යෙදුමෙන් කියවන්න

පුබ‍්බකොට‍්ඨකසුත‍්තං

4. 5. 4.

4. 5. 4.

පුබ‍්බකොට‍්ඨකසුත‍්තං

පුබ්බ කොට්ඨක සූත්‍රය

1728. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබ‍්බකොට‍්ඨකෙ. තත්‍ර ඛො භගවා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආමන‍්තෙසි. සද‍්දහාසි ත්‍වං සාරිපුත‍්ත, සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති, අමතපරායනං අමතපරියොසානං, විරියින්‍ද්‍රියං -පෙ- සතින්‍ද්‍රියං -පෙ- සමාධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති?

1728. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුබ්බකොට්ඨකයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක: සාරිපුත්ත සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි තෙපි හදහවු දැ යි.

නඛ‍්වාහං එත්‍ථ භන‍්තෙ, භගවතො සද‍්ධාය ගච‍්ඡාමි “සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. යෙසං හි භන‍්තෙ, අඤ‍්ඤාතං අස‍්ස අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං අඵස‍්සිතං පඤ‍්ඤාය, තෙ තත්‍ථ පරෙසං සද‍්ධාය ගච‍්ඡෙය්‍යුං: සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති. යෙසඤ‍්ච ඛො එතං භන‍්තෙ, ඤාතං දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං ඵස‍්සිතං පඤ‍්ඤාය, නික‍්කඞ‍්ඛා තෙ තත්‍ථ නිබ‍්බිවිකිච‍්ඡා, සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. මය‍්හම‍්පි ඛො එතං භන‍්තෙ, ඤාතං දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං ඵස‍්සිතං පඤ‍්ඤාය. නික‍්කඞ‍්ඛ‍්වාහං තත්‍ථ නිබ‍්බිවිකිච‍්ඡො සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති.

වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. මෙහි ලා මම භාග්‍යවතුන් වහන්සේගේ (වදන්) ඇදහීමෙන් (නිමාවට) නො යෙමි. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි යම් කෙනකුන් විසින් නො දන්නා ලද්දේ නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ නො පසක් කරන ලද්දේ නුවණින් නො පහස්නා ලද්දේ වන්නේ නම් ඔහු එහි ලා මෙරමා (වදන්) ඇදහීමෙන් (නිමාවට) යන්නාහු ය. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරණ ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි. යම් කෙනකුන් විසිනුදු මෙය දන්නා ලද්දේ දක්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ පසක් කරන ලද්දේ නුවණින් පහස්නා ලද්දේ වේ නම් ඔහු එහි ලා නිසැක වූවාහු පහවූ විචිකිච්ඡා ඇත්තාහු වෙත්. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට දැතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට දැතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. ම විසිනුදු මෙය දන්නා ලද්දේ ය. දක්නා ලද්දේ ය. අවබෝධ කරන ලද්දේ ය. පසක් කරන ලද්දේ ය. නුවණින් පහස්නා ලද්දේ ය. මම එහි ලා නිසැකයෙමි. පහ වූ විචිකිච්ඡා ඇතියෙමි යි.

සාධු සාධු සාරිපුත‍්ත, යෙසං හෙතං සාරිපුත‍්ත, අඤ‍්ඤාතං අස‍්ස අදිට‍්ඨං අවිදිතං අසච‍්ඡිකතං අඵස‍්සිතං පඤ‍්ඤාය තෙ තත්‍ථ පරෙසං සද‍්ධාය ගච‍්ඡෙය්‍යුං, සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. යෙසඤ‍්ච ඛො එතං සාරිපුත‍්ත, ඤාතං දිට‍්ඨං විදිතං සච‍්ඡිකතං ඵස‍්සිතං පඤ‍්ඤාය නික‍්කඞ‍්ඛා තෙ තත්‍ථ නිබ‍්බිචිකිච‍්ඡා, සද‍්ධින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන‍්ති.

සාරිපුත්ත මැනවි, මැනවි, සාරිපුත්ත, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි යම් කෙනකුන් විසින් මෙය නොදන්නා ලද්දේ නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ නො පසක් කරන ලද්දේ නුවණින් නො පහස්නා ලද්දේ වන්නේ නම් ඔහු එහිලා මෙරමා (වදන්) ඇදහීමෙන් (නිමාවට) යන්නාහු ය. සාරිපුත්ත, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යී යම් කෙනකුන් විසිනුදු මෙය දන්නා ලද්දේ දක්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ පසක් කරන ලද්දේ නුවණින් පහස්නා ලද්දේ වේ නම් ඔහු එහිලා නිසැකයහ. පහ වූ විචිකිච්ඡා ඇතියහ යි.