පාතිමොක්ඛසුත්තං
3. 5. 6.
3. 5. 6.
පාතිමොක්ඛසුත්තං
පාතිමොක්ඛ සූත්‍රය
1224. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.”
1224. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්නේය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරනු මැනවි”’ යි.
තස්මාතිහ ත්වං භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො ච ආදි කුසලානං ධම්මානං: ඉධ ත්වං භික්ඛු, පාතිමොක්ඛසංවරසංවුතො විහරාහි ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛසි සික්ඛාපදෙසු. යතො ඛො ත්වං භික්ඛු, පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සසි ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛිසි සික්ඛාපදෙසු, තතො ත්වං භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සතිපට්ඨානෙ භාවෙය්යාසි. කතමෙ චත්තාරො: ඉධ ත්වං භික්ඛු, කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යතො ඛො ත්වං භික්ඛු, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙස්සසි, තතො තුය්හං භික්ඛු, යා රත්ති වා දිවසො වා ආගමිස්සති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු. නො පරිහානීති. අථ ඛො සො භික්ඛු භගවතො භාසිතං -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
මහණ, එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ තෙපි මෙහි ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙවු. සිඛපදෙහි සමාදන් ව හික්මෙවු. මහණ, යම්කලෙක තෙපි ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙන්නහු නම් සිඛපදෙහි සමාදන් ව හික්මෙවු නම් මහණ, එකල තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩාන්නහු. කවර සිවුසීවටන් හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, යම් කලෙක තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු නම් මහණ, එකල තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ ද, කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම නොකැමති විය යුතු. එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව ... ඒ මහණ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූහ යි.