යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩොලසුත‍්තං

4. 5. 9.

4. 5. 9.

පිණ‍්ඩොලසුත‍්තං

පිණ්ඩෝල සූත්‍රය

1733. එකං සමයං භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මතා පිණ‍්ඩොලභාරද‍්වාජෙන අඤ‍්ඤා බ්‍යාකතා හොති: “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති. අථ ඛො සම‍්බහුලා භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නා ඛො තෙ භික‍්ඛූ භගවන‍්තං එතදවොචුං: “ආයස‍්මතා භන‍්තෙ, පිණ‍්ඩොලභාරද‍්වාජෙන අඤ‍්ඤා බ්‍යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී“ති. කින‍්නුඛො භන‍්තෙ, අත්‍ථවසං සම‍්පස‍්සමානෙන ආයස‍්මතා පිණ‍්ඩොලභාරද‍්වාජෙන අඤ‍්ඤා බ්‍යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමීති,

1733. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ වෙයි. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. වහන්ස, කිනම් කරුණක් දක්නා ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ දැ? යි.

“තිණ‍්ණනං ඛො පන භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා පිණ‍්ඩොලභාරද‍්වාජෙන භික‍්ඛුනා අඤ‍්ඤා බ්‍යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමීති. කතමෙසං තිණ‍්ණන‍්නං: සතින්‍ද්‍රියස‍්ස, සමාධින්‍ද්‍රියස‍්ස, පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා පිණ‍්ඩොලභාරද‍්වාජෙන භික‍්ඛුනා අඤ‍්ඤා බ්‍යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී“ති. ඉමානි ච භික‍්ඛවෙ, තීණි ඉන්‍ද්‍රියානි කිමන‍්තානි: ඛයන‍්තානි. කිස‍්ස ඛයන‍්තානි: ජාතිජරාමරණස‍්ස. ජාතිජරාමරණං ඛයන‍්තං ඛො භික‍්ඛවෙ, සම‍්පස‍්සමානෙන පිණ‍්ඩොලභාරද‍්වාජෙන භික‍්ඛුනා අඤ‍්ඤා බ්‍යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති.

මහණෙනි, ඉන්‍ද්‍රිය තුනක් වැඩූ බැවින් බහුල කළ බැවින් පිණ්ඩෝල භාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. කවර තුනක් ද යත්: සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුන වැඩූ බැවින් බහුල කළ බැවින් පිණ්ඩෝලභාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ ය. මහණෙනි, මේ තුන්ඉඳුරෝ කුමක් කෙළවර කොට ඇත්තෝ ද යත්: ක්‍ෂය කිරීම කෙළවර කොට ඇත්තෝ ය. කුමක් ක්‍ෂය කිරීම කෙළවර කොට ඇත්තෝ ද යත්: ජාතිජරාමරණ යි. මහණෙනි, ජාතිජරාමරණ ක්‍ෂය අන්තය යි දක්නා වූ පිණ්ඩෝල භාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ යි.