මිත‍්තසුත‍්තං
3. 5. 8.
3. 5. 8.
මිත‍්තසුත‍්තං
මිත්ත සූත්‍රය
1226. යෙ භික‍්ඛවෙ, අනුකම‍්පෙය්‍යාථ, යෙ ච සොතබ‍්බං මඤ‍්ඤෙය්‍යුං, මිත‍්තා වා අමච‍්චා වා ඤාතී වා සාලොහිතා වා, තෙ වො භික‍්ඛවෙ, චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනාය සමාදපෙතබ‍්බා, නිවෙසෙතබ‍්බා, පතිට‍්ඨාපෙතබ‍්බා. කතමෙසං චතුන‍්නං: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. යෙ භික‍්ඛවෙ, අනුකම‍්පෙය්‍යාථ, යෙ ච සොතබ‍්බං මඤ‍්ඤෙය්‍යුං, මිත‍්තා වා අමච‍්චා වා ඤාතී වා සාලොහිතා වා තෙ වො භික‍්ඛවෙ, ඉමෙසං චතුන‍්නං සතිපට‍්ඨානානං භාවනාය සමාදපෙතබ‍්බා, නිවෙසෙතබ‍්බා, පතිට‍්ඨාපෙතබ‍්බාති.
1226. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති (යහළු) වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනෙක් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතු හ. වැස් විය යුතු හ. පිහිටු විය යුතු හ. කවර සිවුසීවටන් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනකුත් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතුහ. වැස්විය යුතුහ. පිහිටු විය යුතුහ යි.
3. 5. 9.
3. 5. 9.
වෙදනාසුත‍්තං
වේදනා සූත්‍රය
1227. තිස‍්සො ඉමා භික‍්ඛවෙ, වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික‍්ඛවෙ, තිස‍්සො වෙදනා. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං වෙදනානං පරිඤ‍්ඤාය චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී -පෙ- වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමාසං ඛො භික‍්ඛවෙ, තිස‍්සන‍්නං වෙදනානං පරිඤ‍්ඤාය ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.
1227. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන්වේදනාවෝයි. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සිවුසීවටන්හුද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන්හු වැඩිය යුතුහ යි.
3. 5. 10.
3. 5. 10.
ආසවසුත‍්තං
ආසව සූත්‍රය
1228. තයො’මෙ භික‍්ඛවෙ ආසවා. කතමෙ තයො: කාමාසවො, භවාසවො, අවිජ‍්ජාසවො. ඉමෙ ඛො භික‍්ඛවෙ, තයො ආසවා. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං ආසවානං පහානාය චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛො භික‍්ඛවෙ, තිණ‍්ණන‍්නං ආසවානං පහානාය ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානා භාවෙතබ‍්බාති.
1228. මහණෙනි, මේ ආස්‍රව තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රව තුන යි. මහණෙනි, මේ ආස්‍රව තුන පැහීම පිණිස සතිපට්ඨාන සතර වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ආස්‍රව තුන පැහීම පිණිස මේ සතිපට්ඨාන සතර වැඩිය යුතු යි.
අමතවග‍්ගො පඤ‍්චමො.
පස්වැනි අමත වර්‍ග යි.
තත්‍රුද‍්දානං:
එහි සූත්‍රනාමාවලිය:
අමතං සමුදයො මග‍්ගො සතො කුසලරාසි ච, පාතිමොක‍්ඛං දුච‍්චරිතං මිත‍්තො වෙදනා’සවෙනාති.
අමත, සමුදය, මග්ග, සතෝ, කුසලරාසි, පාතිමොක්ඛ, දුච්චරිත, මිත්ත, වේදනා, ආසව යී දශසූත්‍රාන්තකෙනෙකි යි.