සාරසුත්තං
4. 6. 5.
4. 6. 5.
සාරසුත්තං
සාර සූත්රය
1739. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධායාති.
1739. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්ද්රිය ... සතින්ද්රිය ... සමාධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්ද්රිය ඔවුනට අග්ර ය යි කියනු ලැබේ යි.
4. 6. 6.
4. 6. 6.
පතිට්ඨිතසුත්තං
පතිට්ඨිත සූත්රය
1740. සාවත්ථියං:
1740. සැවැත්නුවර:
එකධම්මෙ පතිට්ඨිතස්ස භික්ඛවෙ, භික්ඛුනො පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි. කතමස්මිං එකධම්මෙ: අප්පමාදෙ.... කතමො ච භික්ඛවෙ, අප්පමාදො. ඉධ භික්ඛවෙ, භික්ඛු චිත්තං රක්ඛති ආසවෙසු ච සාසවෙසු ච ධම්මෙසු. තස්මිං චිත්තං රක්ඛතො ආසවෙසු ච සාසවෙසු ච ධම්මෙසු සද්ධින්ද්රියම්පි භාවනාපාරිපූරිං ගච්ඡති. විරියින්ද්රියම්පි -පෙ- සතින්ද්රියම්පි -පෙ- සමාධින්ද්රියම්පි -පෙ- පඤ්ඤින්ද්රියම්පි භාවනාපාරිපූරිං ගච්ඡති. එවං ඛො භික්ඛවෙ, එකධම්මෙ පතිට්ඨිතස්ස භික්ඛුනො පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානීති.
මහණෙනි, එක්දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති. කවර එක් දහමෙක ද යත්: නොපමාවෙහි ය. මහණෙනි, නොපමාව කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ ආස්රව වූ ද සාස්රව වූ ද දහම් නිමිති කොට සිත රකී. ආස්රව වූ ද සාස්රව වූ ද දහම් නිමිති කොට සිත රක්නා ඔහුගේ සද්ධින්ද්රිය ද වැඩීමෙන් පිරීමට යේ. විරියින්ද්රිය ද ... සතින්ද්රිය ද ... සමාධින්ද්රිය ද ... පඤ්ඤින්ද්රිය ද වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, මෙසේ එක් දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති යි.