බ්රහ්මසුත්තං
4. 6. 7.
4. 6. 7.
බ්රහ්මසුත්තං
බ්‍රහ්ම සූත්‍රය
1741. එවං මෙ සුතං, එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසොපරිවිතක්කො උදපාදි: පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති අමතපරායනානි අමතපරියොසානානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. ඉමානි පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති අමතපරායනානි අමතපරියොසානානී”ති.
1741. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙත භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල්නුගරුක් මුල්හි වැඩවසන සේක. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය: “පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්ද්රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. විරියින්ද්රිය ... සතින්ද්රිය ... සමාධින්ද්රිය ... පඤ්ඤින්ද්රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති” යි.
අථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: එවමෙතං භගවා, එවමෙතං සුගත, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති, අමතපරායනානි අමතපරියොසානානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති, අමතපරායනං අමතපරියොසානං. ඉමානි පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති අමතපරායනානි අමතපරියොසානානි.
එකල්හි සහම්පතී බ්‍රහ්ම තෙමේ සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළන්නේ හෝ වේ ද. එසෙයින් ම බඔලොව අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද: සද්ධින්ද්රිය වඩන ලදුයේ බහුල කරන ලදුයේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්ද්රිය වඩන ලදුයේ බහුල කරන ලදුයේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති.
භූතපුබ්බාහං භන්තෙ, කස්සපෙ සම්මාසම්බුද්ධෙ බ්රහ්මචරියං අචරිං. තත්ර’පි මං එවං ජානන්ති: “සහකො භික්ඛු, සහකො භික්ඛූ”ති. සො ඛො’හං භන්තෙ, ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං බ්රහ්මලොකං උපපන්නො. තත්ර’පි මං එවං ජානන්ති “බ්රහ්මා සහම්පති, බ්රහ්මා සහම්පතී”ති. එවමෙතං භගවා, එවමෙතං සුගත, අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි. යථා ඉමානි පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති අමතපරායනානි අමතපරියොසානානීති.
වහන්ස, පෙර මම කසුප් සම්මාසම්බුදුන් කෙරෙහි බඹසර කෙළෙමි. එහි දු මා “සහක මහණ සහක මහණැ”යි මෙසේ දනිත්. වහන්ස, ඒ මම මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් කාමයන්හි කාමච්ඡන්දය දුරු කොට කාබුන් මරණින් මතු සෝභන ගති ඇති බඹලොවට පැමිණියෙමි. එහි දු මා “සහම්පති බඹ, සහම්පති බඹැ”යි මෙසේ දනිත්. භාග්‍යවතුන් වහන්ස: එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු යම්සේ නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත් නම් මම මෙය දනිමි. මම මෙය දකිමි” යි.