යෙදුමෙන් කියවන්න

සෙඛසුත‍්තං

4. 6. 3.

4. 6. 3.

සෙඛසුත‍්තං

සේඛ සූත්‍රය

1737. එකං සමයං භගවා කොසම‍්බියං විහරති ඝොසිතාරාමෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි: අත්‍ථි නු ඛො භික‍්ඛවෙ, පරියායො: යං පරියායං ආගම‍්ම සෙඛො භික‍්ඛු සෙඛභූමියං ඨිතො සෙඛො’ස‍්මීති පජානෙය්‍ය, අසෙඛො භික‍්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛො’ස‍්මීති පජානෙය්‍යා’ති. භගවම‍්මූලකා නො භන‍්තෙ, ධම‍්මා -පෙ- අත්‍ථි භික‍්ඛවෙ, පරියායො: යං පරියායං ආගම‍්ම සෙඛො භික‍්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස‍්මී’ති පජානෙය්‍ය, අසෙඛො භික‍්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛොස‍්මී’ති පජානෙය්‍ය. කතමො ච භික‍්ඛවෙ, පරියායො, යං පරියායං ආගම‍්ම සෙඛො භික‍්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස‍්මී’ති පජානාති? ඉධ භික‍්ඛවෙ, සෙඛො භික‍්ඛු ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පජානාති, අයං දුක‍්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක‍්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. අයම‍්පි ඛො භික‍්ඛවෙ, පරියායො, යං පරියායං ආගම‍්ම සෙඛො භික‍්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස‍්මී’ති පජානාති.

1737. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගනී නම් ඒ නය කවරේද යත්: මහණෙනි, මෙහි සේඛමහණතෙමේ මේ දුකැයි තතුසේ දනී. මේ දුක් හටගැනීමැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැයි තතුසේ දනී. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමියි දැනගනී නම් මෙ ද නයෙකි.

පුන චපරං භික‍්ඛවෙ, සෙඛො භික‍්ඛු ඉති පටිසඤ‍්චික‍්ඛති: අත්‍ථි නු ඛො ඉතො බහිද‍්ධා අඤ‍්ඤො සමණො වා බ්‍රාහ‍්මණො වා යො එවං භූතං තච‍්ඡං තථා ධම‍්මං දෙසෙති, යථා භගවා’ති. සො එවං පජානාති: නත්‍ථි ඉතො බහිද‍්ධා අඤ‍්ඤො සමණො වා බ්‍රාහ‍්මණො වා යො එවං භූතං තච‍්ඡං තථා ධම‍්මං දෙසෙති, යථා භගවා’ති. අයම‍්පි ඛො භික‍්ඛවෙ, පරියායො: යං පරියායං ආගම‍්ම සෙඛො භික‍්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස‍්මී”ති පජානාති.

මහණෙනි, නැවත අනෙකක්ද කියමි. සේඛ මහණ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. “යමෙක් භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදුවූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් පිටත ඇද්දෝ යි හෙතෙමේ මෙසේ දැනගනී: යමෙක් භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදු වූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් බැහැරනැතැ’යි. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සේඛ බිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.

පුන චපරං භික‍්ඛවෙ, සෙඛො භික‍්ඛු පඤ‍්චින්‍ද්‍රියානි පජානාති: සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං, යංගතිකානි යංපරමානි යංබලානි යංපරියොසානානි, නහෙව ඛො කායෙන ඵුසිත්‍වා විහරති, පඤ‍්ඤාය ච අතිවිජ‍්ඣ පස‍්සති. අයම‍්පි ඛො භික‍්ඛවෙ, පරියායො: යං පරියායං ආගම‍්ම සෙඛො භික‍්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස‍්මී’ති පජානාති.

මහණෙනි, නැවත අනෙකක්ද කියමි: සේඛ මහණ යමක් ස්වභාව කොට ඇති යමක් පරම කොට ඇති යමක් බල කොට ඇති යමක් කෙළවර කොට ඇති සද්ධින්‍ද්‍රියය විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රියය යන පසිඳුරන් දනී ද. නාමකයින් පැහැස නො ම වෙසේ ද. පස්විකුම් නුවණින් පිළිවිද දකී ද. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.

කතමො ච භික‍්ඛවෙ, පරියායො, යං පරියායං ආගම‍්ම අසෙඛො භික‍්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛොස‍්මී’ති පජානාති? ඉධ භික‍්ඛවෙ, අසෙඛො භික‍්ඛු පඤ‍්චින්‍ද්‍රියානි පජානාති සද‍්ධින්‍ද්‍රියං -පෙ- පඤ‍්ඤින්‍ද්‍රියං යංගතිකානි යංපරමානි යංබලානි යංපරියොසානානි. කායෙන ච ඵුසිත්‍වා විහරති, පඤ‍්ඤාය ච අතිවිජ‍්ඣ පස‍්සති. අයම‍්පි ඛො භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම අසෙඛො භික‍්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛොස‍්මී’ති පජානාති.

මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, මෙහි අසේඛ මහණ යමක් ස්වභාව කොට ඇති යමක් පරම කොට ඇති යමක් බල කොට ඇති යමක් කෙළවර කොට ඇති සද්ධින්‍ද්‍රියය ... පඤ්ඤින්‍ද්‍රියය යන පසිඳුරන් දනී ද. නාමකයිනුදු පැහැස වෙසේ ද. පස්විකුම් නුවණිනුදු පිළිවිද දකී ද. මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් මෙ ද නයෙකි.

පුන චපරං භික‍්ඛවෙ, අසෙඛො භික‍්ඛු ඡ ඉන්‍ද්‍රියානි පජානාති. චක‍්ඛුන්‍ද්‍රියං, සොතින්‍ද්‍රියං, ඝානින්‍ද්‍රියං, ජිව‍්හින්‍ද්‍රියං, කායින්‍ද්‍රියං, මනින්‍ද්‍රියං, ඉමානි ඡ ඉන්‍ද්‍රියානි සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අපරිසෙසං නිරුජ‍්ඣන‍්ති. අඤ‍්ඤානි ඡ ඉන්‍ද්‍රියානි න කුහිඤ‍්චි කිස‍්මිඤ‍්චි උප‍්පජ‍්ජිස‍්සන‍්තී’ති පජානාති. අයම‍්පි ඛො භික‍්ඛවෙ, පරියායො යං පරියායං ආගම‍්ම අසෙඛො භික‍්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛොස‍්මී’ති පජානාතීති.

මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අසේඛ මහණ තෙමේ චක්ඛුන්‍ද්‍රියය සෝතින්‍ද්‍රියය ඝානින්‍ද්‍රියය ජිව්හින්‍ද්‍රියය කායින්‍ද්‍රියය මනින්‍ද්‍රියය යන සඉඳුරන් දනී. මේ සඉඳුරෝ මුළුමනින් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. අන් සඉඳුරු කෙනෙක් කොහි වත් කොතැනෙක වත් නූපදනාහයි දනී. මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් මෙ ද නයෙකි යි.