පදසුත්තං
4. 6. 4.
4. 6. 4.
පදසුත්තං
පද සූත්රය
1738. සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගමානං පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන. එවමෙව ඛො භික්ඛවෙ, යානි කානිචි පදානි බොධාය සංවත්තන්ති, පඤ්ඤින්ද්රියං පදං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධාය. කතමානි ච භික්ඛවෙ, පදානි බොධාය සංවත්තන්ති: සද්ධින්ද්රියං භික්ඛවෙ පදං, තං බොධාය සංවත්තති. විරියින්ද්රියං පදං, තං බොධාය සංවත්තති. සතින්ද්රියං පදං, තං බොධාය සංවත්තති. සමාධින්ද්රියං පදං, තං බොධාය සංවත්තති. පඤ්ඤින්ද්රියං පදං, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගමානං පාණානං පදජාතානි සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති. හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති. යදිදං මහන්තත්තෙන. එවමෙව ඛො භික්ඛවෙ, යානි කානිචි පදානි බොධාය සංවත්තන්ති. පඤ්ඤින්ද්රියං පදං තෙසං අග්ගමක්ඛායති. යදිදං බොධායාති.
1738. මහණෙනි, යම්යේ යම්කිසි ජඞ්ගමප්රාණීන්ගේ පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. ඇත් පියවර මහත්බැවින් ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්ද්රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන් ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, කවර දහම්පද අවබෝධ පිණිස පවතී ද යත්: මහණෙනි, සද්ධින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සතින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්ද්රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, ජඞ්ගමප්රාණීන්ගේ යම්කිසි පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. මහත් බැවින් ඇත්පියවර ඔවුන්ට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්ද්රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ යි.