සාලාසුත්තං
4. 6. 1.
4. 6. 1.
සාලාසුත්තං
සාලා සූත්‍රය
1735. එකං සමයං භගවා කොසලෙසු විහරති සාලායං බ්රාහ්මණගාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ- සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි තිරච්ඡානගතා පාණා, සීහො තෙසං මිගරාජා අග්ගමක්ඛායති: යදිදං ථාමෙන ජවෙන සූරියෙන එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති: යදිදං බොධාය.
1735. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි සාලානම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක ... මහණෙනි, යම්සේ යම්කිසි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද, මෘගරාජ වූ සිංහ තෙමේ ශක්තියෙන් ද වේගයෙන් ද ශූරභාවයෙන් ද ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි එසෙයින් ම යම්කිසි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ වෙද්ද, අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ.
කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛියා ධම්මා? සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. විරියින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සතින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සමාධින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. පඤ්ඤින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි තිරච්ඡානගතා පාණා, සීහො තෙසං මිගරාජා අග්ගමක්ඛායති, යදිදං ථාමෙන ජවෙන සූරියෙන. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති: යදිදං බොධායාති.
මහණෙනි,බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. විරියින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. සතින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. සමාධින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. මහණෙනි, යම් කිසි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද මෘගරාජ වූ සිංහ තෙමේ ශක්තියෙන් ද වේගයෙන් ද ශූරභාවයෙන් ද ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ වෙද්ද, අවබෝධය පිණිස පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ යී.