යෙදුමෙන් කියවන්න

සාකෙතසුත‍්තං

4. 5. 3.

4. 5. 3.

සාකෙතසුත‍්තං

සාකේත සූත්‍රය

1727. එකං සමයං භගවා සාකෙතෙ විහරති අඤ‍්ජනවනෙ මිගදායෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි. අත්‍ථි නු ඛො භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම යානි පඤ‍්චින්‍ද්‍රියානි තානි පඤ‍්ච බලානි හොන‍්ති, යානි පඤ‍්ච බලානි තානි පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්තීති? භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ-

1727. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේතනුවර සමීපයෙහි මිගදාය නම් වූ අඳුන්වෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද? යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද? එබඳු නයෙක් ඇද්ද යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ගෙන ඇතියහ ...

අත්‍ථි භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම යානි පඤ‍්චින්‍ද්‍රියානි තානි පඤ‍්ච බලානි හොන‍්ති. යානි පඤ‍්ච බලානි තානි පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති. කතමො ච භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම යානි පඤ‍්චින්‍ද්‍රියානි තානි පඤ‍්ච බලානි හොන‍්ති, යානි පඤ‍්ච බලානි තානි පඤ‍්චින්‍ද්‍රියානි හොන‍්ති: යං භික‍්ඛවෙ, සද‍්ධින්‍ද්‍රියං තං සද‍්ධාබලං, යං සද‍්ධාබලං, තං සද‍්ධින්‍ද්‍රියං. යං විරියින්‍ද්‍රියං තං විරියබලං, යං විරියබලං තං විරියින්‍ද්‍රියං, යං සතින්‍ද්‍රියං තං සතිබලං, යං සතිබලං තං සතින්‍ද්‍රියං. යං සමාධින්‍ද්‍රියං තං සමාධිබලං, යං සමාධිබලං තං සමාධින්‍ද්‍රියං. යං පඤ‍්ඤින්‍ද්‍රියං තං පඤ‍්ඤාබලං, යං පඤ‍්ඤාබලං තං පඤ‍්ඤින්‍ද්‍රියං.

මහණෙනි යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද, යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද, එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද, යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද, ඒ නය කවරේ ද, යත්: මහණෙනි, යමෙක් සද්ධින්‍ද්‍රියය වේ නම් එය සද්ධාබලය වේ. යමෙක් සද්ධාබලය වේ නම් එය සද්ධින්‍ද්‍රිය වේ. යමෙක් විරියින්‍ද්‍රිය වේ නම් එය විරියබලය වේ. යමෙක් විරියබලය වේ නම් එය විරියින්‍ද්‍රිය වේ. යමෙක් සතින්‍ද්‍රිය වේ නම් එය සතිබලය වේ. යමෙක් සතිබලය වේ නම් එය සතින්‍ද්‍රිය වේ. යමෙක් සමාධින්‍ද්‍රිය වේ නම් එය සමාධිබලය වේ. යමෙක් සමාධිබලය වේ නම් එය සමාධින්‍ද්‍රිය වේ. යමෙක් පඤ්ඤින්‍ද්‍රිය වේ නම් එය පඤ්ඤාබලය වේ. යමෙක් පඤ්ඤාබලය වේ නම් එය පඤ්ඤින්‍ද්‍රිය වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, නදී පාචීනනින‍්නා පාචීනපොණා පාචීනපබ‍්භාරා, තස‍්සා අස‍්ස මජ‍්ඣෙ දීපො. අත්‍ථි භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම තස‍්සා නදියා එකො සොතොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. අත්‍ථි පන භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම තස‍්සා නදියා ද‍්වෙ සොතානිත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. කතමො ච භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම තස‍්සා නදියා එකො සොතොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති? යං භික‍්ඛවෙ, තස‍්ස දීපස‍්ස පුරත්‍ථිමන‍්තෙ උදකං යඤ‍්ච පච‍්ඡිමන‍්තෙ උදකං, අයං ඛො භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම තස‍්ස නදියා එකො සොතොත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති. කතමො ච භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම තස‍්සා නදියා ද‍්වෙ සොතානිත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති, යං භික‍්ඛවෙ, තස‍්ස දීපස‍්ස උත‍්තරන‍්තෙ උදකං යඤ‍්ච දක‍්ඛිණන‍්තෙ උදකං, අයං ඛො භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම තස‍්සා නදියා ද‍්වෙ සොතානිත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡන‍්ති. එවමෙව ඛො භික‍්ඛවෙ, යං සද‍්ධින්‍ද්‍රියං තං සද‍්ධාබලං, යං සද‍්ධාබලං තං සද‍්ධින්‍ද්‍රියං -පෙ- යං පඤ‍්ඤින්‍ද්‍රියං තං පඤ‍්ඤාබලං, යං පඤ‍්ඤාබලං තං පඤ‍්ඤින්‍ද්‍රියං. පඤ‍්චන‍්නං භික‍්ඛවෙ, ඉන්‍ද්‍රියානං භාවිතත‍්තා බහුලීකතත‍්තා භික‍්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත‍්තිං පඤ‍්ඤාවිමුත‍්තිං දිට‍්ඨෙව ධම‍්මෙ සයං අභිඤ‍්ඤා සච‍්ඡිකත්‍වා උපසම‍්පජ‍්ජ විහරතීති.

මහණෙනි, යම්සේ පෙරදිගට නැමුණු පෙරදිගට නැඹුරු වූ පෙරදිගට බර වූ නදියක් වේ ද, එහි මැද දිවයිනෙක් වන්නේ ය. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩපහරෙකැයි ගිණුමට යේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙසැඩපහරෙකැයි ම ගිණුමට යේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩපහරෙකැ යි ගිණුමට යේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඒ දිවයිනෙහි පෙරදිග කෙළවර යම් දියෙක් වේ ද, පැළදිග කෙළවර යම් දියෙකුත් වේ ද, මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම දියපහරෙකැ යි ගිණුමට යේ නම් මේ ඒ නය යි. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙදියපහරෙකැ යි ම ගිණුමට යේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඒ දිවයිනෙහි උතුරු කෙළවර යම් දියෙක් වේ ද, දකුණු කෙළවර යම් දියකුත් වේ ද මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙදියපහරෙකැයි ම ගිණුමට යේ නම් මේ ඒ නයයි. මහණෙනි, එසෙයින් ම යමෙක් සද්ධින්‍ද්‍රිය වේ නම් එය සද්ධාබලය වේ. යමෙක් සද්ධාබලය වේ නම් එය සද්ධින්‍ද්‍රියය වේ ... යමෙක් පඤ්ඤින්‍ද්‍රිය වේ නම් එය පඤ්ඤාබලය වේ. යමෙක් පඤ්ඤාබලය වේ නම් එය පඤ්ඤින්‍ද්‍රිය වේ. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් මහණතෙමේ ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටු දැමියෙ හි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.