුත‍්තසද‍්ධා හි මිස‍්සකා, පච‍්චවෙක‍්ඛණසද‍්ධා ලොකියාව. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දස වැන්නෙහි - ඉමෙ ඛො තෙ ධම්මා = මතුයෙහි විදර්ශනා සහිත වන මාර්ග තුන යෙ මෙ පුබ්බෙ සුතාව අහෙසුං = මා හට පෙර දී අර්හත් ඵල ඉන්‍ද්‍රියය වූයේ යයි කියන බවක් අසා ඇත්තාහුද? කායෙනචඵුසිත්‍වා කයින්ද ස්පර්ශ කොට ලබාගෙන = පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සාමි = සිහියෙන් යුතුව සලකා බැලීමේ ප්‍රඥාවෙන් විනිවිද දකින්නෙමියි. යා හිස්ස හන්තෙ සද්ධා - මේ කවර නම් ශ්‍රද්ධාවක්ද? ඉන්‍ද්‍රිය සතරකින් යුතු වූ ශ්‍රද්ධාව යට කියන ලද්දේමය. මෙය වනාහී පච්චවෙක්ඛණ සද්ධා (නුවණින් සලකා බැලීමේ ශ්‍රද්ධාවයි.) සම්පයුත්ත සද්ධා නම් මිශ්‍රව පවතී. ප්‍රත්‍යවේක්ෂණ ශ්‍රද්ධාව ලෞකිකම වේ. සෙසු සියල්ල පහසු අරුත් ඇත්තේමය.

ජරාවග‍්ගො පඤ‍්චමො.

පස්වන ජරාවර්ගය නිමි.