යෙදුමෙන් කියවන්න

පදෙසසුත‍්තං

3. 3. 6.

3. 3. 6.

පදෙසසුත‍්තං

පදෙස සූත්‍රය

1204. එකං සමයං ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො ආයස‍්මා ච අනුරුද‍්ධො සාකෙතෙ විහරන‍්ති, කණ‍්ටකීවනෙ. අථ ඛො ආයස‍්මා ච සාරිපුත‍්තො ආයස‍්මා ච මහාමොග‍්ගල‍්ලානො සායන‍්හසමයං පටිසල‍්ලානා වුට‍්ඨිතා යෙනායස‍්මා අනුරුද‍්ධො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා ආයස‍්මතා අනුරුද‍්ධෙන සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. එකමන‍්තං නිසින‍්නො ඛො ආයස‍්මා සාරිපුත‍්තො ආයස‍්මන‍්තං අනුරුද‍්ධං එතදවොච: “සෙඛො සෙඛොති ආවුසො අනුරුද‍්ධ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො ආවුසො, සෙඛො හොතී”ති.

1204. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් සාකේතනුවර සමීපයෙහි කණ්ටකී වනයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, සේඛ ය සේඛ ය යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් සේඛ වේ දැ?” යි.

චතුන‍්නං ඛො ආවුසො, සතිපට‍්ඨානානං පදෙසං භාවිතත‍්තා සෙඛො හොති. කතමෙසං චතුන‍්නං: ඉධාවුසො භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං, වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා, විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං. ඉමෙසං ඛො ආවුසො චතුන‍්නං සතිපට‍්ඨානානං පදෙසං භාවිතත‍්තා සෙඛො හොතීති.

ඇවැත්නි, සිවු සීවටන් පිළිබඳ කොටසක් වැඩූ බැවින් සේඛ වෙයි. කවර සතරක ද? යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවු සීවටන් පිළිබඳ කොටසක් වැඩූ බැවින් සේඛ වේ යි.