මල‍්ලකසුත‍්තං
4. 6. 2.
4. 6. 2.
මල‍්ලකසුත‍්තං
මල්ලක සූත්‍රය
1736. එකං සමයං භගවා මල‍්ලකෙසු විහරති උරුවෙලකප‍්පං නාම මල‍්ලකානං නිගමො. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: යාව කීවඤ‍්ච භික‍්ඛවෙ, අරියසාවකස‍්ස අරියං ඤාණං නූප‍්පන‍්නං හොති නෙව තාව චතුන‍්නං ඉන්‍ද්‍රියානං සණ‍්ඨිති හොති, නෙව තාව චතුන‍්නං ඉන්‍ද්‍රියානං අවට‍්ඨිති හොති. යතො ච ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස අරියඤාණං උප‍්පන‍්නං හොති, අථ චතුන‍්නං ඉන්‍ද්‍රියානං සණ‍්ඨිති හොති, අථ චතුන‍්නං ඉන්‍ද්‍රියානං අවට‍්ඨිති හොති.
1736. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලකදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලකයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, අරීසවුහට යම්තාක් අරීනැණ නූපන්නේ වේ නම් ඒ තාක් සිවු ඉඳුරන්ගේ නො ම පිඬු වී සිටීම වේ. ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම බැසගෙන සිටීම වේ. මහණෙනි, යම්කලෙක අරීසවුහට අරීනැණ උපන්නේ වේ නම් එකල සිවුඉඳුරන්ගේ පිඬුවී සිටීම වේ. එකල සිවුඉඳුරන්ගේ බැසගෙන සිටීම වේ.
සෙය්‍යථාපි භික‍්ඛවෙ, යාවකීවඤ‍්ච කූටාගාරස‍්ස කූටං න උස‍්සිතං හොති, නෙව තාව ගොපානසීනං සණ‍්ඨිති හොති, නෙව තාව ගොපානසීනං අවට‍්ඨිති හොති. යතො ච ඛො භික‍්ඛවෙ, කූටාගාරස‍්ස කූටං උස‍්සිතං හොති, අථ ඛො ගොපානසීනං සණ‍්ඨිති හොති, අථ ඛො ගොපානසීනං අවට‍්ඨිති හොති. එවමෙව ඛො භික‍්ඛවෙ, යාවකීවඤ‍්ච අරියසාවකස‍්ස අරියඤාණං න උප‍්පන‍්නං හොති, නෙව තාව චතුන‍්නං ඉන්‍ද්‍රියානං සණ‍්ඨිති හොති, නෙව තාව චතුන‍්නං ඉන්‍ද්‍රියානං අවට‍්ඨිති හොති. යතො ච ඛො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස අරියඤාණං උප‍්පන‍්නං හොති, අථ චතුන‍්නං ඉන්‍ද්‍රියානං සණ‍්ඨිති හොති, අථ චතුන‍්නං ඉන්‍ද්‍රියානං අවට‍්ඨිති හොති. කතමෙසං චතුන‍්නං: සද‍්ධින්‍ද්‍රියස‍්ස, විරියින්‍ද්‍රියස‍්ස, සතින්‍ද්‍රියස‍්ස, සමාධින්‍ද්‍රියස‍්ස. පඤ‍්ඤවතො භික‍්ඛවෙ, අරියසාවකස‍්ස තදන්‍වයා සද‍්ධා සණ‍්ඨාති, තදන්‍වයං විරියං සණ‍්ඨාති, තදන්‍වයා සති සණ‍්ඨාති, තදන්‍වයො සමාධි සණ‍්ඨාතීති.
මහණෙනි, යම්සේ කුළුගෙහි කැණිමඩල යම් තාක් නොඔසවන ලද්දේ වේ නම් ඒ තාක් ගොනැසුන්ගේ නො ම පිඬුවී සිටීම වේ. ඒ තාක් ගොනැසුන්ගේ කුළෙහි පිවිස සිටීම නො ම වේ. මහණෙනි, යම් කලෙක කුළුගෙහි කැණිමඩල ඔසවන ලද්දේ වේ නම් එකල ගොනැසුන්ගේ පිඬු වී සිටීම වේ. එකල ගොනැසුන්ගේ පිවිස සිටීම වේ. මහණෙනි, එසෙයින්ම යම් තාක් අරීසවුහට අරීනැණ නූපන්නේ වේ නම් ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම පිඬු වී සිටීම වේ. ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම බැසගෙන සිටීම වේ. මහණෙනි, යම්කලෙක අරීසවුහට අරීනැණ උපන්නේ වේ නම් එකල සිවු ඉඳුරන්ගේ පිඬුවී සිටීම වේ. එකල සිවුඉඳුරන්ගේ බැසගෙන සිටීම වේ. කවර සිවුඉඳුරන්ගේ ද යත්: සද්ධින්‍ද්‍රියයේත් විරියින්‍ද්‍රියයේත් සතින්‍ද්‍රියයේත් සමාධින්‍ද්‍රියයේත් ය. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ සිටී. ඒ අනුව යන වෙර සිටී. ඒ අනුව යන සිහිය සිටී. ඒ අනුව යන සමාධිය සිටී”යි.