සූකරඛතසුත්තං
4. 6. 8.
4. 6. 8.
සූකරඛතසුත්තං
සූකරඛත සූත්‍රය
1742. එවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ සූකරඛතායං. තත්ර ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: “කින්නු ඛො සාරිපුත්ත, අත්ථවසං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතී”ති? අනුත්තරං හි භන්තෙ, යොගක්ඛෙමං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති.
1742. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, රහත් මහණ කුමන කරුණක් දකිමින් තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී දැ යි වහන්ස, අනුත්තර වූ අර්හත්වය දකිමින් රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී යි.
සාධු, සාධු, සාරිපුත්ත, අනුත්තරං හි සාරිපුත්ත, යොගක්ඛෙමං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තති. කතමො ච සාරිපුත්ත, අනුත්තරො යොගක්ඛෙමො, යං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති. ඉධ භන්තෙ, ඛීණාසවො භික්ඛු සද්ධින්ද්රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං, විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ-
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, අනුත්තර වූ රහත් බව දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් ඒ අනුත්තර වූ රහත් බව කවරේ දැ යි වහන්ස, මෙහි රහත් මහණ සන්හිඳීමට යනසුලු කොට සම්බෝධියට යනසුලු කොට සද්ධින්ද්රිය වඩයි ... විරියින්ද්රිය ... සතින්ද්රිය ... සමාධින්ද්රිය වඩයි.
පඤ්ඤින්ද්රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. අයං ඛො භන්තෙ, අනුත්තරො යොගක්ඛෙමො යං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති.
සන්හිඳීමට යනසුලු කොට පඤ්ඤින්ද්රිය වඩයි. වහන්ස, රහත් මහණ තෙමේ යමක් දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් මේ (ඒ) අනුත්තර වූ රහත් බවයි.
සාධු, සාධු, සාරිපුත්ත, එසො හි සාරිපුත්ත, අනුත්තරො යොගක්ඛෙමො යං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තති. කතමො ච සාරිපුත්ත, පරමනිපච්චකාරො යං ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති. ඉධ භන්තෙ, ඛීණාසවො භික්ඛු සත්ථරි සගාරවො විහරති සප්පතිස්සො. ධම්මෙ සගාරවො විහරති සප්පතිස්සො. සඞ්ඝෙ සගාරවො විහරති සප්පතිස්සො. සික්ඛාය සගාරවො විහරති සප්පතිස්සො. සමාධිස්මිං සගාරවො විහරති සප්පතිස්සො. අයං ඛො භන්තෙ, පරමනිපච්චකාරො යං ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් මේ ඒ අනුත්තර වූ රහත්බව යි. සාරිපුත්ත, රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටත්බවක් පවත්වන්නේ පවතී නම් ඒ ඉතා යටත්බව කවරේ දැ යි. වහන්ස, මෙහි රහත් මහණ තෙමේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. ධර්මය කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. ශික්ෂායෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. සමාධියෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. වහන්ස, රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටත් බවක් පවත්වමින් පවතී නම් මේ ඒ ඉතා යටහත් බව යි.
සාධු, සාධු, සාරිපුත්ත, එසො හි සාරිපුත්ත, පරමනිපච්චකාරො යං ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තයමානො පවත්තතීති.
සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටහත් බවක් පවත්වමින් පවතී නම් මේ ඒ ඉතා යටහත් බව යි.