යෙදුමෙන් කියවන්න

පුබ‍්බාරාමසුත‍්තං

4. 5. 5.

4. 5. 5.

පුබ‍්බාරාමසුත‍්තං

පුබ්බාරාම සූත්‍රය

1729. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි -පෙ- කතින‍්නං නු ඛො භික‍්ඛවෙ ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා ඛීණාසවො භික‍්ඛු අඤ‍්ඤං ව්‍යාකරොති: “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති. භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- එකස‍්ස ඛො භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියස‍්ස භාවිතත‍්තා බහුලීකතත‍්තා ඛීණාසවො භික‍්ඛු අඤ‍්ඤං ව්‍යාකරොති: “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති. කතමස‍්ස එකස‍්ස? පඤ‍්ඤින්‍ද්‍රියස‍්ස. පඤ‍්ඤවතො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස තදන්‍වයා සද‍්ධා සණ‍්ඨාති. තදන්‍වයං විරියං සණ‍්ඨාති. තදන්‍වයා සති සණ‍්ඨාති, තදන්‍වයො සමාධි සණ‍්ඨාති. ඉමස‍්ස ඛො භික‍්ඛවෙ, එකස‍්ස ඉන්‍ද්‍රියස‍්ස භාවිතත‍්තා බහුලීකතත‍්තා ඛීණාසවො භික‍්ඛු අඤ‍්ඤං ව්‍යාකරොති: “ඛීණා ජාති වුසිතං බ්‍රහ‍්මචරියං කතං කරණීයං නාපරං ඉත්‍ථත‍්තායාති පජානාමී”ති.

1729. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩඩසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්‍ෂීණාස්‍රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, එක් ඉන්‍ද්‍රියයක් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්‍ෂීණාස්‍රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරෙයි. කවර එකක් ද යත්: පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ පිහිටයි. ඒ අනුව යන වැර පිහිටයි. ඒ අනුව යන සිහිය පිහිටයි. ඒ අනුව යන සමාධිය පිහිටයි. මහණෙනි, මේ එක් ඉන්‍ද්‍රියය වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව ප්‍රකාශ කෙරේ යි.