යෙදුමෙන් කියවන්න

දුතිය පුබ‍්බාරාමසුත‍්තං

4. 5. 6.

4. 5. 6.

දුතිය පුබ‍්බාරාමසුත‍්තං

දුතිය පුබ්බාරාම සූත්‍රය

1730. කතින‍්නං නු ඛො භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ඛීණාසවො භික‍්ඛු අඤ‍්ඤං ව්‍යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති? භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- ද‍්වින‍්නං ඛො භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ඛීණාසවො භික‍්ඛු අඤ‍්ඤං බ්‍යාකරොති. “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමීති. කතමෙසං ද‍්වින‍්නං: අරියාය ච පඤ‍්ඤාය, අරියාය ච විමුත‍්තියා. යා හිස‍්ස භික‍්ඛවෙ, අරියා පඤ‍්ඤා තදස‍්ස පඤ‍්ඤින්‍ද්‍රියං. යා හිස‍්ස භික‍්ඛවෙ, අරියා විමුත‍්ති තදස‍්ස සමාධින්‍ද්‍රියං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, ද‍්වින‍්නං ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ඛීණාසවො භික‍්ඛු අඤ‍්ඤං බ්‍යාකරොති: “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති.

1730. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්‍ද්‍රිය දෙකත් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරෙයි. කවර දෙකක්ද යත්: ආර්‍ය්‍ය වූ ප්‍රඥාවත් ආර්‍ය්‍යවූ විමුක්තියත් ය. මහණෙනි, ඔහුගේ යම් ආර්‍ය්‍ය වූ ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි ඔහුගේ යම් ආර්‍ය්‍ය වූ විමුක්තියක් වේ නම් එය ඔහුගේ සමාධින්‍ද්‍රිය යි. මහණෙනි, මේ දෙඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ යි.