යෙදුමෙන් කියවන්න

සතොසුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

3. 5. 4.

3. 5. 4.

සතොසුත‍්තං

සතෝ සූත්‍රය

1222. සතො භික‍්ඛවෙ, භික‍්ඛු විහරෙය්‍ය. අයං වො අම‍්හාකං අනුසාසනී. කථඤ‍්ච භික‍්ඛවෙ, භික‍්ඛු සතො හොති: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. එවං ඛො භික‍්ඛවෙ, භික‍්ඛු සතො හොති. සතො භික‍්ඛවෙ, භික‍්ඛු විහරෙය්‍ය. අයං වො අම‍්හාකං අනුසාසනීති.

1222. මහණෙනි. මහණ සිහි ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වේ. මහණෙනි, මහණ සිහි ඇතිව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.

3. 5. 5.

3. 5. 5.

කුසලරාසිසුත‍්තං

කුසලරාසි සූත්‍රය

1223. කුසලරාසීති භික‍්ඛවෙ, වදමානො චත‍්තාරො සතිපට‍්ඨානෙ සම‍්මාවදමානො වදෙය්‍ය. කෙවලො චායං භික‍්ඛවෙ, කුසලරාසි යදිදං චත‍්තාරො සතිපට‍්ඨානා. කතමෙ චත‍්තාරො: ඉධ භික‍්ඛවෙ, භික‍්ඛු කායෙ කායානුපස‍්සී -පෙ- වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. කුසලරාසීති භික‍්ඛවෙ, වදමානො ඉමෙ චත‍්තාරො සතිපට‍්ඨානෙ සම‍්මා වදමානො වදෙය්‍ය. කෙවලො හයං භික‍්ඛවෙ, කුසලරාසි. යදිදං චත‍්තාරො සතිපට‍්ඨානාති.

1223. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ සතිපට්ඨානසතර කියන්නේ ය. මහණෙනි, යම් මේ සතිපට්ඨාන සතරෙක් වේ නම් මෙය හුදු කුසල් රැසෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙ යි. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ සතරසතිපට්ඨාන කියන්නේය. මහණෙනි, යම් මේ සතිපට්ඨාන සතරෙක් වේ නම් මෙය හුදු කුසල් රැසෙකි යි.