උණ්ණාභබ්රාහ්මණසුත්තං
4. 5. 2.
4. 5. 2.
උණ්ණාභබ්රාහ්මණසුත්තං
උණ්ණාභබ්‍රාහ්මණ සූත්‍රය
1726. අථ ඛො උණ්ණාභො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උණ්ණාභො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “පඤ්චිමානි භො ගොතම, ඉන්ද්රියානි නානාවිසයානි නානාගොචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති. කතමානි පඤ්ච: චක්ඛුන්ද්රියං -පෙ- කායින්ද්රියං. ඉමෙසං නු ඛො භො ගොතම, පඤ්චන්නං ඉන්ද්රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්තානං කිං පටිසරණං කො ච නෙසං ගොචරවිසයං පච්චනුභොතීති.
1726. එකල්හි උණ්ණාභ බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් උණ්ණාභ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයෙනි, මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙන් වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිත්. කවර පසෙක් ද යත්: චක්ඛුන්ද්රියය ... කායින්ද්රිය යි. භවත් ගෞතමයෙනි, වෙන් වෙන් විෂය ඇති වෙන් වෙන් අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිනා මේ පසිඳුරන්ට කිමෙක් පිළිසරණ ද? කවරෙක් ඔවුන්ගේ අරමුණු විෂය විඳී දැ යි.
පඤ්චිමානි බ්‍රාහ්මණ, ඉන්ද්රියානි නානාවිසයානි නානාගොචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති. කතමානි පඤ්ච: චක්ඛුන්ද්රියං -පෙ- කායින්ද්රියං. ඉමෙසං ඛො බ්‍රාහ්මණ, පඤ්චන්නං ඉන්ද්රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්තානං මනො පටිසරණං. මනොව තෙසං ගොචරවිසයං පච්චනුභොතීති. මනස්ස පන භො ගොතම කිං පටිසරණන්ති? මනස්ස ඛො බ්‍රාහ්මණ, සති පටිසරණන්ති. සතියා පන භො ගොතම, කිං පටිසරණන්ති? සතියා ඛො බ්‍රාහ්මණ, විමුත්ති පටිසරණන්ති. විමුත්තියා පන භො ගොතම කිං පටිසරණන්ති? විමුත්තියා ඛො බ්‍රාහ්මණ, නිබ්බානං පටිසරණන්ති. නිබ්බානස්ස පන භො ගොතම, කිං පටිසරණන්ති? අච්චසරා බ්‍රාහ්මණ, පඤ්හං. නාසක්ඛි පඤ්හස්ස පරියන්තං ගහෙතුං. නිබ්බානොගධං හි බ්‍රාහ්මණ, බ්රහ්මචරියං වුස්සති නිබ්බානපරායණං නිබ්බානපරියොසානන්ති. අථ ඛො උණ්ණාභො බ්රාහ්මණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමි.
බමුණ, මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙන් වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිත්. කවර පසෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ය ... කායින්ද්රිය යි. බමුණ, වෙන් වෙන් විෂය ඇති වෙන් වෙන් අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳින මේ පසිඳුරන්ට සිත පිළිසරණ යි. සිත ම ඔවුන්ගේ අරමුණු විෂය විඳී යි. භවත් ගෞතමයෙනි, සිතට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, සිතට සිහිය පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, සිහියට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, සිහියට විමුක්තිය පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, විමුක්තියට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, විමුක්තියට නිවන පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, නිවනට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ ප්රශ්නය ඉක්මවා ගියෙහි ය. ප්‍රශ්නයෙහි කෙළවර ගැනීමට නො හැකි විය. බමුණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට බඹසර වෙසෙන්නේ යි. එකල්හි උණ්ණාභ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
අථ ඛො භගවා අචිරපක්කන්තෙ උණ්ණාභෙ බ්රාහ්මණෙ භික්ඛූ ආමන්තෙසි; “සෙය්යථාපි භික්ඛවෙ, කූටාගාරෙ වා කූටාගාරසාලායං වා පාචීනවාතපානා සූරියෙ උග්ගච්ඡන්තෙ වාතපානෙන රස්මි පවිසිත්වා ක්වාස්ස පතිට්ඨිතාති. පච්ඡිමාය භන්තෙ භිත්තියන්ති. එවමෙව ඛො භික්ඛවෙ, උණ්ණාභස්ස බ්රාහ්මණස්ස තථාගතෙ සද්ධා නිවිට්ඨා මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. ඉමම්හි චෙ භික්ඛවෙ, සමයෙ උණ්ණාභො බ්රාහ්මණො කාලං කරෙය්ය, නත්ථි තං සංයොජනං යෙන සංයොජනෙන සංයුත්තො උණ්ණාභො බ්රාහ්මණො පුන ඉමං ලොකං ආගච්ඡෙය්යාති.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ උණ්ණාභ බමුණා නික්ම ගිය නොබෝ කලකින් භික්ෂූන් ඇමතූසේක. මහණෙනි, කුළුගෙයක හෝ කුළුගේහලක හෝ පෙරදිග වාකවුළු යම් සේ ද හිරු උදාවන කල්හි වාකවුළුවෙන් හිරුරැස් පිවිස කොහි පිහිටියා වන්නේ දැ යි? වහන්ස, පැසුළු බිතෙහි ය, මහණෙනි, එසෙයින් ම උණ්ණාභ බමුණාට තථාගතයන් කෙරෙහි ඇතුළට පිවිසි හටගත් මුල් ඇති දැඩි වූ මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ නො වැනසිය හැකි සැදැහැ පිහිටියා ය. මහණෙනි, ඉදින් උණ්ණාභ බමුණු මෙසමයෙහි කලුරිය කරන්නේ නමුදු යම් සංයෝජනයෙකින් යුත් උණ්ණාභ බමුණු නැවත මෙලොවට පැමිණෙන්නේ නම් එබඳු සංයෝජනයෙක් නැතැ යි.