තතිය පුබ්බාරාමසුත්තං
4. 5. 7.
4. 5. 7.
තතිය පුබ්බාරාමසුත්තං
තතිය පුබ්බාරාම සූත්රය
1731. කතින්නං නු ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති? භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- චතුන්නං ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. කතමෙසං චතුන්නං: විරියින්ද්රියස්ස සතින්ද්රියස්ස සමාධින්ද්රියස්ස පඤ්ඤින්ද්රියස්ස. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
1731. මහණෙනි, කෙනෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි අර්හත්ත්වය ප්රකාශ කෙරේ දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉඳුරන් සිවුදෙනකුන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්ෂීණාස්රව මහණ තෙමේ: “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි අර්හත්වය ප්රකාශ කෙරේ. කවර සිවුදෙනෙකුන් ද යත්: විරියින්ද්රියය සතින්ද්රියය සමාධින්ද්රියය පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ සිවුඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණතෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා යි.
4. 5. 8.
4. 5. 8.
චතුත්ථ පුබ්බාරාමසුත්තං
චතුත්ථ පුබ්බාරාම සූත්රය
1732. කතින්නං නු ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති? භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- පඤ්චන්නං ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. කතමෙසං පඤ්චන්නං: සද්ධින්ද්රියස්ස විරියින්ද්රියස්ස සතින්ද්රියස්ස සමාධින්ද්රියස්ස පඤ්ඤින්ද්රියස්ස. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමීතී“ති.
1732. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්ද්රිය පසක් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසයි. කවර පසක් ද යත්: සද්ධින්ද්රියය විරියින්ද්රියය සතින්ද්රිය ය සමාධින්ද්රිය ය පඤ්ඤින්ද්රිය යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත්බව පවසා යි.