යෙදුමෙන් කියවන්න

දුච‍්චරිතසුත‍්තං

3. 5. 7.

3. 5. 7.

දුච‍්චරිතසුත‍්තං

දුච්චරිත සූත්‍රය

1225. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු යෙන භගවා තෙනුපසඞ‍්කමි -පෙ- එකමන‍්තං නිසින‍්නො ඛො සො භික‍්ඛු භගවන‍්තං එතදවොච: “සාධු මෙ භන‍්තෙ, භගවා සඞ‍්ඛිත‍්තෙන ධම‍්මං දෙසෙතු, යමහං භගවතො ධම‍්මං සුත්‍වා එකො වූපකට‍්ඨො අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරෙය්‍යන‍්ති.”

1225. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් කාදිවිදෙක්හි නිරපේක්‍ෂකයෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවි” යි.

තස‍්මාතිහ ත්‍වං භික‍්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම‍්මෙසු: කො ච ආදි කුසලානං ධම‍්මානං. ඉධ ත්‍වං භික‍්ඛු, කායදුච‍්චරිතං පහාය කායසුචරිතං භාවෙස‍්සසි. වචීදුච‍්චරිතං පහාය වචීසුචරිතං භාවෙස‍්සසි. මනොදුච‍්චරිතං පහාය මනොසුචරිතං භාවෙස‍්සසි. යතො ඛො ත්‍වං භික‍්ඛු, කායදුච‍්චරිතං පහාය කායසුචරිතං භාවෙස‍්සසි, වචීදුච‍්චරිතං පහාය වචීසුචරිතං භාවෙස‍්සසි, මනොදුච‍්චරිතං පහාය මනොසුචරිතං භාවෙස‍්සසි, තතො ත්‍වං භික‍්ඛු, සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය චත‍්තාරො සතිපට‍්ඨානෙ භාවෙය්‍යාසි. කතමෙ චත‍්තාරො: ඉධ ත්‍වං භික‍්ඛු, කායෙ කායානුපස‍්සී විහරාහි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරාහි ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. යතො ඛො ත්‍වං භික‍්ඛු, සීලං නිස‍්සාය සීලෙ පතිට‍්ඨාය ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ එවං භාවෙස‍්සසි, තතො තුය‍්හං භික‍්ඛු, යා රත‍්ති වා දිවසො වා ආගමිස‍්සති වුද‍්ධි යෙව පාටිකඞ‍්ඛා කුසලෙසු ධම‍්මෙසු නො පරිහානීති. -පෙ- අඤ‍්ඤතරො ච පන සො භික‍්ඛු අරහතං අහොසීති.

මහණ, එසේ නම් තෙපි මෙහිලා කුසල්දම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ මෙහි තෙපි කාය දුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු. මනෝ දුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු. මහණ, තෙපි යම් කලෙක කායදුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු නම් වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු නම් මනෝදුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු නම් මහණ, එකල්හි තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩන්නහු. කවර සිවුසීවටන්හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, තෙපි යම් කලෙක සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු ද; මහණ, එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි පිරිහීමෙක් නොව වැඩීමෙක්ම කැමති විය යුතුයි ... ඒ මහණ ද රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.