බ්රාහ්මණසුත්තං
3. 3. 5.
3. 3. 5.
බ්රාහ්මණසුත්තං
බ්‍රාහ්මණ සූත්‍රය
1203. සාවත්ථියං:
1203. සැවැත්නුවර:
අථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “කො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති, කො පන භො ගොතම, හෙතු කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී”ති.
එකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ? යි.”
චතුන්නං ඛො බ්‍රාහ්මණ, සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. චතුන්නඤ්ච ඛො බ්‍රාහ්මණ, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොති. කතමෙසං චතුන්නං: “ඉධ බ්‍රාහ්මණ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො බ්‍රාහ්මණ, චතුන්නං සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. ඉමෙසඤ්ච ඛො බ්‍රාහ්මණ චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී”ති. එවං වුත්තෙ සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
බමුණ, සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වෙයි. බමුණ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: බමුණ, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. බමුණ, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික නො වෙයි. බමුණ, සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්මය චිරස්ථිතික වේ යි. මෙසේ වදාළ කල්හි ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකළේ ය; “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය (මා උවසුවකු කොට දරන සේක්වා)” යි.