6. සූකරඛතවග්ගො අට්ඨකථා
6. සූකරඛත වර්ගය
1. සාලාසුත්තවණ්ණනා
1. සාලා සූත්‍ර වර්ණනාව
ඡට්ඨවග්ගස්ස පඨමෙ සූරෙනාති සූරභාවෙන. බොධායාති බුජ්ඣනත්ථාය.
සය වන වර්ගයේ පළමුවැන්නෙහි - සුරියෙන = ශූර භාවයෙන් බොධාය = අවබෝධය සඳහා.
2. මල්ලකසුත්තවණ්ණනා
2. මල්ලක සූත්‍ර වර්ණනාව
දුතියෙ මල්ලෙසූති එවංනාමකෙ ජනපදෙ. ඉමස්මිං සුත්තෙ චත්තාරි ඉන්ද්රියානි මිස්සකානි, අරියඤාණං ලොකුත්තරං. තම්පි පන චතුක්කින්ද්රියනිස්සිතං කත්වා මිස්සකන්ති භාජෙතුං වට්ටති.
දෙවැන්නෙහි - මල්ලකෙසු = මෙ නම් ජනපදයෙහි මේ සූත්‍රයෙහිදී ඉන්ද්රියයන් සතර මිශ්‍රව දක්වන ලදී. ආර්ය ඥානය ලෝකෝත්තර වේ. එය ද ඉන්ද්රියයන් සතර හා මිශ්‍ර කොට, මිශ්‍ර වුවක් යයි බෙදා දැක්වීමට සුදුසු වේ.
3. සෙඛසුත්තවණ්ණනා
3. සෙඛ සූත්‍ර වර්ණනාව
තතියෙ න හෙව ඛො කායෙන ඵුසිත්වා විහරතීති න නාමකායෙන ඵුසිත්වා පටිලභිත්වා විහරති, ඵුසිතුං පටිලභිතුං න සක්කොති. පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සතීති පච්චවෙක්ඛණපඤ්ඤාය පන “උපරි අරහත්තඵලින්ද්රියං නාම අත්ථී”ති පජානාති. අසෙඛභූමියං ඵුසිත්වා විහරතීති පටිලභිත්වා විහරති. පඤ්ඤායාති පච්චවෙක්ඛණපඤ්ඤාය “අරහත්තඵලින්ද්රියං නාම අත්ථී”ති පජානාති. න කුහිඤ්චි කිස්මිඤ්චීති ද්වෙපි අඤ්ඤමඤ්ඤවෙවචනානෙව, කිස්මිඤ්චි භවෙ න උප්පජ්ජිස්සන්තීති අත්ථො. ඉමස්මිං සුත්තෙ පඤ්චින්ද්රියානි ලොකුත්තරානි, ඡ ලොකිකානි වට්ටනිස්සිතානෙව කථිතානි.
තුන්වැන්නෙහි - නහෙව ඛො කායෙන ඵුසිත්වා විහරති = කයෙන් ස්පර්ශ කොට ලබා ගෙන වාසය නො කරයි. ස්පර්ශ කිරීමට ලබා ගැනීමට නො හැකි වෙයි. පඤ්ඤායච අතිවිජ්ඣ පස්සති = ප්‍රඥාවන්ත ලෙස සලකා බැලීමෙන් මතු අර්හත් ඵල ඉන්ද්රියය ඇතැයි දැන ගනියි. අර්හත්ඵලය තුළ ඵුස්සිත්‍වා විහරති යනු ප්රතිලාභ ලබා වාසය කරයි (යන අදහසයි) පඤ්ඤාය = ප්රත්යවේක්ෂා ප්‍රඥාවෙන් (නුවණින් සලකා බැලීමෙන්) අර්හත් ඵල ඉන්ද්රියය ඇතිවන්නේ යයි දැන ගනියි. නකුහිඤ්චි කිස්මිඤ්චි = මේ වචන දෙකම එකනෙකට යෙදිය හැකි වෙනත් වචනයන් වේ. (හෙවත් පර්යාය වචනයන් වේ) කිසියම් හෝ භවයෙක්හි නො උපදිත් යන අර්ථයයි. මේ සූත්‍රයෙහිදී ලෝකෝත්තර වූ ඉන්ද්රියයන් පහ ද, ලොව ඇසුරු කොට පවත්නා ලෞකික වූ ඉන්ද්රියයන් සය ද කියන ලද්දේය.
4-5. පදසුත්තාදිවණ්ණනා
4-5. පද ආදි සූත්‍ර වර්ණනා
චතුත්ථෙ යානි කානිචි පදානි බොධාය සංවත්තන්තීති යානි කානිචි ධම්මපදානි, යෙ කෙචි ධම්මකොට්ඨාසා, බුජ්ඣනත්ථාය සංවත්තන්ති. පඤ්චමං උත්තානමෙව.
සිවු වැන්නෙහි - යානි කානිචි පදානි බොධාය සංවත්තන්ති = යම් කිසි ධර්ම පද ද, යම් කිසි ධර්ම කොටස් ද වේ නම් ඒවා අවබෝධය සඳහා පවතී. පස්වැන්න පහසු වේ.
7. බ්රහ්මසුත්තවණ්ණනා
7. බ්‍රහ්ම සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ චිත්තං රක්ඛති ආසවෙසු ච සාසවෙසු ච ධම්මෙසූති තෙභූමකධම්මෙ ආරබ්භ ආසවුප්පත්තිං වාරෙන්තො ආසවෙසු ච සාසවෙසු ච ධම්මෙසු චිත්තං රක්ඛති නාම. සත්තමං උත්තානමෙව.
සය වැන්නෙහි - චිත්තං රක්ඛති ආසවෙසුච සාසවෙසුච ධම්මෙසු (කාමාවචර ආදී ත්‍රෛභූමක ධර්මයන් නිමිති කොට කෙලෙස් ඉපදීම වළක්වමින්, කෙලෙස්වලින් ද, කෙලෙස් සහිත ස්වභාවයන් වලින් සිත ආරක්ෂා කරන්නේ නම් වෙයි. සත්වැන්න පහසු වන්නේය.
8-10. සූකරඛතසුත්තාදිවණ්ණනා
8-10. සූකරඛත ආදි සූත්‍ර වර්ණනා
අට්ඨමෙ සූකරඛතායන්ති සූකරඛතලෙණෙ. කස්සපබුද්ධකාලෙ කිර තං ලෙණං එකස්මිං බුද්ධන්තරෙ පථවියා වඩ්ඪමානාය අන්තොභූමිගතං ජාතං. අථෙකදිවසං එකො සූකරො තස්ස ඡදනපරියන්තසමීපෙ පංසුං ඛණි. දෙවෙ වුට්ඨෙ පංසු ධොතා, ඡදනපරියන්තො පාකටො අහොසි. එකො වනචරකො දිස්වා “පුබ්බෙ සීලවන්තෙහි පරිභුත්තට්ඨානෙන භවිතබ්බං, පටිජග්ගිස්සාමි න”න්ති සමන්තතො පංසුං අපනෙත්වා ලෙණං සොධෙත්වා කුටිපරික්ඛෙපං කත්වා ද්වාරවාතපානං යොජෙත්වා සුපරිනිට්ඨිතසුධාකම්මචිත්තකම්මං රජතපට්ටසදිසාය වාලිකාය සන්ථරිතං පරිවෙණං කත්වා මඤ්චපීඨං පඤ්ඤාපෙත්වා භගවතො වසනත්ථාය අදාසි, ලෙණං ගම්භීරං අහොසි ඔතරිත්වා ආරුහිතබ්බං. තං සන්ධායෙතං වුත්තං. පරමනිපච්චකාරන්ති භාවනපුංසකං, පරමනිපච්චකාරී හුත්වා පවත්තමානො පවත්තතීති වුත්තං හොති. අනුත්තරං යොගක්ඛෙමන්ති අරහත්තං. සප්පතිස්සොති සජෙට්ඨකො. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
අට වැන්නෙහි - සූකර ඛතායං = ඌරන් විසින් සාදන ලද ලෙණෙහි. එක් බුද්ධාන්තර කාලයක් තුළ, පොළව වැඩෙමින් පවතින අතරතුර කාශ්‍යප බුද්ධ කාලයෙහි එම ලෙණ පොළව තුළට ඇතුල් විය. ඉක්බිති දිනක් එක්තරා ඌරෙක් ඌ විසු ආවරණ ස්ථානයේ කෙළවර ආසන්නයේ පස් සෑරුවේය. වැසි වට පසු පස් සේදී ගොස් ආවරණ ස්ථානයේ කෙළවර විවෘත වූයේය. වනයෙහි හැසිරෙන එක්තරා තැනැත්තෙක් එය දැක පෙර සිල්වතුන් විසින් පරිභෝග කරන ලද ස්ථානයක් විය යුතුයයි සිතා එය පිළිසරකර කරන්නෙමියි හාත්පසින් පස් ඉවත් කොට ලෙණ සෝදා කුටියෙහි රැකවරණ සිදු කොට දොර ජනෙල් යොදා, සුදු පිරියමින් ද, සිතුවමින්ද මනාව නිමවා රිදී පටකට සමවන සේ වැලි ඉස විහාර ස්ථානයක් කොට ඇඳ පුටු පනවා භාග්‍යවතුන් වහන්සේගේ වාසය සඳහා පුද කළේය. ලෙණ ගම්භීර විය. පහළට බැස ඉහළට නැගිය යුතුය. ඒ සඳහා මෙය කියන ලදී. පරමනිපච්චකාරං = භාවනපුංසක පදයකි. යම් සේ ඉතා යටහත්ව පවතීයයි කියන ලද්දේ වෙයි ද, එසේ පවතිමින් අනුත්තරං යොගක්ඛෙමං = රහත් බව සප්පතිසො = ජ්‍යෙෂ්ඨයකු සහිත සෙස්ස සියලු තැන්හි පහසු වේ.
සූකරඛතවග්ගො ඡට්ඨො.
සයවන සූකර ඛත වර්ගය නිමි.