යෙදුමෙන් කියවන්න

ආපණසුත‍්තං

4. 5. 10.

4. 5. 10.

ආපණසුත‍්තං

ආපණ සූත්‍රය

1734. එකං සමයං භගවා අඞ‍්ගෙසු විහරති ආපණං නාම අඞ‍්ගානං නිගමො. තත්‍ර ඛො භගවා ආයස‍්මන‍්තං සාරිපුත‍්තං ආමන‍්තෙසි: “යො සො සාරිපුත‍්ත, අරියසාවකො තථාගතෙ එකන‍්තගතො, අභිප‍්පසන‍්නො, අපි නු සො තථාගතෙ වා තථාගතසාසනෙ වා කඞ‍්ඛෙය්‍ය වා විචිකිච‍්ඡෙය්‍ය වා”ති?

1734. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්වෙහි අඟුදනවුවැස්සන්ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක කරන්නේ හෝ විචිකිච්ඡා කරන්නේ හෝ වේ දැ? යි.

යො සො භන‍්තෙ, අරියසාවකො තථාගතෙ එකන‍්තගතො අභිප‍්පසන‍්නො, න සො තථාගතෙ වා තථාගතසාසනෙ වා කඞ‍්ඛෙය්‍ය වා විචිකිච‍්ඡෙය්‍ය වා. සද‍්ධස‍්ස හි භන‍්තෙ, අරියසාවකස‍්ස එතං පාටිකඞ‍්ඛං: “යං ආරද‍්ධවිරියො විහරිස‍්සති අකුසලානං ධම‍්මානං පහානාය, කුසලානං ධම‍්මානං උපසම‍්පදාය, ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. යං හිස‍්ස භන‍්තෙ, විරියං තදස‍්ස විරියින්‍ද්‍රියං. සද‍්ධස‍්ස හි භන‍්තෙ, අරියසාවකස‍්ස ආරද‍්ධවිරියස‍්ස එතං පාටිකඞ‍්ඛං: “යං සතිමා භවිස‍්සති පරමෙන සතිනෙපක‍්කෙන සමන‍්නාගතො, චිරකතම‍්පි චිරභාසිතම‍්පි සරිතා අනුස‍්සරිතා. යා හිස‍්ස භන‍්තෙ, සති, තදස‍්ස සතින්‍ද්‍රියං. සද‍්ධස‍්ස හි භන‍්තෙ, අරියසාවකස‍්ස ආරද‍්ධවිරියස‍්ස උපට‍්ඨිතසතිනො එතං පාටිකඞ‍්ඛං: “යං වොස‍්සග‍්ගාරම‍්මණං කරිත්‍වා ලභිස‍්සති සමාධිං, ලභිස‍්සති චිත‍්තස‍්සෙකග‍්ගතං. යො හිස‍්ස භන‍්තෙ, සමාධි තදස‍්ස සමාධින්‍ද්‍රියං.

වහන්ස, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. වහන්ස, “අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹූ වැර ඇත්තේ කුසල්දහම්හි නොපසුබස්නා වැර ඇත්තේ දැඩිපැරකුම් ඇත්තේ නොබහාතැබූ ධුර ඇත්තේ වෙසෙන්නේ ය. යන යමෙක් ඇද් ද, සැදැහැති අරීසව්හු විසින් එය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. වහන්ස, “සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහිකරනුයේ වන්නේ ය, යන යමෙක් ඇද්ද, ඇරඹු වැර ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති විය යුතු. වහන්ස, ඔහුට යම් සිහියෙක් වේ නම් එය ඔහුගේ සතින්‍ද්‍රිය යි. වහන්ස, නිවන අරමුණු කොට සමාධිය ලබන්නේ ය, සිතේ එකඟකම ලබන්නේය යන යමෙක් ඇද්ද, ඇරඹු වෙර ඇති එළඹසිටි සිහි ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමැති වියයුතු. වහන්ස, ඔහුට යම් සමාධියෙක් වේ නම් ඵය ඔහුගේ සමාධින්‍ද්‍රිය යි.

සද‍්ධස‍්ස හි භන‍්තෙ, අරියසාවකස‍්ස ආරද‍්ධවිරියස‍්ස උපට‍්ඨිතසතිනො සමාහිතචිත‍්තස‍්ස එතං පාටිකඞ‍්ඛං: “යං එවං ජානිස‍්සති අනමතග‍්ගො ඛො සංසාරො පුබ‍්බා කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං සන්‍ධාවතං සංසරතං. අවිජ‍්ජායත්‍වෙව තමොකායස‍්ස අසෙසවිරාගනිරොධො, සන‍්තමෙතං පදං, පණීතමෙතං පදං, යදිදං සබ‍්බසඞ‍්ඛාරසමථො සබ‍්බූපධිපටිනිස‍්සග‍්ගො තණ‍්හක‍්ඛයො විරාගො නිරොධො නිබ‍්බානං, යා හිස‍්ස භන‍්තෙ, පඤ‍්ඤා තදස‍්ස පඤ‍්ඤින්‍ද්‍රියං, ස ඛො සො භන‍්තෙ, අරියසාවකො එවං පදහිත්‍වා පදහිත්‍වා එවං සරිත්‍වා සරිත්‍වා එවං සමාදහිත්‍වා සමාදහිත්‍වා එවං පජානිත්‍වා පජානිත්‍වා එවං අභිසද‍්දහති: “ඉමෙ ඛො තෙ ධම‍්මා යෙ’මෙ පුබ‍්බෙ සුතාව අහෙසුං. තෙ’දානාහං එතරහි කායෙන ච ඵුසිත්‍වා විහරාමි, පඤ‍්ඤාය ච අතිවිජ‍්ඣ පස‍්සාමී”ති. යා හි’ස‍්ස භන‍්තෙ, සද‍්ධා තදස‍්ස සද‍්ධින්‍ද්‍රියන‍්ති.

වහන්ස, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ සසර නොදන්නා ලද අග්මුල් ඇත්තේ ය. පෙරපසු කෙළවර නො පෙනේ. අවිද්‍යාසඞ්ඛ්‍යාත තමස්කායයාගේ යම් මේ නිරවශේෂ විරාගනිරොධයෙක් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ බැහැර ලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් මේ නිවන්පදය ශාන්ත ය, මෙ නිවන්පදය ප්‍රණීත ය යි මෙසේ දන්නේ ය යන යමෙක් වේ ද, ඇරඹූ වැර ඇති එළඹසිටි සිහි ඇති එකඟ වූ සිත් ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. වහන්ස, ඒ මේ අරීසවු මෙසේ ප්‍රධන්වීර්‍ය්‍ය කොට කොට මෙසේ සිහිකොට කොට මෙසේ සමාදන් ව සමාදන් ව මෙසේ දැන දැන “පෙර මා විසින් යම් දහම් කෙනෙක් අසන ලද්දෝ වූහු නම් මොහු ඒ දහම්හු ම ය. මම දැන් ඔවුන් නාමකයින් ද පැහැස වෙසෙමි. නුවණින් ද පිළිවිද දක්මි” යි මෙසේ වෙසෙසින් හදහයි. වහන්ස, ඔහුට යම් සැදැහැයෙක් වේනම් එය ඔහුගේ සද්ධින්‍ද්‍රිය යි.

සාධු සාධු සාරිපුත‍්ත, යො සො සාරිපුත‍්ත, අරියසාවකො තථාගතෙ එකන‍්තගතො අභිප‍්පසන‍්නො, න සො තථාගතෙ වා තථාගතසාසනෙ වා කඞ‍්ඛෙය්‍ය වා විචිකිච‍්ඡෙය්‍ය වා. සද‍්ධස‍්ස හි සාරිපුත‍්ත, අරියසාවකස‍්ස එතං පාටිකඞ‍්ඛං: “යං ආරද‍්ධවිරියො විහරිස‍්සති අකුසලානං ධම‍්මානං පහානාය කුසලානං ධම‍්මානං උපසම‍්පදාය ථාමවා දළ‍්හපරක‍්කමො අනික‍්ඛිත‍්තධුරො කුසලෙසු ධම‍්මෙසු. යං හිස‍්ස සාරිපුත‍්ත, විරියං, තදස‍්ස විරියින්‍ද්‍රියං. සද‍්ධස‍්ස හි සාරිපුත‍්ත, අරියසාවකස‍්ස ආරද‍්ධවිරියස‍්ස එතං පාටිකඞ‍්ඛං -පෙ- යා හිස‍්ස සාරිපුත‍්ත, පඤ‍්ඤා තදස‍්ස පඤ‍්ඤින්‍ද්‍රියං. ස ඛො සො සාරිපුත‍්ත, අරියසාවකො එවං පදහිත්‍වා පදහිත්‍වා එවං සරිත්‍වා සරිත්‍වා එවං සමාදහිත්‍වා සමාදහිත්‍වා එවං පජානිත්‍වා පජානිත්‍වා එවං අභිසද‍්දහති: “ඉමෙ ඛො තෙ ධම‍්මා යෙ’මෙ පුබ‍්බෙ සුතාව අහෙසුං තෙදානාහං එතරහි කායෙන ච ඵුසිත්‍වා විහරාමි, පඤ‍්ඤාය ච අතිවිජ‍්ඣ පස‍්සාමී”ති. යා හිස‍්ස, සාරිපුත‍්ත, සද‍්ධා තදස‍්ස සද‍්ධින්‍ද්‍රියන‍්ති.

සාරිපුත්ත, මැනවි, මැනවි. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැතියේ වෙසෙසින් පහන් වූයේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගත සස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. සාරිපුත්ත, අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹු වැර ඇතියේ කුසල්දහම්හි නො පසුබස්නා වැර ඇතියේ දැඩි පැරකුම් ඇතියේ නො බහා තැබූ ධුර ඇතියේ වෙසෙන්නේ ය යන යමෙක් වේ ද, සැදැහැති අරීසවුහු විසින් මෙය කැමති විය යුතු. සාරිපුත්ත, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. සාරිපුත්ත ... ඇරඹූ වැර ඇති සැදැහැති අරීසවුහු විසින් මෙය කැමති වියයුතු, සාරිපුත්ත, ඔහුට ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. සාරිපුත්ත, ඒ මේ අරීසවු මෙසේ ප්‍රධන්වීර්‍ය්‍ය කොට කොට මෙසේ සිහි කොට කොට මෙසේ සමාදන් ව සමාදන් ව මෙසේ දැන දැන “පෙර මවිසින් යම් දහම් කෙනෙක් අසන ලද්දෝ වූහු නම් මොහු ඒ දහම්හු ම ය; මම දැන් ඔවුන් නාමකයිනුදු පැහැස වෙසෙමි. නුවණිනුදු පිළිවිද දක්මි” යි මෙසේ වෙසෙසින් හදහ යි. සාරිපුත්ත, ඔහුට යම් සැදැහැයෙක් වේ නම් එය ඔහුගේ සද්ධින්‍ද්‍රිය යි.

ජරාවග‍්ගො පඤ‍්චමො.

පස්වැනි ජරාවර්‍ග යි.

තත්‍රුද‍්දානං:

එහි සූත්‍රනාමාවලිය:

ජරා උණ‍්ණාභබ්‍රාහ‍්මණො සාකෙතො පුබ‍්බකොට‍්ඨකො, පුබ‍්බාරාමෙන චත‍්තාරි පිණ‍්ඩොලො ආපණෙන චාති.

ජරා, උණ්ණාභබ්‍රාහ්මණ, සාකේත, පුබ්බකොට්ඨක යි සිවු සුතුරෙක් ද පුබ්බාරාම නමින් සිවු සුතුරෙක් ද, පිණ්ඩෝල ආපණ යි දෙසුතුරෙක් දැ යි දසසුතුරෙකි යි.